@sumudu28: 🍀 දෙදෙනාටම ගෞරව කිරීම. ගෞරවය කියලා කියන්නේ ශක්තිමත් සබඳතාවයක අත්තිවාරමයි. මේ කියන්නේ එකිනෙකාගේ අදහස් වලට ගෞරව කිරීම , එකිනෙකාගේ අදහස් අගය කිරීම , එකිනෙකාගේ ඉලක්ක වලට ගෞරව කිරීම , එකිනෙකාගේ නිදහසට ගෞරව කිරීම වගේම එකිනෙකාගේ ජීවිතයට එහෙමත් නැත්නම් චරිතයට ගෞරව කිරීම. අපි හිතමු රණ්ඩුවක් වෙච්ච ගමන්, ඔයාගේ චරිතය ගැන අනවශ්‍ය විදිහට අහන්න බැරි තරමට ඔයාට අපහාස කරනවා නම් ' ඔයාගේ පාට්නර් ' ඒක ප්‍රශ්නයක් !! උදාහරණයක් විදිහට මොනවා හරි ගැටුමකදී ඔයාගේ අතීත සම්බන්ධතාවයක් ඇදලා අරගෙන එයා ඔයාට අපහාස කරනවා නම්, ඔයාගේ සම්බන්ධය නිරෝගි සබඳතාවයක් කියලා කියන්න බැහැ !! සාමාන්‍ය මොහොතවල්වලදි වගේම රණ්ඩුවක් හෝ එකිනෙකා එකඟ නොවීමේ අවස්ථාවලදී පවා එකිනෙකාගේ ගෞරවය රැක ගන්නවා නම් එතන තියෙන්නේ ඉතාම නිරෝගී සම්බන්ධයක් ! 🍀 එකිනෙකාට අවංක වීම. මුලින්ම අවංකත්වය ගොඩ නඟා ගත යුතුයි. ඒ වගේම ඒ අවංකත්වය පවත්වා ගත යුතුයි. දෙදෙනා අතර මෙලෙස අවංකත්වය සහ එකිනෙකාට පක්ෂපාතීත්වය අනිවාර්යෙන්ම නිරෝගී සබඳතාවයක ලක්ෂණයක් එමෙන්ම එකිනෙකා විශ්වාස කිරීමත්, ඕනවට වඩා සැක කරමින් පස්සෙන් පන්න පන්නා නොයාමත් නිරෝගී සබඳතාවයක ලක්ෂණයක් ! 🍀 ඔයාගේ හැඟීම් වලට ඔයාගේ පාට්නර් උපකාර කරනවාද .. ඒ කියන්නේ ඔයාගේ දුකේදී වගේම ඔයාගේ සැපේදිත් එයා ළඟින්ම ඉන්නවා නම්, විශේෂයෙන්ම මානසිකව ඔයා කඩා වැටෙන කොට එයා ඔයාට නැවත ගොඩනැගෙන්න ශක්තියක් වෙනවා නම් එතන තියෙන්නේ බොහෝම නිරෝගී සබඳතාවක්. ඒත් අපි හිතමු ඔයා එහෙම මානසිකව කඩාවැටෙන අවස්ථාවක ඔයා ඔයාගේ හිතේ තියෙන දේවල් ඔයාගේ පාර්ට්නර්ට කියන්න උත්සාහ කරනවා. ඒත් එයා ඔයාව ගණන් ගන්නේ නැහැ. එයා ඔයාව සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා. ඒ වගේම එයා ඔයාට තවත් ප්‍රශ්න අරගෙන ඇවිල්ලා ඔයාගේ මානසික මට්ටම තවත් බිඳ දමනවා. මේ වගේ තැනක නම් තියෙන්නේ නිරෝගී සම්බන්ධයක් නෙමෙයි !!!! 🍀 එකිනෙකාගේ පෞද්ගලික නිදහසට සහ පෞද්ගලික ජීවිතයට ගරු කිරීම. ඒ කියන්නේ ඔයාලා දෙන්න එකට හිටියත් ඔයගොල්ලොන්ටත් ඉන්නවා යහළුවො සහ ඔයාලටත් තියෙනවා විනෝදාංශ.ඒ වගේම ඔයාලටත් තියෙනවා වෙන වෙනම ඉලක්ක. ඉතින් ඒ ඉලක්ක වෙතට යන්නට ඔයා ඉඩ දෙන්න ඕනේ ඔයාගේ පාට්නර්ට. එයාගේ යාළුවොන්වත් ආශ්‍රය කරන්න ඔයා වෙලාව දෙන්න ඕනේ. 