@unboxingfoodie: Unboxing Supor Stainless Steel Pressure Cooker #unboxing #pressurecooker

Lanie Unboxing&Foodie
Lanie Unboxing&Foodie
Open In TikTok:
Region: PH
Sunday 18 May 2025 05:45:19 GMT
943
10
0
20

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @unboxingfoodie, please go to the Tikwm homepage.

Other Videos

බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි - පළමු කොටස බළන්ගොඩ මහනායක හාමුදුරුවන්ගෙ චරිත කතාවේ යම් යම් සිද්ධි මම කලින් ටික් ටොක් එකට එකතු කළා. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර නිසා ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හාමුදුරුවෝ 'බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමි' නමින් රචනා කරපු චරිතාපදානයෙන් උපුටාගත් කොටස් මේ විදිහට එකතු කරන්න හිතුවා. ඒ පොත අන්තර්ජාලයට නිදහස් පිටපතක් විදිහය එකතු කරලා තියෙනවා. මා උපන්නේ 1896 අගෝස්තු මාසයේ 24 වෙනිදා. සිංහල ක්‍රමයට 23 වෙනිදා විය හැකියි. බළන්ගොඩ ආසන්නයේ පුංචි ගමක් තියෙනවා, කිරිඳිගල කියලා. බැලුවාම ඒක ගමකුත් නොවෙයි. ගෙවල් මණ්ඩියක් විතරයි. ඒ ගමේ ඉඳලා මහ පාරට යන්න පාරක් තිබුණෙත් නැහැ. ඇලවේලි දිගේ නියරවල් දිගේ තමයි ඒ කාලේ ගියේ. ඉංග්‍රීසින්ට විරුද්ධව නොයෙක් විදියේ සටන් කළ අයත් හැංගිලා හිටියේ මේ ගමට ඇවිදිල්ලා. ඒකට හේතුව මේ ගමට යන්න එන්න පහසුකම් නැති කමයි. කොටින්ම පාරවල් නැති කමයි. දැන්නම් මේ හරිය හුඟක් දියුණුයි. පාර අද්දරත් ගෙවල් හදාගෙන විශාල පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. මගේ පියාට වැඩිමල් සහෝදරයෙක් හිටියා. එයා තමයි ඩිංගිරිහාමි. දිනෙස්හාමි කියලත් කියනවා. කලක් මහණ වෙලා සිට සිවුරු හළ කෙනෙක්. හොඳට ගොවිතැන් බත් කටයුතු කරගෙන තමයි ඒ අය ජීවත් වුණේ. මගේ පියාගේ මව මාතර කෙනෙක්. පියාගේ පියා හතර කෝරළේ කෙනෙක්. මගේ පියාගේ නම මද්දුමහාමි. පසුකාලයේ පියා මෙතියස් අප්පුහාමි නමින් ප්‍රසිද්ධවී සිටියා. මගේ මවගේ නම හීන්මැණිකේ. මා මෙලොවට බිහි කරලා මගේ අම්මා සති දෙකකින් මිය පරලොව ගියා. අම්මා බෙන්තර ආරච්චිගේ පරපුරෙන් පැවත එන කෙනෙක්. ඇය සැදැහැවත් භක්තිමත් උපාසිකාවක්. අපේ ගේ ළඟම තිබුණා බෝමළුවක්. අම්මා හැමදාම උදේ සවස බෝධින් වහන්සේට වඳින්න ඔය බෝමළුවට යනවාලු. ගිහිල්ලා බෝධින් වහන්සේ වටා හොඳින් අතුපතුගාලා මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනාවකුත් කරනවලු. ඒ ප්‍රාර්ථනාව තමයි, 'මට මහණ කරන්න පුතකු ලැබෙන්න ඕන' කියන එක. ඒ කාලයේ මහනුවර පලිපාන වලව්වෙන් මහණ වෙච්ච කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවන් ඉතාම සිල්වත් ගුණවත් ධුතංගධාරී කෙනෙක්. ඒ හාමුදුරුවන් හැමදාම වගේ අපේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. මගේ අම්මා ඒ හාමුදුරුවන්ට ආරාධනා කරනවා, ගේ ඇතුළට වඩින්න කියලා. වැඩියාම ආසනයක වඩා හිඳුවලා, වැඳලා, පිණ්ඩපාතෙ පිළිගන්වනවා. පිණ්ඩපාතේ පිළිගන්වලා එතනදීත් ප්‍රාර්ථනාවක් කරනවා, 'මට මහණ කරන්න පුතකු ලැබෙන්න ඕනෑ ' කියලා. ඒ වන විට මගේ අම්මට අවුරුදු විස්සක් විතර ඇතිලු.  