@usabazaarbeauty: ‎متمانە و خێرایی – ئەوە ئەوەیە کە ئێمە دەیگەیەنین! بازاڕ بکە بۆ خزمەتگوزاری خێرا و متمانەپێکراو هەموو جارێک. ⚡🛍️ #ShopInternational #ShippingMadeEasy #BuyFromUSA #USARetail #YourStyleDelivered ‎الثقة والسرعة – هذا ما نقدمه! تسوق بثقة للحصول على خدمة سريعة وموثوقة في كل مرة. ⚡🛍️

USA Bazaar Beauty
USA Bazaar Beauty
Open In TikTok:
Region: IQ
Friday 22 August 2025 15:24:46 GMT
208
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @usabazaarbeauty, please go to the Tikwm homepage.

Other Videos

රැකියා 1,659ක ඉරණම තීන්දු කරන HSBC තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් ගෝලීය නායකත්වයට විශේෂ ආයාචනයක් 🇱🇰📰 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය (HSBC Electronic Data Processing Lanka) වසා දමා, එහි මෙහෙයුම් විදේශගත කිරීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල්, විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍ය රවී කරුණානායක මහතා HSBC සමූහයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. 2026 නොවැම්බර් 09 වැනි දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය, හුදෙක් දේශපාලන මැදිහත්වීමකින් ඔබ්බට ගිය ‘පෞද්ගලික හා ජාතික ආයාචනයක්’ ලෙස ඔහු හඳුන්වා දෙයි. 2001–2004 කාලසීමාව තුළ තමා ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී, ශ්‍රී ලාංකික තරුණ පරපුරේ හැකියාවන් පිළිබඳ විශ්වාසයෙන් මෙම දැවැන්ත ආයෝජනය මෙරටට ගෙන ඒමට පෞද්ගලිකවම මූලිකත්වය ගත් බව කරුණානායක මහතා සිය ලිපිය මගින් සිහිපත් කරයි. 2004 වසරේදී කොළඹ 01 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් ඇරඹි මෙම මෙහෙයුම්, පසුව ඔහුගේ මැතිවරණ කොට්ඨාසය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විශේෂිත ගොඩනැගිල්ලක් වෙත ද, 2022 වසරේදී කොළඹ 02 යුනියන් පෙදෙස සහ කොළඹ 05 මිරේකා ටවර් දක්වා ද ව්‍යාප්ත විය. දශක දෙකකට අධික කාලයක් පුරා පැවති මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට ජාත්‍යන්තරව පිළිගත් කුසලතා ලබා දෙමින් වෘත්තීය ජීවිත ගොඩනැඟූ අතර, එහි ඉහළම ව්‍යාප්තිය පැවති අවධියේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 4,500කට ආසන්න පිරිසකට ඵලදායී රැකියා අවස්ථා හිමි විය. අප රටේ තරුණ පරපුරට ගෝලීය ප්‍රමිතීන් සපුරාලමින් අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි බව මෙම ව්‍යාපෘතිය හරහා සනාථ වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, 2026 ඔක්තෝබර් 07 වැනි දින HSBC ආයතනය නිකුත් කළ දැනුම්දීම උපුටා දක්වමින් කරුණානායක මහතා අවධාරණය කරන්නේ, යෝජිත මෙහෙයුම් මාරු කිරීම සමාගමේ ගෝලීය මෙහෙයුම් ආකෘතිය පිළිබඳ සමාලෝචනයක ප්‍රතිඵලයක් මිස, ශ්‍රී ලංකා සමාගමේ කාර්යසාධනයේ දුර්වලතාවක් පිළිබඳ තීන්දුවක් නොවන බව එම දැනුම්දීමේම පැහැදිලිව සඳහන් වන බවයි. දශක දෙකක් පුරා මෙහි ගොඩනැඟුණු හැකියාව හා කැපවීම සලකා, විකල්පයක් සොයා බැලීමට එම පිළිගැනීමම ප්‍රබල පදනමක් සපයන බව ඔහු පවසයි. 2026 සැප්තැම්බර් 30 වන විට මෙම ආයතනයේ සේවය කරන සේවක සංඛ්‍යාව 1,659ක් වන අතර, සෑම රැකියාවක් පිටුපසම පවුලක්, වගකීම් රැසක් සහ වසර ගණනාවක කැපවීමෙන් ගොඩනඟාගත් අනාගතයක් පවතින බව ඔහු සිහිපත් කරයි. මෙම වසා දැමීම හරහා දරුවන්ගේ අධ්‍යාපනය, නිවාස සඳහා වූ මූල්‍ය වගකීම් සහ දෙමාපියන් රැකබලා ගැනීම පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් ඇති වන අතරම, තරුණ ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිමේ රැඳී සිටිමින් ගෝලීය වෘත්තීය අභිලාෂයන් සැබෑ කරගැනීමට තිබූ වැදගත් මාවතක් ද වැසී යන බව ලිපියේ සඳහන් වේ. එබැවින්, සැලසුම් කර ඇති මෙහෙයුම් මාරු කිරීම ආපසු හැරවිය නොහැකි තත්ත්වයට පත්වීමට පෙර, මෙම තීරණය නැවත සලකා බලා හදිසි හා නිශ්චිත කාලසීමාවක් සහිත සංවාදයකට අවස්ථාව ලබා දෙන ලෙස කරුණානායක මහතා HSBC සමූහ නායකත්වයෙන් ඉල්ලා සිටී. එහිදී මෙහෙයුම් පිරිවැය, බඳවා ගැනීම්, පුහුණුව, යටිතල පහසුකම් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවශ්‍ය නිශ්චිත වෙනස්කම් හඳුනාගෙන, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් රඳවා ගැනීමටත් නැවත ආයෝජනය කිරීමටත් විශ්වාසදායක යෝජනාවක් සකස් කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. තමා වර්තමානයේ ආණ්ඩුව නියෝජනය නොකළ ද, මෙම ආයෝජනය රැකගැනීම සඳහා වූ කැපවීම කිසිසේත් අඩු වී නොමැති බව සඳහන් කරන මන්ත්‍රීවරයා, HSBC මෙහෙයුම් මෙරට පවත්වාගෙන යාමටත් තරගකාරීව කටයුතු කිරීමට ඇති බාධක ඉවත් කිරීමටත් වත්මන් ආණ්ඩුව, අදාළ බලධාරීන් සහ කර්මාන්ත හවුල්කරුවන් සමඟ එක්ව අවශ්‍ය සෑම ප්‍රායෝගික පියවරක්ම ගැනීමට උපරිමයෙන් මැදිහත් වන බවට සහතික වෙයි. ශ්‍රී ලංකාව දැඩි දුෂ්කරතා ජය ගනිමින් යළි නැඟී සිටීමට උත්සාහ දරන මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක් මෙහෙයුම් ඒකකයක ශේෂ පත්‍රයෙන් ඔබ්බට ගොස් මෙම තීරණයේ පුළුල් ජාතික වැදගත්කම සලකා බලන ලෙසත්, වසර විස්සකට අධික කාලයකට පෙර ආරම්භ කළ හවුල්කාරිත්වයට නව ජීවයක් දෙමින් ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටින ලෙසත් රවී කරුණානායක මහතා HSBC නායකත්වයෙන් හෘදයාංගමව ඉල්ලා සිටී. #SriLanka #HSBC #EconomySL #BPOIndustry #RaviKarunanayake

About