@sijja96: කවුද මේ කියන ත්රීමා විතාරණ පද්මසිරි ති‍්‍රමාවිතාරණ දකුණේ අම්බලන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගණියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත්රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සඳහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වැඩ පිලිවලක් යටතේ රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක්‍රියාවලියේ අරමුණ විය. මේ ක්‍රියාවලියෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය මනාව තේරුම් ගත් ශිෂ්‍යයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. . පද්මසිරි ත්රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලුරේ ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝද 40 ලක්ෂයක ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ J. R ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත්රීමා විතාරණ, රංජිත් පෙරේරා, ඩී. ඩී. බන්දුවර්ධන යන සොයුරන් රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා ආණ්ඩුවේ මැරයින් විසින් පැහැර ගනු ලැබීය. පසුව අතිශය අමානුෂික ලෙස වද දී එදින රාත්‍රියේ දී ඔවුන් පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේච්ඡ ලෙස මරා දමා තිබුණි. මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේට ය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. කෙසේ වෙතත් වර්තමානයේ තරම් පුලුල් සන්නිවේදන තාක්ෂණයක් එකල නොමැති වීම නිසා අවාසනාවන්ත ලෙස නඩුව අවසානයේ ඔවුනට විරුද්ධව චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ අතර සුසන්ත පුංචිනිලමේ අතුලු චූදිතයෝ නිදහස් වූහ. උපුටා ගැනීමකි
SijjA
Region: LK
Wednesday 09 October 2024 13:58:13 GMT
Music
Download
Comments
Anuu :
සර් නිසයි මේ කතා ටික ඉස්ස්ර්ල්ලම දැනගත්තෙ 😥😥.ස්වභාව ධර්මය විසින් නාකියට දඬුවම් ලැබෙන දවස වැඩි ඈතක නෑ
2024-10-10 05:43:35
119
subodi :
ඒ ඇස් දිලිසෙනවා..බය කියනදේ ගෑවිලාවත් නෑ..ඔවුන් අපි අතරම ඇති 🥺
2024-10-10 06:38:27
28
user4083462843091 :
වෙනුර කියන්නෙ මගෙ බාප්ප කෙනෙක්
2024-10-10 17:26:53
26
liza :
ඔය නායකයා ඒක තමයි ඔච්චර ගාඩ් එක ඉල්ලන්නේ
2024-10-10 06:18:05
31
Nalika Pathirana :
ඇයි කලින් කිව්වෙ නැත්තෙ.
2024-10-13 00:47:11
1
Yasiru Chandupa :
සර් අපි දන්න තව එහෙම අය ඉන්නවා එයාලත් මැරුවෙ ඔහොම තමයි😢
2024-10-10 02:11:36
54
amila :
රනිල්
2024-10-09 18:25:08
6
nelum wijesooriya :
ඇත්තටම හරිම දුකයි මේවා අහද්දි දකිද්දි.😢😢😢🥺....
2024-10-09 21:47:04
43
pasindunawoda611 :
රනිල් මාමි ගෙ වැඩ තාමා 😂
2024-10-11 08:39:02
7
Malini Ranatunga :
මට ඒ කාලේ හොඳට මතකයි
2024-10-19 03:49:24
1
Maduranga Perera :
අද හිටියනම් ලංකාවේ ඉන්න ජේෂ්ඨම වෛද්‍යවරුන් තමයි..
2024-10-12 01:04:55
14
ginger :
May their beautiful souls rest in Peace 🙏🙏🙏❤️❤️❤️
2024-10-09 21:52:12
10
nandani :
අනේ පව් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
2024-10-10 14:52:57
7
chathu :
මුන් කරපු අපරාදේ අපි දන්නවා සර් ❤️
2024-10-10 02:01:33
32
suneth fdo :
රටට ආදරේ අනිවාර්යයෙන්ම ජිවත් වෙන්නම Ona මිනිස්සු පවු 😳🥲
2024-10-24 01:32:17
1
Nature lover ❤ 🌹🌴🌵🦢🍁 :
මේව ඇහුවම හදවත පිච්චෙනව.වැඩක් නෑ කියල🥺 , ස්වාභාදහමෙන් දඩුවම් ලැබෙයී කරපු අයට.
2024-10-10 16:10:24
6
තරූ❤️💛 :
පව්🥺
2024-10-15 05:02:28
2
pini :
පිලිම නෙලා නැති විරුවන් 💜
2024-10-12 08:36:26
6
samanperera720 :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
2024-10-10 04:42:49
10
user6710812098167 :
කතාව ඇත්ත
2024-10-10 10:43:18
4
Champa Millar :
🥲🥲🥲🥲🥲RW has to pay those back before he leaves this world.
2024-10-09 23:52:11
7
ifyousayso :
සමහර අයට පන පිටින් කන කපල ඔහුටම ගිල්ලවල තියනවා...කොහොම තියෙන්න ඇත්ද..
2024-10-12 15:23:12
7
madumadu5749 :
ඔබට යුක්තිය ඉටුවේවා,..,..🙏🙏🙏🙏
2024-10-10 20:11:30
6
Jaliya Hapu Arachchi :
සුසන්ත punchinilame kiyna ekada minimaruwa ethakota? ranilge අනින්?
2024-10-11 06:23:36
2
Nalin Thusitha :
නිවන් සුව සහොදරයා 🙏
2024-10-10 15:14:37
5
To see more videos from user @sijja96, please go to the Tikwm
homepage.