@g.m.srilanka: #ලංකාව #කියන්නෙ පුංචි රටක් නෙවේ මිත්‍රයා♥️ 🇱🇰🇱🇰🇱🇰 ලස්සන සංස්කෘතියක්, ප්‍රෞඩ ඉතිහාසයක් වටිනාකම කියන්න බැරි තරම් පරිසර කලාපයන් ලෙන්ගතු මිනිස්සු පුදුමාකාර සත්ව සම්පත් පිරිච්ච අමුතම රටක්.මෙච්චර දේවල් පිරුණු රටවල් ලෝකේ කීයද ඇත්තෙ😍😍😍 දවසක ගිහින් බලන්නකො යාපහුව රාජදානිය බලන්න.අපේ රට ගැන වෙනස් විදිහට දැනෙයි🌹🌹🌹 යාපහුව ගැන මේ තොරතුරු දැනගෙන සිටියා ද? අපේ වැඩි දෙනෙක් පැරණි නටබුන් නැරඹීමට අනුරාධපුර, පොළොන්නරු යාමට කැමැතියි. ඒත් කොළඹට එතරම්ම දුර නොවන යාපහුවට ගියොත් ඉපැරණි රාජධානියක කදිම නටබුන් දැකබලා ගැනීමට පුළුවන්. ඒ වගේම එක්දිනකින් මේ චාරිකාව නිම කරන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් මේ පිළිබඳව නොදැනුවත් නිසා, යාපහුව ගැන මෙවන් ලිපියක් ඔබ වෙත ගෙන ආ යුතුයැ යි අප සිතුවා. යාපහුව පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙන වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථානය යි. යන්නේ කොහොම ද? කුරුණෑගල සිට ඇල්ල හරහා අනුරාධපුර පාරේ ගිහින් දළදාගම හන්දියෙන් හැරී කි. මී. 2ක් ගිය විට ළඟා වන්නේ මහව නගරයට යි. මහව සිට ගල්ටැම්වැව පාරේ තවත් කි. මී. 5ක් ගමන් කළ විට යාපහුව පර්වතය පාමුලට පැමිණිය හැකියි. ඉතිහාසය අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා. මේ රජුගෙන් පසුව ආර්යචක්‍රවර්ති නම් දකුණු ඉන්දීය ආක්‍රමණිකයා ලංකාව ආක්‍රමණය කරනවා. ඔහු යාපහුවට පැමිණ දළදා වහන්සේත් කොල්ලකාගෙන පඬි රටට අරන් යනවා. මේ අලංකාර රාජධානිය ඉන්පසු කැළෑවට යටවෙනවා. හැබැයි යාපහුව ඊට පෙරත් පාලන මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බව මහාවංශයේ සඳහන් වෙනවා. පොළොන්නරුවට කාලිංග මාඝ ආක්‍රමණ එල්ල වූ කාලයේ (13 සියවස) සුභ සෙනෙවියා මෙහි ආරක්ෂිත බලකොටුවක් තනා ප්‍රාදේශීය පාලනයක් ගෙන ගිහින් තිබෙනවා. ප්‍රාග් ඉතිහාසය මෙම ප්‍රදේශයේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඇදී යනවා. 2016 දී මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් යාපහුව පර්වතය පාමුල වනගත ගුහාවක කැණීම් කළා. එම කැණීම්වලින් හෙළිවූයේ මින් වසර 4000කට පෙර මධ්‍ය ශිලා යුග මානවයන් මෙහි ජීවත් වූ බව යි. ඔවුන් තිරිවානා සහ කහඳ ගල්වලින් කළ ආයුධ භාවිත කර තිබෙනවා. යාපහුවට කි. මී. 1ක් නුදුරින් පිහිටි පිංවැව ගල්සොහොන් කනත්ත ක්‍රි. පූ. 900-600 දක්වා යුගයකට අයත් මහා ශිලා සුසාන භූමියක්. මෙම සුසාන භූමියත් යාපහුවට පැමිණි විට ඔබට නැරඹීමට පුළුවන්. යාපහුව පර්වතය භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ පිංබිමක් බවටත් පත්වුණා. ක්‍රි. පූ. 2 සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි මේ පෙදෙසින් හමුවෙනවා. වනගතව පැවති මේ රාජධානිය ගැන ඉංග්‍රීසි පාලන යුගයේ දී නැවත අවධානයට ලක්වුණා. 1840 දී මේජර් පෝබ්ස් මේ නටබුන් ගැන සඳහන් කරනවා. 