@melonharridge: මෙරට කෘතහස්ත දේශපාලනඥයකු, උගතකු, බුද්ධිමතකු මෙන්ම මහවැලිය යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ නිර්මාතෘවරයාද වූ ගාමිණී දිසානායක මහතා කොළඹ තොටළඟදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී අදට වසර තිහක් පමණ ගතවී ඇත. එම බෝම්බ ප්‍රහාරය මෙරට රාජ්‍ය නායකයන් වැඩිම පිරිසක් එකවර ඝාතනය කෙරුණු එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාර අතර ප්‍රමුඛස්ථානය ගත්තකි. 94 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් වූයේ අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා බණ්ඩාරනායකත් විපක්ෂ නායක ගාමිණී දිසානායකත්ය. එදා ගාමිණී දිසානායක ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සටන ඉතා සාර්ථකව ඉදිරියට ගිය අතර 94 නොවැම්බරයේ කොළඹ තොටළඟ එජාපයේ රැස්වීම අමතමින් සිටි අවස්ථාවක ඝාතනය විය. ඒ ප්‍රභාකරන්ගේ නියෝගයක් මත කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝබ්බකරුවකු හරහා බෝම්බයක් පුපුරුවා ගාමිණී දිසානායක, ඔසී අබේගුණසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, ජී එම් ප්පේමචන්ද්‍ර ඇතුළු දේශපාලන නායකින් කිහිප දෙනෙකු මරා දැමිමෙනි. මේ සම්බන්ධව එදා අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හිතවතෙකු මෙන්ම කොටි හිතවාදීයකු වූ එවකට රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස පත්කල සිටි වසන්ත රාජා සම්බන්ධ බවට රටපුරා ප්‍රචාරය විය. පසුව ඒ සියල්ලම යටපත් කෙරිනි. ගාමිණී දිසානායක පවුලේ උදවිය මේ සම්බන්ධව කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා සිටියත් ඔහුගේගේ පුතුන් පසුගිය රජයන්හි අමාත්‍ය ධූරයන් දැරුවත් එය ඉෂ්ට කර ගැනීමට අපොහොසත් විය.මේ අතර චන්ද්‍රිකා අගමැති හා ප්‍රභාකරන් අතර ඉතා රහසිගතව සම්බන්ධයක් තිබු බව එකල ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති ලෙස කටයුතු කල එරික් සෝල්හයිම් පසුගිය සතියේදී ඉන්දියාවේදි ප්‍රකාශ කොට ඇත. මේ අනුව එදා එක්සත් ජාතික පාක්ෂිකයින් මෙන්ම ගාමිණී දිසානායකට ආදරය කල මහවැලි ජනතාව ඇතුළු මෙරටේ සියලු දෙනාටම එදා ඔහු කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමේ සාධාරණ සැකයට එවකට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇති බව සත්‍යය යයි වටහා ගැනීමට එරික් සෝල්හයිම් ගේ ප්‍රකාශය ඉතා වැදගත් ය. #gaminidissanayaka #naveendisanayake #mayanthadissanayake #unitednationalparty #unp #sjb #SJB #samagijanabalawegaya #sajith #sajithpremadasa #ranilwickremesinghe #srilankapolitics #srilanka🇱🇰 #foryou #viral #chandrikabandaranaike

melon harridge
melon harridge
Open In TikTok:
Region: LK
Sunday 22 December 2024 04:02:49 GMT
2194
223
41
5

Music

Download

Comments

vinod_pranama_ekanayake
vinod_Pranama_ekanayake :
හිටියා නම් ලංකාවේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති වෙන්න තිබ්බා.🥺
2024-12-22 08:21:28
6
ovj44
ovj :
legend 💚
2024-12-22 05:28:16
4
madeena808
madeena 💓💕😊 :
🙏🙏🙏🙏🙏🤲🤲 education and educated 💯💕💕💕💕💕
2024-12-25 20:46:23
0
shamaleweerasingh
senon nethmitha :
legend ekak thamai
2024-12-22 08:05:53
1
renuj87
Renuj :
🤲🤲🤲
2024-12-25 17:49:11
1
renuj87
Renuj :
👍👍👍
2024-12-25 17:49:08
1
renuj87
Renuj :
🥰🥰🥰
2024-12-25 17:49:03
1
renuj87
Renuj :
🤲🤲🤲
2024-12-25 17:49:00
1
To see more videos from user @melonharridge, please go to the Tikwm homepage.

Other Videos


About