🍀 Healthy Conflict Resolution මේක ගොඩක් වැදගත් මාතෘකාවක්. ඕනෑම සබඳතාවයක පුංචි පුංචි රණ්ඩු තියෙන්න පුළුවන්. පුංචි පුංචි විරුද්ධ වීම් වෙන්න පුළුවන්. ඒත් මේ රණ්ඩු හෝ විරුද්ධ වීම් හෝ මතභේද ඉතාම සුහදව ඒ දෙදෙනා විසඳා ගන්නවා ඔවුන් ඉන්නේ නිරෝගී සබඳතාවයක. ඒ කියන්නේ එකිනෙකා ගහගෙන , අසාගෙන ඉන්නට බැරි තරම් කෑගහගෙන එකිනෙකාට හානි කරගන්න එක නෙමෙයි. කොයි තරම් මතභේද ඇති වුවත් දෙදෙනාගේ ගෞරවය ගැන හිතනවා වගේම අනෙකාට හානි කරන්නට නිරෝගී සබඳතාවයක ඉන්නා කෙනෙක් කවදාවත් උත්සාහ කරන්නේ නැහැ ! එයාල තේරුම් අරගෙන එයාලා ඒ දෙයින් දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්නට නිතරම උත්සාහ කරනවා ! 🍀 ඉලක්ක සහ අනාගතය පිළිබඳ සැලසුම් Healthy Relationship එකක දෙදෙනා උත්සහ කරනවා පැහැදිලි අනාගතයක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ අනාගතය පිළිබඳව ඉලක්ක ගොඩනගා ගන්න වගේම ඒ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න ඒ වෙනුවෙන් සැලසුම් හදන්න එයාලා උත්සාහ කරනවා. අපි හිතමු දෙදෙනෙක් ඉන්නවා සබඳතාවයක. මේ දෙදෙනාට හෙට දවස ගැන කිසිම ගාණක් නැහැ. මෙයාලා ලැබෙන හැම රුපියල්ම වියදම් කරනවා අනවශ්‍ය දේවල් වලට. ඒ වගේමයි අන්තිමට එකිනෙකාට ඒ ගැන ඇඟිල්ල දික් කරලා පැමිණිලි කරගන්නවා. මෙහෙම තැනක නිරෝගි රිලේෂන්ශිප් එකක් නැහැ ! දෙදෙනාට තියෙන්න ඕනේ එයාලගේ අනාගතය ගැන පැහැදිලි සැලසුම් ! 🍀 සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක තියෙන තවත් ලක්ෂණයක් තමයි ඒ සබඳතාවය තුළ ඔයාට බයක් සැකක් හෝ අවිනිශ්චිතතාවයක් දැනෙන්නෙ නැහැ. අපි හිතමු ඔයාට ඔයාගේ පාට්නර් එක්ක ඉන්නකොට දැනෙනවා අසීමිත භයක්, එයා ගහයිද එයා මොකක් හරි කරයිද කියලා, ඔයාට මෙහෙම බයක් ඇතිවෙන්නෙත් එයාගේ හැසිරීම නිසා. ඉතින් ඔයාගේ සබඳතාවය නිරෝගී සබඳතාවයක් නම් මේ විදිහට අනවශ්‍ය බියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ සබඳතාවය ඇතුලෙ ඔයාට සතුට ගොඩක් දැනෙනවා. 🍀 සමහර මිනිස්සු අවුරුදු ගණන් ආදරය කරනවා. ඒත් එයාලා එක දවසක්වත් පළවෙනි අවුරුද්දෙන් පස්සේ සතුටෙන් හිනාවෙලා නැහැ. සමහර මිනිස්සු අවුරුදු ගණන් තමන්ගේ සබඳතාවය අරගෙන යනවා. ඒත් හැමදාම රණ්ඩු. දෙදෙනා එක තැනකට එන්න උත්සාහ කරන්නෙත් නැහැ. මොකද එයාලා දන්නවා ඒ දෙන්නා ගැලපෙන්නෙ නැහැ කියලා. ඉතින් මෙවැනි තැනක රැඳෙන්නෙ නැතුව දෙදෙනාම කතා කරලා ඉවත් වෙන එක බොහොම හොඳයි. මොකද නිරෝගි සබඳතාවයක් කියලා කියන්නේ සතුටෙන් ඉන්න එකට.. හැමදාම සතුටෙන් ඉන්න බැරි උනත් පුළුවන් හැම වෙලාවෙම සතුටෙන් ඉන්නට උත්සාහ කරන එක. -Gumiho's Diary-

