@iyupp._: #fyp

yupp.
yupp.
Open In TikTok:
Region: ID
Tuesday 02 September 2025 08:32:44 GMT
6972
432
5
18

Music

Download

Comments

alippquincy
luìve :
inpo hoodie nya a
2025-09-02 09:20:43
0
ayaa74429
ayaa km gpp? :
ehh🤭
2025-09-02 08:39:13
1
madidyz
madidyz𖣂 :
belikan aku topi satu yup
2025-09-02 11:19:18
0
qilah_xzy
Qilah_xzy :
ke 2 nih
2025-09-02 08:56:06
0
To see more videos from user @iyupp._, please go to the Tikwm homepage.

Other Videos

එයා පන්තියෙ දොර ළඟනතර වෙලාආපහු මගෙ දිහා බැලුවා මමත් බලන් හිටියා එයා එළියට ගියා මගේ හිතේ ඒ වෙලාවෙ කියාගන්න බැරි තරම් සතුටක් තිබුණත්
එයා පන්තියෙ දොර ළඟනතර වෙලාආපහු මගෙ දිහා බැලුවා මමත් බලන් හිටියා එයා එළියට ගියා මගේ හිතේ ඒ වෙලාවෙ කියාගන්න බැරි තරම් සතුටක් තිබුණත්"අනේ ඒක එයා විහිළුවට නන් කිව්වෙ,ඒක ඇත්තක් නෙවෙයි නන්"කියන හැගීම මාව පහළට ඇද්දා අපි තව දෙයක් පුරුදු වෙලා හිටියා.ඉස්කෝලෙ ඇරුනම මාව එක්කන් යන්න එනකන් එයා මං එක්ක කතා කර කර ඉන්නවා එදත් එයා ආවා ගේට්ටුව ළගට,ඒත් අපි වෙනදාවගේ කතා කලේ නෑ.එයා ඈතින් ඉදන් මගෙ දිහා බලන් හිටියා.මමත් එයා දිහා බලන් හිටියා. මට ඕනි උනේ මම එයාට කොච්චර ආදරේ උනත් ඒක එයාට නොපෙන්වා ඉන්න.ඉතින් මම අහක බලාගත්තා.ඒත් මම යනකං එයා ඈත ඉදන් බලන් හිටියා.. ගෙදර ගිය ගමන් මම දූවගෙන bathroom එකට ගියා.මගෙ සතුට උපරිමෙන් වින්දා..මෙච්චර කාලයක්,කවදාවත් අයිතිවෙයි කියලා හිතපු නැති,මගෙ පලවෙනි ආදරේ මට ආදරෙයි කිව්වා.. අදටත් ඒ දැනුන හැගීම මට වචන වලට පෙරළන්න තේරෙන්නෙ නෑ.. මම උඩ පැන්නා,හිනා උනා,ටික වෙලාවකින් ඇඩුවා.. මොකද මම ටිකක් විතර overthinker කෙනෙක්, "මට බෑ එයාට ආදරෙයි කියන්න.මං වගේ කෙල්ලෙක්ට එයා ඇත්තටම ආදරේ කියයිද.අනික මගෙ ඇති ලස්සනකුත් නෑ එයාට මට වඩා ලස්සන කෙල්ලෙක් ඕන හැටියෙ හොයාගන්න පුළුවන්.අනේ එයා ඒක විහිලුවටද කිව්වෙ.මම එයාට කැමති කිව්වට පස්සෙ එයා මාව ටික දවසකින් අතඇරියොත්.." ඔව්..මම එදා රෑ එලි වෙනකන් ඒක හිතුවා.. පහුවෙනිදා ටිකක් පරක්කු වෙලා මම ඉස්කෝලෙ ගියා.එයා උදෙන්ම ඇවිල්ලා හිටියා.ඒත් වෙනදා වගේ අපි කතා කලෙ නෑ..පව් එයාගෙ හිතෙත් සෑහෙන දේවල් තියෙන්න ඇති එදා.. අපි කතානොකළත් අපි අපේ දිහා බලන් හිටියා Interval එකේදි එයා මං ළගට ආවා. -ආ මේ chocolate එක ඔයාට.. +මට එපා මං යනවා.. -මේ අහනවා මෝඩියෙ.මනුස්සයෙක් දෙයක් ආසාවෙන් ගෙනල්ලා දුන්නම පණ්ඩිතයාවගේ ඒක එපා කියන්න එපා.ඒකෙන් ඒ මනුස්සයට කොච්චර දුක හිතෙනවද කියලා දන්නවද?? +හරි හරි ම්ම් ඔව්..එයාගෙ ඒ තද වචනවලට පුළුවන් උනා මගෙ ලොකුකම නැත්තටම නැති කරන්න.හිතින් ගොඩක් සතුටුවුනා මම,ඒත් ඒ හිනාව මූණෙන් පෙන්නන එක මම නවත්තගන්න හැදුවත් ඒ වෙලාවෙ නන් ඒක නැවතුනේ නෑ.