මගේ පියා හරිම සැඩපරුෂ කෙනෙක්. කිසිම කෙනෙකුට කීකරු කරන්න බැරි මහා දරුණු කෙනෙක්. නමුත් අපේ අම්මට නම් හරිම කීකරුයිලු. ඒ කාලයේ පොලිසියේ මහත්තුරුත් අපේ තාත්තට බයයි. දවසක් පොලීසියේ මහත්තුරු කීප දෙනකුට ටවුමෙදි ගහලා ඒ අයගේ නිලතොප්පි පවා, ගලවගෙන පුච්චලා දැම්මලු. එහෙම කරලා ගෙදර ආවලු. ඒ කරපු වැඩේට ලොකු නඩුවකුත් තිබුණලු. නඩුවට ගියාම තාත්තා කරපු දේ ගැන නඩුකාරයා ස්තුති කරලා තියෙනවා. නමුත් පොලිස් නිලධාරීන්ගේ හිස් වැසුම් ගිනි තැබීම රාජද්‍රෝහී ක්‍රියාවක් නිසා ඒකට දඬුවම් වශයෙන් රුපියල් පහක් දඩ ගහලා තියෙනවා. පුදුම විදියේ ශරීර ශක්තියක් තමයි තාත්තට තිබුණේ. දහයක් දොළහක් ආවත් ඔක්කොටම ගහලා පන්නනවා. නමුත් මගේ අම්මා මීට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඇය හරිම කාරුණික අහිංසක තැනැත්තියක්.'' අපේ ලොකු අම්මටත් දරුවන් හිටියේ නැහැ. ලොකු අම්මා කියන්නේ ලොකු තාත්තගේ භාර්යයාව, නෑ කමට අම්මගේ අක්කා. එයාටත් ළමයි නැති නිසා හැමදාම වගේ මගේ අම්මා හම්බවෙන්න ඇවිත් කියනවා, 'ළමයෝ උඹට දරුවකු ලැබුණොත් මට දීපන්' කියලා, මේ අක්ක නගෝ දෙන්නා හරිම ස්නේහවන්තයි. කොහොම නමුත් බේරෙන්න බැරිම තැන මගේ අම්මා පොරොන්දු වෙලා තියෙනවා, දරුවකු ලැබුණොත් දෙනවා කියලා. එතෙන්දි ලොකු අම්මා කියලා තියෙනවා, ' දරුවා උපන් හැටියේම බාර දෙන්න ඕනෑ කියලා'. ඒ වෙලාවේ මගේ අම්මා කියලා තියෙනවා, 'පිරිමි දරුවෙක් ලැබුණොත් මහණ කරන්න පොරොන්දු වෙනවා නම් විතරක් බාර දෙනවා' කියලා. 'ගෑනු ළමයෙකු ලැබුණොත් කැමැත්තක් කරන්න' කියලත් කිව්වලු. අම්මට මාව ලැබෙන්න කලිනුත් සිහිනෙන් පවා පෙන්නුම් කරලා තියෙනවා, මාව ඉපදිලා වැඩි දවසක් අම්මා ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ බව අම්මා අනික් අයටත් කියලා තියෙනවා. මා උපදින වෙලාවේ ලොකු අම්මා තමයි සාත්තුවටත් එක්ක අම්මා ළඟ ඉඳලා තියෙන්නේ. මා ඉපදිලා ටික වෙලාවකින් අම්ම මාව ලොකු අම්ම අතට දුන්නලු 'මෙන්න මා වෙව්ව පොරොන්දුව ඉටු කරනවා' කියලා. කොහොම නමුත් මට මවු තුරුළේ ඉන්න ලැබිලා තියෙන්නේ දින දාහතරක් විතරයි. අම්මා ලොකු අම්මට කිව්වලු ' අක්කේ මන් ඉක්මනින් මැරේවි, මේ ළමයා උඹට අයිතියි ' කියලා. ' හැබැයි පොරොන්දු හැටියට නොවරදවාම මේ ළමයා මහණ කරන්නත් ඕනෑ' කියලා කිව්වලු. මේ විදියට කියලා සති දෙකකට පස්සේ අම්මා මැරුණලු.  #shanaka #miniblog #funfacts #srilankan

About