@slviral001: කාලෙකට පස්සෙ අද රුහුණු කුමාරියෙන් කොළඹ යනවා.මට මතක් වෙනවා මීට අවුරුදු 10කට කලින් 2015දි මේ විදිහටම බද්දෙවිතාන සර්ගෙ Chemistry class ගියා බලාපොරොත්තු හීන දහසක් මවාගෙන,A3ක් ගත්තොත් ජීවිතේ ගොඩ කියල හිතාගෙන,යාලුවො සෙට් එකක් සමඟ,මම යාලුවෙකුට නොතේරෙන පාඩමක් උගන්නන ගමන්/ගිය සතියෙ පාඩම revise කරන ගමන්/mcq paper එකට පාඩම් කරන ගමන්. අද, ඒ යාලුවො විසිරිලා ගිහින්, බහුතරයක් හොඳ රැකියාවක් කරනවා meanwhile මම තාම ජීවිතේ පළවෙනි පත්වීම වත් ලබලා නෑ සතයක්වත් තාම හම්බකරලා නෑ . සමහරු වාහන අරන් ,ඉන්න හිටින්න තැනක් හදාගෙන,කසාද බැඳලා ,දරුවො හදලා ....බහුතරයක් දෙනා ලංකාවෙත් නෑ දියුණු රටවල පිළිවෙලකට ජීවත් වෙනවා meanwhile මම ඒ හැමදේකටම තාමත් හීන මවනවා.තවමත් අපිට ඒවා ලොකු හීන විතරයි.කොටින්ම මේ photo එක ගන්න phone එකක් වත් තාම නෑ තාත්තා අරන් දීපු Tab එකෙන් ගත්තේ.අපේ දෙමව්පියෝ තාමත් අපි වෙනුවෙන් රස්සාවක් කරනවා විශ්‍රාම නොගෙන.නැහීගෙන පාඩම් කරලා ඉහේ කෙස් ගානට exam ලියලා..විඩාබර කළකිරීමකින් ජීවිතේ දිහා ඔහේ බලාගෙන ඉන්නවා. පරම්පරාගත ධනයක් උරුම නැති සාමාන්‍ය පවුලක ඉපදිලා හොඳම academic performance දක්වලා වෛද්‍ය පීඨ වලට යන ළමයි ඇත්තටම අසරණයි අන්තිමට.කවුරු මොන කතන්දර කිව්වත් ඇත්ත ඒකයි. මේ රටේ මේ අසාධාරණ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු නොවේද අපිට නැතත් ඊලඟ generation එකේ "bio තෝරගන්න පොඩි එවුන්ට" වත් ජීවිතේ විඳින්න තියා අඩුගානෙ ජීවත් වෙන්න ඉඩ දිය යුතු නොවේද.? Copied from Sasini Wickramanayake ♥️ අපෙම අරමුණු හීන වෙනුවෙං අපිම අපෙ ජීවිත අම්මා තාත්තගෙ ජීවිත උකසට ඇපයට තිබ්බා මිස අපි ජීවත් වෙනවද ඇත්තටම? පැමිණි දුක් පැණි රසයි කියල හිත හදාගෙන බැඳ ගත්ත බෙරේ ගහනව මිසක! Indiwari de Zoysa
SL Viral
Region: LK
Saturday 15 February 2025 16:59:17 GMT
Music
Download
Comments
Lҽɱσɳ_Tαƈσ🍋 :
දුක් වින්දොත් සැප ලැබෙයි කියුවට ජීවිතේ සැප ඕනෙ කාලෙට ඒක නැති එක නම් පුදුම පවක්! 😞
2025-02-16 03:07:27
89
Dew_theDaisyDazzle :
So true🥺 I am an engineering student and I did study so hard and got highest result and got selected to the uni and still working so hard to chase my dreams
2025-02-20 20:24:33
3
roo 666 :
මං බෝඩ් වෙලා ඉන්නෙ බොරැල්ලෙ. මෙහෙ ගොඩක් medical studentsලා. මට හරි දුකයි එයාලා දකිද්දි. මට එහෙම වෙන්න බැරි උනානෙ. කවදාවත් ඉගෙනගන්න කාලය වෙනුවෙන්
2025-02-20 15:35:05
1
Sarani Malshani :
අවුරුදු 4 1/2 මමත් යාපනේ කැම්පස් එකේ ඔයා වගේම දුක් වින්දා
හැබැයි ඒ අවුරුදු ගානම නිසා.අපිට කාලෙකදි හොදට ඉන්න පුලුවන් ❤️❤️එ නිසා don't Worry ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2025-02-17 01:00:25
4
tharakakodagoda4 :
මම කැම්පස් ගිහින් නෑ . ජොබ් එකක් කරනවා . ඔයා කියන කතාව ඇත්ත . අපිට නැති දේ ගැන තමා දුක හිතෙන්නෙ . ඉස්සරහට ඔය හැමදේම වෙනස් වේවි .