1910-11 වර්ෂවල දී පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් යාපහුව ගැන පුර්ණ ගවේෂණයක් කරනවා. යාපහුවේ නටබුන් නටබුන් ඇතුළු නුවර, පිටි නුවර, විසිතුරු සෝපානය සහ පර්වතය මත වශයෙන් වර්ග කර දැක්වීම නැරඹීමට පහසුවක්. යාපහුවට යන ඔබ පිටදිය අගල සහ ප්‍රාකාරය පසුකර පිවිසෙන්නේ ඇතුළු නුවරට යි. මේ ප්‍රාකාරය දිගින් කිලෝ මීටරයක් පමණ වෙනවා. මෙය උසින් අඩි 12ක් ද, පළලින් අඩි 7ක් ද වෙනවා. ප්‍රාකාරය මත අශ්වයෙකුට වුණත් ගමන් කළ හැකියි. ඊට මෙපිටින් ඇත්තේ දියඅගල යි. අද එය ගොඩ වී තිබුණත් වැසි සමයට ජලය පිරෙනවා. ඇතුළු නගර ප්‍රාකාරය සහ දියඅගල පිට නගර ප්‍රාකාරයට අමතරව වැඩි ආරක්ෂාවට එයට සමාන්තරව තවත් කොටු පවුරක් ඉදිකර තිබෙනවා. ඒ ඇතුළු නගර ප්‍රකාරය යි. දෙපසින් පර්වතයට සම්බන්ධ වන එය දිගින් අඩි 1000ක්. එය පාමුලින් තවත් දියඅගලක් පිහිටා තිබෙනවා. මෙම ප්‍රාකාරයෙන් ඇතුළු වන්නේ රාජකීය ගොඩනැගිලි පිහිටි තැනිබිමට යි. සභා ශාලාව යාපහුව පර්වතයට පිවිසෙන පියගැටපෙළ පාමුල වර්තමාන විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල අසල පිහිටා තිබෙන මෙය ගල්කණු සහිත ගොඩනැගිල්ලක්. රජ මාලිගය සභා ශාලාව අසලම පිහිටි ගොඩනැගිල්ලක් වන මෙය ආයත-චතුරස්‍රාකාර යි. බොරදමින් අලංකාර කළ ගඩොල් පාදමක් දැකගත හැකියි. මේ අසලම තවත් ගොඩනැගිලි දෙකක් ද පිහිටා තිබෙනවා. රජමහා විහාරය මෙහි ලෙන් විහාරයක් ද, දාගැබ සහ බෝධි වෘක්ෂය ඇතුළු අංග ද දක්නට පුළුවන්. ලෙන් විහාරය තුළ උඩරට සම්ප්‍රදායේ ප්‍රතිමා සහ බිතුසිතුවම් තිබෙනවා. වෙස්සන්තර ජාතකය, සූවිසි විවරණය, සත්සතිය ආදී සිත්තම් මෙහි නිර්මාණය කර තිබෙනවා. පිටි නුවර නටබුන් යාපහුව ගල්ටැම්වැව මාර්ගය සහ පර්වතය අතර මෙම තැනිතලා භූමි භාගය පිහිටා තිබෙනවා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ බංගලාපිටිය යනුවෙන්. මෙය පුරාණයේ රාජධානියට යාබදව පැවති විහාර සංකීර්ණයක් බව යි පේන්නේ. බෝධිඝරය ම
G. madushanka
Region: LK
Sunday 01 December 2024 08:51:31 GMT
Music
Download
Comments
ckenroy :
මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏 ඒක ඔප්පු වෙනවා ලගදිම ❤️
2024-12-14 16:40:00
11
madhushan (마두산)❤️ :
ගල්ගමුව කියන්නේ නිකන්ම නගරයක් නෙමේ,මේක වටේම තියනවා වටින තැන් ❤️
2024-12-27 14:10:03
2
divya sonali 🥰 :
මගේ රට තරම් දිව්‍ය ලොකයක් වෙන කොහෙද 🥰❤❤
2024-12-04 19:13:06
4
rumeshbandaranaya :
ලංකාව කියන්නෙ ප්‍රෙමානයෙන් උනත් පුංචි රටක් නෙවෙයි ඉස්සර අතීතයේ❤️❤️
2024-12-29 19:08:46
1
Ĵ 𝖆 𝖓 𝖆 🪬 :
ජය!
2024-12-28 16:29:48
1
indrjith :
උතුම් හෙළය නැවත පිබිදේවා ...
තෙරුවන් සරණයි ...
2025-01-02 16:02:53
1
CHOTI putha 😋❤️..... :
කොහෙද මේ
2024-12-05 18:04:17
1
madhushan (마두산)❤️ :
යාපහුව 💚
2024-12-27 14:09:11
2
Kasun Wickramarachchi :
🌺💐🌹💓🥰🌺💐🌹💓🥰
2024-12-06 05:58:43
1
user5215052283835 :
🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️👍🏻👍🏻
2025-01-12 12:11:50
1
Dhammika Dhammika :
♥️♥️♥️
2025-01-09 06:48:10
1
T . T . T 😘 :
🙏🙏🙏
2025-01-06 15:32:24
1
Ajith :
❤❤❤❤❤❤❤❤
2025-01-04 14:36:14
1
RpkSrimali Pathirana :
❤❤
2025-01-04 13:08:34
1
Kolin Disanayaka :
❤️❤️❤️
2024-12-28 08:12:16
1
Roshan Perera :
❤️❤️❤️❤️❤️❤️
2024-12-28 06:00:09
1
To see more videos from user @g.m.srilanka, please go to the Tikwm
homepage.