@hanj1sung_j.1: the way he looks at the camera tho. // #HYUNJIN #hyunjin#hwanghyunjin#skz#straykids#straykidsstay#xzcyba#makestraykidsstay#korean

hanj1sung_j.1
hanj1sung_j.1
Open In TikTok:
Region: US
Friday 30 May 2025 00:12:08 GMT
1953
172
4
7

Music

Download

Comments

straykidsarmy5
felixswifey :
i love his eyes
2025-05-30 00:49:24
3
stay_army_blink74
✝️8seungmn🇲🇽 :
there so beutiful
2025-05-30 01:15:38
1
straykidsarmy5
felixswifey :
@🥟hyunjin🥟
2025-05-30 00:49:17
2
lashermanitaschimyychann
💕Channel y Michy💕 :
😍😍😍
2025-05-30 00:51:15
1
To see more videos from user @hanj1sung_j.1, please go to the Tikwm homepage.

Other Videos

සීමිත සම්පත් කළමනාකරණය කරගනිමින් මානව සංවර්ධනය, ග්‍රාමීය ජීවනෝපාය සහ කාන්තා බලගැන්වීම් හරහා දිළිඳුකම පිටුදැකීමට සමත් වූ බංග්ලාදේශය, දියුණු වෙමින් පවතින රාජ්‍යයන්ට ලබාදුන් ආදර්ශය අදටත් ලෝකයේම පැසසුමට ලක්වන නමුත්, එම අතීත ජයග්‍රහණ අභිබවා යමින් වර්තමානයේදී බංග්ලාදේශය හමුවේ මතු වී ඇත්තේ බරපතල ආර්ථික අර්බුදයකටයි එනම්, රාජ්‍ය මට්ටමින් කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් සටහන් වුවද, රටේ මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික සේවා පවා සපයා ගැනීමට නොහැකි මට්ටමට ජනජීවිත කඩාවැටෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම තත්ත්වය සනාථ කරමින් බංග්ලාදේශ සංඛ්‍යාන කාර්යාංශය විසින් 2026 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව, එරට සමස්ත පවුල්වලින් 47.42% ක්ම එදිනෙදා ජීවන වියදම් පියවා ගන්නේ ණය ලබා ගැනීමෙන්. එරට පවුලක සාමාන්‍ය මාසික ආදායම ටාකා 33,513 ක් වන අතර, සාමාන්‍ය මාසික වියදම ටාකා 35,311 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල මෙම තත්ත්වය වඩාත් දරුණු වන අතර, එදිනෙදා මූලික අවශ්‍යතා පියවා ගැනීමට ණය වන පවුල් ප්‍රමාණය 51.91% දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. මෙලෙස දෛනික අවශ්‍යතා සඳහා පවා ණය වීමට සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ ජනතාවගේ උපයන ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවයි.  එමෙන්ම ලැබෙන ආදායමෙන් ණය වාරික ගෙවීමට සිදු වීම නිසා ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා වෙන් කිරීමට සිදුවන මුදල තවදුරටත් අවම වී තිබෙනවා. මෙම තත්ත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශය තුළ නව දිළිඳු ප්‍රජාවක් නිර්මාණය වෙමින් පවතිනවා. මොවුන් නිල දිළිඳුකමේ රේඛාවට ඉහළින් සිටියද, හදිසි රෝගාබාධයක්, රැකියාව අහිමි වීමක්, බඩු මිල ඉහළ යාමක් හෝ දේශගුණික විපර්යාසයක් වැනි කුඩා හෝ ආර්ථික පහරදීමකටවත් ඔරොත්තු දීමේ මූල්‍ය ශක්තියක් නොමැති පිරිසක්. දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය, අපනයන පුළුල් වීම සහ යටිතල පහසුකම් දියුණු වීම පමණක් ආර්ථිකයක සාර්ථකත්වය මැනීමට ප්‍රමාණවත් නොවන බව විචාරකයෝ පෙන්වා දෙනවා. වර්ධනය වන ආර්ථිකයක ප්‍රතිලාභ පහළ මට්ටමේ ජනතාව අතර සාධාරණ ලෙස බෙදී නොයන්නේ නම්, ගෞරවනීය රැකියා උත්පාදනය නොවේ නම් සහ සැබෑ වේතනයන් ඉහළ නොයන්නේ නම්, එකී ආර්ථික ප්‍රගතිය ඕනෑම මොහොතක කඩා වැටීමේ අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මූලාශ්‍රය - The Daily Star #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About