ඉතින් ලාවට වගේ පුංචි එරවිල්ලක් එක්ක මම ඒක ගත්තා.. එදා හවස මම එයා ළගට ගියා +අපි ටිකක් කතා කරමුද? -ඔයා කතාකරනකන් තමයි මම බලන් හිටියෙ.. +මේ අහන්න ඔයා ඔය කරන්නෙ විහිළුවක් නන් දැන්ම ඒක නතර කරන්න.මොකද මේක විහිළුවක් නන් මං ජීවිතේට ආපහු ඔයා එක්ක කතා කරන්නෙ නෑ හරිද.. -ඔයාට මේක විහිළුවක් වගේ පේනවද?? +ඔයා ඇත්තටමද කිව්වෙ?? -හ්ම්ම්..මම ඔයාට ආදරෙයි.ඒත් ඔයා අකමැතිනන් ඒකට කමක් නෑ.හැබැයි මාත් එක්ක තරහා වෙන්න නන් එපා plz +හ්ම්ම් ඔයා දන්නවනෙ.මම A/L ඉවර වෙනකන් කාත් එක්කවත් යාළු වෙන්නෙ නෑ.අනික මගෙ හැටි බලන්නකො.ඔයාට මට වඩා ලස්සන කෙනෙක් හොයාගන්න පුළුවන් -අනේ මේ මම කැමති ඔයාටනෙ.හේතුවක් දන්නෙ නෑ ඒත් මම ඔයාට ආදරෙයි.මට පුළුවන් A/L ඉවර වෙනකන් හරි ඉන්න.ඔයා කැමති දවසක ඔයාගෙ තීරණේ කියන්න මට.. +මේ අහන්න අපිට exam කරන්න කොච්චර කල් තියෙනවද.තාම අපි10යෙ O/L ලියලත් නෑ.ඒ නිසා මට ආදරේ කරන්න එපා.. -ඔයාට එපා නන් මේක අමතක කරලා දාන්න.ආපහු මේක ගැන කතා නොකර ඉමු.. ටිකක් තරහින් වගේ කියපු ඒ වචන වලට,මම ටික වෙලාවකට ගල් ගැහුනා.හදවත කිව්වා"මේ ඔයාගෙ ආදරේ,ඇයි ඔහොම කියන්නෙ ඔයාට එක වචනෙකින් මෙයාව ඔයාගෙම කරගන්න පුළුවන්නෙ" ඒත් මොලේ.. "ඔයාව මෙයා ටික දවසකින් තනි කලොත්?අනික ඔයාට බැහැ ගෙදරට හොරෙන් මෙහෙම දෙයක් කරන්න.ඒ නිසා එයාට යන්න දෙන්න.මොකද කවදහරි මෙයා පසුතැවුනොත් ඇයි ඔයා එක්ක යාළු උනේ මීටවඩා හොඳ කෙල්ලෙක් හොයාගන්න තිබ්බ නං කියලා" මම දැං මොකක්ද කියන්න ඕනි??මම ලොකු හුස්මක් ගත්තා +හරි මම O/L ඉවර වෙලා කියන්නන් ඔයාට කැමතිද නැද්ද කියලා.ඒත් ඒක කිව්වා කියලා මං ඔයා එක්ක යාළු උනා වෙන්නෙ නෑ හරිද.මං යාළු වෙන්නෙ A/L ඉවර උනාම.එතකන් ඔයාට ඉන්න පුළුවන් උනොත් අපි බලමු.. මං අදටත් දන්නෙනෑ ඇයි මම එහෙම කිව්වෙ කියලා..සමහරවිට එයාට යන්න දෙන්න,හිතදුන්නෙ නැති නිසා වෙන්න ඇති.. ඔන්න ඉතින් හිතේ හැගීම් දාහක් හිර කරන්,මගේ සුපුරුදු ලොකුකම එයාට පෙන්නගෙන මගේ ඒ බොළඳ තීරණේ එයාට කිව්වා ඒකට එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ආවා.මටත් එයාගෙ ඒ හිනාව දැකලා හිනාගියා. +හරි හරි වැඩිය හිනාවෙන්න එපා හොදේ.මම අකමැති වෙන්නත් පුළුවන් -හ්ම්ම් අපි එදා දවසත් වෙනදා වගේම ගෙව්වා.ඒත් වෙනදට වඩා ලස්සන හැගීමක් එයා මං ළගට ආවම මට දැනුනා.ඔව් මං හිනා උනා.. ටික ටික එයා ඒ දේ ඇත්තටමයි කිව්වෙ කියලා මට දැනෙන්න ගත්තා ඒත් මොකද්දෝ දෙයක් මාව නැවැත්තුවා මට හිටියෙ අම්මා විතරයි එයාට හොරෙන් මේ දේවල් කරන්න මගෙ හිත දුන්නෙ නෑ.මම කිව්වනෙ මම ටිකක් විතර overthinker කෙනෙක්,මං තනි වෙන්න බය උනා,මට ඕනි උනේ නෑ මගින් හැරිලා යන ආදරයක්.මට ඕනි උනේ ජීවිත කාලෙටම එයාට ආදරේ කරන්න.මං බය උනා එයා මාව මගදි තනි කරලා යයි කියලා.ඉතින් මම හිතේ හැගීම් ගොඩක් හිර කරන්,එයාට ළං නොවී ඉන්න try කලා..❤️‍🩹 3න් වෙනි කොටසින් හමුවෙමු..✍ ~Dil~ . #prageeth_kavindu #onemillionaudition #D #fyp

About