2025-02-17 04:31:18
8
chamidu basnayaka :
ඇත්ත වෙලාවකට හිතෙනවා මොන කරුමකය්ද කිය්ලා එහෙන් අම්මයි තාත්තයි දුක් විදිනව...තවම...🥺🥺🥺
2025-02-16 09:30:18
32
Aj :
Don’t worry about it brother… you will have much better life soon… Bless you…
2025-02-16 08:01:36
6
kavi :
ඒක්නම් ඇත්තම ඇත්තක්....වෙලාවකට හිතෙනවා තේරුමක් නැති වැඩැක් කියලා...😊
2025-02-16 04:31:02
7
kavi99nethmini :
🥺🥺🥺😔💯💯 How would the people now about our tiresome life as a medical student countless sleepless nice , insulting by all the people in wards but still we had to go for our final destination with
2025-02-16 06:13:29
5
Nature Therapy :
everyone has there own time..dont compare you with others..♥️keep doing what you love...you will be your best version soon..🙏May triple gem bless you.remember we can understand you..❤️
2025-02-16 04:29:18
15
ravindra wijesinghe :
ඔයාගේ යාලුවන්ට වඩා ඔයා ඉස්සරහට යයි ඉක්මනිනම..ඉගෙනීම ගැන ඔහම හිතන්න එපා...
2025-02-16 15:06:59
3
Ramani :
ඔයාට තෙරුවන් සරණයි පුතේ.වරදින්නෙ නෑ.දුක්වෙන්න එපා
2025-02-16 17:15:14
2
Ausie News :
ඔයාට කවද හරි දවසක දියුණුවට පත් වෙයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐
2025-02-15 20:46:30
3
Priyanka :
Don’t compare with others, believe your self, compare your past with present achievements
2025-02-16 05:54:25
1
Emy :
අමාරුවෙන් උනත් අල්ලන් ඉන්න දිනුම තව ගොඩක් දුර නෙමෙයි. ❤️
2025-02-16 12:41:52
1
Umashi :
අනිවාරෙම්ම ❤
2025-02-16 04:28:40
1
chamaraind :
තව ටිකයිනේ ඊට පස්සේ හරිනේ....⭐⭐
2025-03-11 05:48:56
0
Tharuki Ascharya :
kamak නැහැ api උත්සාහ karamu
2025-03-11 09:51:08
0
Dr saumya science class :
We felt the same way when we were in university…but wait …untill u get your first salary as a medical officer(not HO) and starting your own private pracise..you will realize its worth it…
2025-02-20 05:05:13
0
sinethsubasinghe :
Eka aththa 🥺..mageth katawa okmi..
2025-02-16 14:11:37
0
user4475832213403 :
ඔබටත් දවස හිරැ පායයි. ❤️
2025-02-16 15:56:10
0
Rohan Fernando :
තව ටිකක් ඉවසන්න ජය නියතයි ජයවේවා
2025-02-16 18:44:01
0
Minura Wijesinghe :
engineering wlt ehem awulk nane 🧐
2025-02-16 11:58:36
0
_Eagle_Shock_ :
Wasanthaya enawa dawasaka ethakan allagena inna 🎉🥰……its life
2025-02-16 18:23:56
0
✌️❤️Gimna❤️✌️ :
පස්සෙ ඔය ඔක්කොම කරන්න පූළුවනි,✌️
2025-02-16 12:51:49
0
To see more videos from user @slviral001, please go to the Tikwm
homepage.