@niwahalsithuwili: වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රිමා විතානව පැහැරගෙන යන්නේ 1988/10/22 දී, පැහැරගෙන ගිහින් දසවද දීලා ඇස් උගුල්ලලා යටිපතුල් පළලා ඔළුව දෙපැත්තට පරාල ඇණ දෙකක් ගහලා ඒ ඇණ වලට ලණුදාලා වාහනේක ගැට ගහලා පාර දිගේ ඇදගෙන ගිහින් මරා දැම්මට පස්සේ ඒ විකෘති වෙච්ච මුහුණ සහිත දේහයේ අවසන් කටයුතු සිද්ධ කරන්නේ 1988/10/31 දී, ඔහුව කුරිරු ලෙස ඝාතනය කරල දැන් අවුරුදු "35" කුත් ගෙවිලා.." ත්‍රිමා ඉපදෙන්නේ 1964/02/29.." අද ඔහු ජීවතුන් අතර හිටියා නම් මේ වන විට අවුරුදු 59 ක පරිණත වෛද්‍යවරයෙක්" බොහෝවිට විශේෂඥ වෛද්‍යවරයෙක්..." ත්‍රිමා වෙනුවෙන් වට රවුම් වල හදපු පිළිරූ නෑ.." ත්‍රිමා වෙනුවෙන් උද්‍යාන වල හදපු ස්මාරක නෑ.." ත්‍රිමා වෙනුවෙන් රූපවාහිනී නාලිකා වල ගුණානුස්මරණ වැඩසටහන් යන්නේ නෑ.." නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදපු ත්‍රීමා නමින් නම් කරපු ඉස්කෝල නෑ.." Google කරොත් පද්මසිරි ත්‍රීමාවිතානගේ photo කෑලි දෙකතුනක් විතරක් හොයාගන්න පුළුවන්.." නමුත්, ත්‍රිමාව කිසිම දවසක් හැබැහින් නොදැකපු ඒත් ත්‍රිමා රැකගන්න දිවි පුදපු නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු තරුණයෝ අද ත්‍රිමාගේ රූපය Artificial Intelligence(AI) තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කරනවා.." සිසු විරුවෝ ගැන කතා කරද්දී නිතර කියවෙන පාඨයක් තමයි, "ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ.." කියන පාඨය. ත්‍රිමා" ඔබ එදා උපනූපන් ලාංකීය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් හදවත තුළවූ අපිරිමිත ස්නේහයෙන් ඒ ම්ලේච්ඡයන් ඉදිරියේ අවසන් සුසුම් හෙළද්දී මව් කුසේවත් නොසිටිය උන් ඔබට පෙරලා ප්‍රේම කරනවා.." ඔබ ඔවුන්ට ප්‍රේම කළ තරම් නොවෙන්න පුළුවන්.." ඒත් උන් ඔබට ප්‍රේම කරනවා.." උන් ඒ හදන රූප ඔබේ සැබෑ රුවට ටිකක් දුර වෙන්න පුළුවන්.." ඒත් ත්‍රිමා සහෝදරයා.." උන් ඔබේ හදවතට හරි ළඟයි.."❤️ නිදහස් අධ්‍යාපනයට ජය.."👊 #respect #unsungheroes #freeeducation #hatsoff

නිවහල් සිතුවිලි
නිවහල් සිතුවිලි
Open In TikTok:
Region: LK
Monday 08 April 2024 13:22:51 GMT
316295
13273
702
929

