@_nymmy_: මට ඉන්නේ හැඟීම් හංගන්න දන්නෙ නැති තාත්තෙක් ! " තාත්තලා කොහොමත් එහෙමනේ , එයාලා ආදරෙයි නොකිව්වට , ආදරේ නොපෙන්නුවට එයාලා අපට හෙන ආදරෙයි " ඒක මට මහ පුදුම කතාවක්. මොකද මගෙ තාත්තා මට ආදරෙයි .අනික එයා මට ආදරෙයි කියන එක ඔප්පු කරන්න එයාට කරන්න පුලුවන් හැමදේම එයා කරනවා. හොඳම දේ එයා " මම මගෙ දෝනිට ආදරෙයිනේ " කියන එක කියනවා .අඩුම දවසට දෙතුන්පාරක්වත් . ඉස්සර තාත්තා මට ගැහුවම හරි බැන්නම හරි මම මගෙ තියන දුශ්ටකමට එක කඳුලකටවත් මගෙ ඇස් වලින් එලියට එන්න දෙන්නෑ . මම කරන්නේ තරහෙන් පුපුර පුපුර ගිහින් ඇඳට වෙලා ඉන්න එක . එතකොට විනාඩියක්වත් යන්න කලින් තාත්තා එතනට ඇවිත් " ඔයා කරන වැඩ වලින් තාත්තට තරහ එනවනෙ දෝනී, ආය එහෙම කරන්න එපා .දැන් තාත්තා එක්ක කතා කරන්නකො " කිය කිය අඬනවා . එයාට වැඩියෙන්ම තරහ එන්නේ අම්මා අඬනව දැක්කම . කවුරුමහරි නිසා අම්මා අඬනව දැක්කොත් තාත්තට පුලුවන් ඒ කෙනාව මර|න්න උනත් ! අදටත් අම්මගෙ උපන්දිනේට , නිවාඩු එද්දි එයා අම්මට මොනවමහරි අරන් එනවා . අඩුම චොක්ලට් එකක් හරි. ඒ එයා අම්මට ආදරේ කරන විදිය . එයා සෑහෙන්නම අව්ල් යන තැනක් තමා මේක . Tele drama එකක හරි වෙඩින් එකක සීන් එකක් දැක්කත් එයා සෑහෙන වෙලා කල්පනා කර කර ඉන්නවා. කාගෙම හරි වෙඩින් එකකට ගියත් , තාත්තා දුවව බඳින කෙනාට එයාව බාරදෙන වෙලාවට එයා සෑහෙන්නම අඬනවා . " මටත් දවසක මගෙ කෙල්ලව මෙහෙම දෙන්න වෙනවනේ . මට බැරිවෙයිද දන්නෑ ගෙදර නවතින්න කැමති කොල්ලෙක්ව මේ කෙල්ලට හොයල දෙන්න " මට පුදුම , මෙච්චර ඉක්මනට රිදෙන හිතක් තියන මනුස්සයා කොහොමද මරාගෙන මැරෙන්න හරි කමක් නෑ කියලා යුද්දෙක අවුරුදු විසි ගානක් හිටියෙ කියලා ! එයාට තරහ ආවත් , සතුටු හිතුනත් , දුක හිතුනත් ඒක හංඟන් ඉන්න බෑ . මට ඉන්නේ , හැඟීම් හංගන්න දන්නෙ නැති තාත්තෙක් ! Nimmi wasana ❤🍃
Nymmy🕊️
Region: LK
Saturday 28 December 2024 10:01:47 GMT
Music
Download
Comments
anji_becca :
හැම කෙනෙක්ටම ඔය ආදරේ ලබන්න පින නැ මැණික ඒ කිසා විදපන් පුලුවන් තරම් ♥️🥺
2024-12-30 03:58:35
68
R✨ :
තාත්තෙක් කියන්නේ දුවෙක්ට ලෝකයක් ❤️දුවෙක් කියන්නේ තාත්තෙක්ට මහමෙරක්…… ❤️🥺
2024-12-28 15:49:25
82
Sharmi87 :
තාත්තා 🙏❤
2025-01-10 09:41:29
0
pathma :
😥😥😥මම ඔයාගේ කතාව අඩ අඩ කියෙවිවා ඒහෙම තමා තාත්තලා
2024-12-28 12:26:17
4
OVI 👧 :
ඔයා හරි වාසනාවන්ත සුරංගනාවියක්.මගේ අම්මා නෑ තාත්තට මාව ගානක්වත් නෑ එයා එයාගේ අලුත් පවුලයි ලමයිනුයි එක්ක ඉන්නේ.මාත් ආසයි මගේ තාත්තා මන් ගැන හිතනවට හොයලා බලනවට.ඒත් මට ඒක හීනයක්🥺😔
2024-12-28 21:34:32
5
Thushari lakmali :
මටත් ඉන්නවා මේ වගේ මට පණවගේ ආදරේ තාත්තා කෙනෙක්.ඒත් මට ඒ ආදරේ ලැබුණට මගෙ දරුවට එහෙම හොද තාත්තෙක් ලැබුණේ නැහැ.ඒත් මගෙ තාත්තා මගෙ දරුවටත් මට වගේම පණ වගේ ආදරේ කරනවා.