Sumu_Vlogs
Sumu_Vlogs
Open In TikTok:
Region: LK
Wednesday 26 March 2025 15:49:22 GMT
33398
884
34
309

Music

Download

Comments

tharaka0612
꧁💙༆ 𝐓𝐡𝐚𝐑𝐚𝐤𝐚 | 𝐒 ༆💙꧂ :
මේ අදහස් හරි ලස්සනයි ළමයෝ🫂💙
2025-03-28 10:20:18
2
sithni_pinsaraa10
sithni_pinsaraa10 :
@dina🇦🇪❤️🧑‍🍳🔪
2025-03-28 23:56:19
2
chamiya1314
👉CHAMIYA👈 :
caption eka denna puluwanda
2025-03-29 13:03:17
1
hiru_malsha7
Itz_hiru🤍🦋 :
@Räsàñdíkä Rúkshäñ
2025-03-29 14:04:59
1
_senarathna_
Senarathna I S :
@Mrs.Kavi ❤️
2025-03-29 20:33:35
1
niro_98_
Niro98 :
me caption eka Inbox ewannako plz
2025-03-30 04:11:19
1
dil_girl88
𝓓𝓲𝓛_𝓖𝓲𝓻𝓛ᥫ᭡🎀✨ :
@sachiya🇰🇷사치야.🇰🇷 🥰😘
2025-04-21 05:33:01
1
thashi__ya
thashiya balasooriya :
@soft_covers0
2025-03-31 06:56:06
0
hasithamt
HaSiii :
@bashibagya api denn wgemy 🥺❤️💪
2025-03-31 09:07:12
0
anuradha4647
🌀 🅰️SH 💥 :
රන්ඩු වෙනකොට පරන ඒව ගැන කියලා බනින එක තමා mge අවුල. මං toxi ද කොහෙද ethakota🥲😹🤌
2025-04-05 21:44:06
1
asangi357
06:20 💐🥺💗 °|| Chuty ||°✨️🫀 :
@A̶p̶p̶l̶e__🤗 🥺
2025-04-10 10:39:05
0
kusumalatha834
kusumalatha :
👍👍
2025-04-10 18:31:01
0
nuwan.hapuaarachch
Nuwan.hapuaarachchi :
😳😳😳
2025-04-11 01:06:22
0
oshinialensu97
👒🦋🅞🅢🅗🅘.....🪻💜🍇🫐 :
@chana
2025-06-16 17:01:04
0
To see more videos from user @sumudu28, please go to the Tikwm homepage.

Other Videos


About