@happynahh1:

lyyyya
lyyyya
Open In TikTok:
Region: OM
Thursday 21 November 2024 07:04:15 GMT
4560
235
0
37

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @happynahh1, please go to the Tikwm homepage.

Other Videos

1505 දී ලංකාවට ආව පෘතුගීසීන් ගාලු නගරය ආශ්‍රිතව අලංකාර කොටුවක් නිර්මාණය කළා. ඉන් අනතුරුව ලංකාවට පැමිණි ලන්දේසීන් ගාලු කොටුව නවීකරණය කර එයට තවත් අංග එකතු කළා. 19 වන සියවසේ අවසානය වන විට ගාලු කොටුවේ ජීවත් වුණ බහුතරය ධනවත් සිංහල පවුල්.  මේ එක නිවසක, ඒ කාලයේ ප්‍රදේශයේ  ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වුණු කුලරත්නත්, ඔහුගේ බිරිඳ ලොරාත් ජීවත් වුණා. මුහුදු තීරයට මුහුණලා, පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබුණු එම දෙමහල් නිවසේ නම “සමුද්‍රසිරි” කුලරත්න වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට ඩේමන් ගාමිණී කුලරත්න නමින් පුතෙක් සිටියා. ඉගනීමට ඉතාමත් දක්ෂ වුණු ඩේමන්, සිය පියා අනුව යමින්  වෛද්‍යවරයෙකු බවට පත් වුණා. වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ දී කැකිරාව, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සේවය කළ ඩේමන් කුලරත්න වෛද්‍යවරයා පසුව සිය ගම් පළාත වුණු ගාල්ලට පැමිණියා. කොහොමත් මිල මුදල් තිබුණු පවුලකට අයත් ඩේමන්, ගාල්ලේ ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ තව තවත් ධනවත් වුණා.  ඔහුගේ අතිශය කාර්යබහුල ජීවිතය නිසා විවාහයට සුදුසු සහකාරියක් සොයාගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. තම පුත්‍රයාට – පවුලට ගැළපෙන තැනකින් කටයුත්තක් සෙවීම මව වූ ලෝරාට භාර වුණා. සිය මවට ඉතාම යටහත් සහ කීකරු පුතෙකු වූ ඩේමන්, මව ගෙනෙන ඕනෑම විවාහ යෝජනාවකට කැමැති බව දන්වා සිටියා. කළුතර විසූ ධනවතෙකු වුණු සී. ඊ. පෙරේරාට සිටි බාලම දියණිය වුණු සුසිලා පද්මිණී පෙරේරා, ඉතාම රූමත් තරුණියක්.  ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ කොළඹ බෞද්ධ කාන්තා විදුහලෙන් සිප් සතර හදාරා තිබූ ඇයව ඩේමන් ගාමිණී කුලරත්නට යෝජනා වෙනවා. ඒ අනුව1947 වසරේ සැප්තැම්බර් 28 වැනිදා ඩේමන් සහ පද්මිණී අතර විවාහය සිදු වුණා. විවාහ වුණු අවස්ථාවේ තරුණියගේ පියා දෑවැද්ද ලෙස රුපියල් 25000ක මුදලක්, කළුතරින් නිවාස 2ක්, ඇහැලියගොඩින් රබර් අක්කර 50ක්, සහ ඇඹිලිපිටියෙන් මැණික් ඉඩමක් මනාල පාර්ශවයට ලබා දුන් සඳහන්.  පළමු දරුවා ලැබෙන කාලය වනවිට ඔවුන් දෙදෙනා ඉතා ප්‍රීතිමත් සහ ප්‍රේමණීය යුවලක් ව සිටියා. වෛද්‍ය කුලරත්න සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඇමරිකාවට යන්නේ මේ අතරයි. සිය සැමියා ඇමරිකාව බලා ගිය නිසා පද්මිණී තම දරුවා ද රැගෙන දෙමාපියන්ගේ නිවසට ගියා. දෙවසරක් ඇමරිකාවේ ගතකර, තම පශ්චාත් උපාධිය සාර්ථකව නිමා කළ කුලරත්න ලංකාවට පැමිණි පසු, පද්මිණී යළිත් වරක් සමුද්‍රසිරි නිවසට ගියා.  