2024-12-30 07:36:10
2
🦋 Madu Perera 🦋 :
අනේ ඒ වගේ තාත්තා කෙනෙක් මටත් ඉදියනම් 🥺🥺 ඔයා හරි වාසනාවන්ත ගැහැනු ළමයෙක් 🥺😍
2024-12-29 16:50:10
17
Trendy.choice38 :
ඔයාගේ තාත්තාව පරිස්සමින් බලාගන්න අක්කා ❤️🥺 එහෙම තාත්තලා අද කාලේ හරි අඩුයි 🥺 දීර්ගායු ප්‍රාර්ථනා කරනවා අක්කගේ තාත්තාට ❤️
2024-12-29 20:47:08
18
amaweerarathne :
මගේ තාත්තත් මෙහෙමයි අනේ..
2025-01-08 18:30:54
0
Hetti :
එහෙම තාත්තලාත් ඉන්නවා නේ ද?? සතුටුයි ඇත්තටම ❤️
2024-12-29 18:08:14
6
pm :
මගෙ තාත්තා අඩනවා මම දැකලම නැ මම බදින දවසට හරි බලන්න ආසයි 🥺❤️
2024-12-28 22:53:34
3
Lilly 🇦🇪 🦋" :
He is imagining about the situation from his side 🥺❤️
2024-12-30 15:18:16
1
DANU ♥️🥂 :
එහෙම කියන්නවත් තාත්තා හිටියා නම් 🥺💔
2024-12-28 10:49:35
31
𝒀𝒖𝒓𝒆𝒏𝒊 🤍 :
තාත්තා තමයි හැමදේම. ඒත් එයා දැන් මට නෑ. ඔයාගේ තාත්තාට දීර්ඝායු වේවා 🙏❤️
2024-12-29 20:41:05
2
Hashie💭 :
අනේ ඒ වගේ තාත්තෙක් ඉන්න ඔයාගෙ ජීවිතේ කොච්චර නම් සතුටු එකක් වෙන්න ඇතිද 🥹❤️
2024-12-29 16:26:38
1
TravelingSunflower :
මටත් ඉන්නවා මෙහෙම තාත්තෙක් ❤️
2024-12-30 07:19:01
1
Oliyyy🎀🦋 :
මගේ අප්පච්චීත් මෙහෙමයි 🥺🥺 එයා මගේ මුලු ජීවිතේම ❤
2024-12-30 06:14:13
1
📚 Our English Teacher 📚 :
මේ අපේ හොටෙල් එකේ එදා තිබ්බ wedding එකනේ..😁
2024-12-30 02:24:00
1
Sanjaya bandara :
තාත්තා හමුදාවෙ කියන්නේ වෙනම එකක් පුතා
2024-12-28 12:53:24
3
Samu Samu :
සංවේදී පියෙක් පරිස්සමින් බලාගන්න බුදුසරණයි 🙏🙏🙏
2024-12-29 16:03:02
2
NDewanthi :
එයාගේ ආදරේ ඇස් වලින් පේනවා.බුදු සරණයි.🙏😍
2024-12-30 03:27:26
3
Rukshi Udeshika :
♥️♥️🥺 හැම සතුටම ලැබෙන්න ඕනි ඔයාගේ තාත්තට..
2024-12-31 09:26:16
1
pumi :
Mage thaththa wage 😭❤️
2024-12-29 21:47:21
1
KOSHI MADU :
අනේ මගේ තාත්තත් ඔහොමයි🥺♥️
2024-12-30 14:59:24
1
Shanki〽️♥️☯️ :
ඔයාට ඒ වගේම ආදරේ කරන husband කෙනෙකුත් ලැබෙන්න ඕන නංගී♥️🫂
2024-12-30 00:16:25
1
To see more videos from user @_nymmy_, please go to the Tikwm
homepage.