Music

Download

Comments

deevanipathirana8
Deevani Pathirana812 :
අපි යන්නේ කොයි පාරේ..ත්‍රිමා වෙනුර ගිය පාරේ... නිදහස් අධ්‍යාපනයට ජය.💪💪
2024-04-09 17:46:45
261
kaushjwa2zr
0000 :
කවුද මැරුවේ
2024-04-10 11:30:55
1
himali.dilhani
Himali Dilhani :
ඒ කාලේ මතක් වෙනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා... හැන්දෑවේ 6 වෙනකොට අපි කැලේ පැනලා හැංගිලා පාන්දර ගෙදර ආවේ.. වැඩි දුර නෑ අපි එතකොට තලවතුගොඩ බත්තරමුල්ලේ තත්වේ.88/89 🥺🥺🥺🥺🥺🥺🥺🥺
2024-04-08 20:10:59
150
nima3557
nima🇱🇰🇨🇾🇬🇧🇯🇵😍😍😍😍😍 :
එයාල දිවි පිදුව ඒ අපරාද කරපු උන් රජ උනා 😥😥😥😥😥
2024-04-09 08:57:52
56
user54917897
user549178 :
JVP is a curse to this country and to the higher education
2024-04-10 12:16:25
27
subhanirenuka
subha :
හැමෝම ඒ කාලකන්නින්ට හෙන හත ඉල්ලන්න .එකක් හරි වදීවි 😭😭😭.....
2024-04-09 19:24:51
55
taehee9903
taehee🦄 :
ත්‍රිමා...🥺💪 හිටියා නම් අද වෛද්‍ය වරයෙක්..
2024-04-09 02:06:54
85
positive_barbie
Barbie NC ❤ :
🥺♥️විශ්වවිද්‍යාලවල විරුසිසු ගීතය කියනකොට මොහු ගැන කියවෙනවා. ඒත් ඒ තරම් කැපකිරීමක් කරන්න ලේසියෙන් කෙනෙක්ට බෑ.වෛද්‍ය පීඨයකට යන්න කොච්චර අමාරුද කියලා දන්නෙ ගිය කෙනෙක් හා යන්න උත්සාහ කල කෙනෙක් විතරයි.
2024-04-09 03:23:59
37
user3832908121523
Love moovie Life :
😭😭😭😭 රට ගොඩ ගන්න හිටිය රත්තරං මිනිස්සු...💖
2024-04-10 05:35:24
12
rithunisanasalagma
[email protected] :
ammmmmmo kohoma😢😢😢😢😢😢 iwassana athida දෙයියනේ paw😢😢😢😢😢
2024-04-08 14:55:04
14
dilashi.bandari
Dilashi Bandari :
අනේ...පවි ඇස්දෙකට කදුලු ආවා...🥺🥺🥺🥺🥺
2024-04-08 22:09:17
30
madhaviwasundara
MADHAVI 🌎🇱🇰 :
කියවන් යද්දි මාර වේදනාවක් එන්නෙ 🥺
2024-04-11 06:57:32
25
nilankakalubowila
Rosa :
ලස්සන දරැවෙක් පුතෙ ඔයා අද ඉදියන්ම ජිවිත කියක් ඔයා බේර ගෙනද
2024-04-09 19:28:37
6
user5398056555003
💖පුෂ්පා ජානකී ශ්‍රීලංක💖🇱🇰 :
අම්මෝ ඒ වගේ වේදනාවක් කොහොම ඉවසන් ඉන්න ඇතිද 😭😭😭😭😭😭
2024-04-13 12:10:33
4
dewgamage50
dewgamage50 :
අපේ කැම්පස් එකේ එයා 🥺😢 එයාට පිං සිද්ද වෙන්න අපි නිදහසේ ඉගෙන ගන්නවා අද 🥰
2024-04-10 14:53:09
20
susantha795
Susantha :
අනේ පව්
2024-04-13 18:19:51
1
heshitha_fernando
Heshitha fernando :
අද හිටියනම් දක්ෂ ඩොක්ටර් කෙනෙක්..❤
2024-04-13 02:31:30
4
user70454777908071
user7045477790807.. ලලනා :
එදා එහෙම උන බව මතක තියා ගෙන හෙට දිනයේ පරිස්සමින් සිතා බැලිය යුතුයි
2024-04-11 07:43:03
9
user1238341345054
Sandika Thilakarathna :
Ammo 😭😭😭😭
2024-04-09 14:36:50
1
krishirsh
Krishan :
උදේ හවා වන්දනා මාන කරන්ඩ වටින චරිත මේ…!!!❤️🙏
2024-04-13 21:10:38
8
shirankelaniyage
ෆලොව් බැක් දෙනව නිතැතින් :
ඒ අම්මලා කොහොම ඉවස ගත්තද මංදා
2024-04-11 10:11:41
9
aj.aaa7
ARJ :
ඇයි එයාට එහෙම කරේ 🥺
2024-04-10 03:44:33
1
anukachathu
Anuu :
මරන්න හේතුව මොකක්ද ඒවගේ වද දිලා
2024-04-09 15:14:32
0
udisani0
UL :
සොබාදහමේ සාධාරණයක් නැති ද ??
2024-04-12 08:56:43
1
kiseyu
Kimali :
😥😥එයා තමයි ඒකාලේ campus එකේ හිටිය දක්ශම කෙනා 😥
2024-04-09 17:49:05
2
To see more videos from user @niwahalsithuwili, please go to the Tikwm homepage.

Other Videos


About