මේ නිවසේ වෛද්‍යවරයාගේ මව වුණු ලෝරා මෙන්ම,  රොමියෙල්, බණ්ඩා, සොපියා, සිසිලින් යන මෙහෙකරුවන් ද වාසය කළා. මේ අතරතුර කුලරත්න යුවලට තවත් දරුවන් තිදෙනෙකු ලැබුණා. රූමත් හෙදියක් සහ කාර්යබහුල වෛද්‍යවරයෙක් 1960 දශකයේ වන විට කුලරත්න වෛද්‍යවරයා රජයේ සේවයෙන් ඉවත්වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර තිබුණා. මුල් කාලයේ එතරම් රෝගීන් පිරිසක් එහි නො ආවත්,  වෛද්‍ය කුලරත්න රෝගීන්ට හොඳින් ප්‍රතිකාර කරන බවට කීර්තිය පැතිර යාමත් සමඟ බෙහෙත් ශාලාවට එන රෝගීන් ප්‍රමාණය වැඩිවුණා. එබැවින් බෙහෙත් ශාලාවේ සේවය කිරීම සඳහා කෙනෙකු සොයාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කිරීමට වෛද්‍ය කුලරත්න කටයුතු කළා. ආරියවතී නම් ඉතාමත් රූමත් තරුණිය වෛද්‍ය කුලරත්නගේ බෙහෙත් ශාලාවේ සේවයට පැමිණෙන්නේ  එලෙස පළ වුණු පුවත්පත් දැන්වීම හරහායි. ආරියවතීගේ රූමත්කම නිසාම ඇයට වශී වුණු වෛද්‍ය කුලරත්න ටික කලකින්ම ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළා. ඔහු ඇයට ‘ආරියා’ සහ ‘ආරී’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ද පටන් ගත්තා. දිනක් පද්මිණී හදිසියේම බෙහෙත් ශාලාව වෙත යද්දී වෛද්‍ය කුලරත්න සහ ආරියවතී පමණට වඩා ළංවී සිටිනු දැකීමෙන් පද්මිණී මහත් කලකිරීමටත් කෝපයටත් පත්වුණා. “පවුල් කඩාකප්පල් කරන” කාන්තාවක් ලෙසට ආරියවතී හඳුන්වමින් පද්මිණී ඇයට බැණ වැදුණා. එම සිද්ධියෙන් පසුව කුලරත්න යුවල අතර නිතරම ගැටුම් හටගන්නට වුණා.  ගැටුම් ඇතිවුණු අවස්ථාවන්වල දී ඩේමන් කුලරත්නගේ මව, ආරියවතී වෙනුවෙන් පෙනී සිටීම නිසා පද්මිණී තවත් කෝපයට පත්වුණා. වෛද්‍යවරයාගේ රියදුරා වුණු රොමියෙල් මේ පවුලට ඉතා දැඩිව ආදරය කළ අයෙක්. මේ සිදුවීම්වලින් කම්පා වෙමින් සිටි ඔහු දිනක් ආරියවතීට බැණ වදිමින් පවසා තිබුණේ “මේ ලස්සන පවුල කඩා ඉහිරවන්නෙ නැතිව උඹ මෙහෙන් පලයන්” යයි පවසා තිබුණා. ආරියවතී එම සිද්ධිය පිළිබඳව වෛද්‍යවරයාට පැවසීමත් සමග රොමියෙල්ට රැකියාව අහිමිවුණා. මේ ගැටුම් දිනෙන් දින වැඩිවන විට ඇයට, මානසික රෝගයක් තිබෙන බව පවසා අංගොඩ යැවීමට වෛද්‍යවරයා උත්සහා කළා. නමුත් පද්මිණීගේ සොයුරිය එම අවස්ථාවේ පැමිණ ඇයව පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, එම වෛද්‍යවරයා විසින් පද්මිණී තදබල හිත් වේදනාවකින් පෙළුණත් ඇයට මානසික ආබාධයක් නොමැති බවට වාර්තාවක් ලබා දුන් හෙයින් එය ව්‍යර්ථ වී ගියා. ඉතිරි කොටස ඉදිරියට.....

About