@off.road.diaries: කොහොමහරි මාසෙට එක පාරක් හරි ඇවිදින්න යන කෙනෙක් විදිහට මේ වෙනකම් මම ගියපු තැන්වලින් ලස්සනම තැන් 2ක් තමයි චැරියත් පාත් (රාවණාගේ කරත්ත පාර) සහ ගාට්මෝර් 🥹✨ හැබැයි මේ ලියන්නෙ ගාට්මෝර් කතාව ❤️ කවදහරි ආයෙත් ඇවිත් මතක අලුත් කරගෙන යන්න ඕනෙ හින්දා ඒ මතක මෙහෙම ලියලා තියන්න හිතුනා 🥹 ජීවිතේ සමහර දේවල් තියනවා ඒවා experience කරාම තමා හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා ✨ මේකත් ඒ වගෙ හිතුණු ගමනක් 🫶 මේක තමයි ඒ ලස්සන පාර නුවර ➡️ ගිනිගත්හේන ➡️ නෝර්ටන් බ්‍රිජ් ➡️ මස්කෙළිය ➡️ ගාට්මෝර් වත්ත 😩🍃 කඳු වගේ වගා කරපු තේ වතු මැදින් මීදුම කපාගෙන ගියපු මේ ගමන නම් කවදාවත් අමතක වෙන එකක් නෑ 🫶🥹 ගමන ගිහින් මාස 2ක් වගේ උනත් අදටත් මට මහන්සි හිතුනම ඇස් දෙක පියාගෙන ආයෙත් එහෙ ගිහින් එනවා 😍 ගිනිගත්හේන පහු කරගෙන ඉස්සරහට එද්දි ලංකාවෙ බිහිසුණු ම ගුවන් අනතුරට හේතුවක් උණු සප්තකන්‍යා කඳු වැටිය පාමුළින් එද්දි නිකම් වෙනම් ලොකයක් වගේ.. පැහැදිලිව පේන්න තිබිලා එක ඇස් පිල්ලමක් ගහලා බලද්දි මීදුමෙන් වැහිලා ගිහින් 🥹 ගෙදර ඇවිත් ඒ photos බලද්දි මමත් නිකම් චිත්‍රයක් ඇතුළට ගිහින් වගේ.. ආ එතකොට නෝර්ටන් බ්‍රිජ්වල 5 කණුවෙ පාර අයිනෙ තියන ලෑලි කඩේ මාමා උණු උණුවෙන් ම හදලා දුන්නු රොටී ටික 😋 කඩේ ඉස්සහම ගහලා තියන ලෑලි බංකුවේ ඉඳගෙන සප්තකන්‍යා කන්ද දිහා බලාගෙන කද්දි ඒ දැනෙන සාමකාමී හැඟිම 🥹 මම අදටත් ඒ ලෝකෙ ඇතුලෙ ජීවත් වෙනවා ✨🫶 ඊටපස්සෙ ආයෙත් මීදුම මැදින් ඉස්සරහට එදිදි නගරවල විකුණන්න තියන ඕකිඩ් මල් එහෙ පාරවල් අයිනෙ උස ගස්වල පිරිලා 😍 ආසාවට මගේ අත් දෙකෙන්ම මල් ටිකක් කඩාගෙන ලස්සන මල් පොකුරක් හදාගත්තෙ මල් වත්තක මල් 2ක් 3ක් අඩු උනාට ලස්සන නැති වෙලා යන එකක් නෑ කියලා හිතුණු නිසා 😔 ඒ වගේ වෙලාවට හීනියට පොඩි වැස්සකුත් එක්ක මීදුම ආවාම ඒ හැඟීම වචන කරන්න බැරි තරම් 😩🫶 ඊටපස්සෙ ගොඩක් අය දන්න අප්කොට් 😍 එතනත් අමුතුම climate එකක් 🥹 කලාතුරකින් එන වාහන සද්දයක් ඇරුණම සොබාදහමේ සද්ද විතරම යි. 🥹 ගාට්මෝර් ඇල්ල පහළට ගියහම දිය ඇල්ලක් විදිහට ඒ වතුර පාර මාවුස්සාකැලේ ජලාශයට වැටෙන විදිහ බලාගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙ නැති තරම් 🍃 දිය ඇල්ල උඩට ගියහම පහළ තියන මාවුස්සා කැලේ ජලාශය මාර ම ලස්සනට පේනවා ඇස්වලින් දකින ඒ ලස්සන මොන විදිහකටවත් frame එකකට ගන්න බෑ 🥹 දවස පුරා ම කොළ පාටක් ඇහැටවත් නොදකින මට මේ මතක කොච්චර නම් වටිනවද කියලා දැනුණු වාර අනන්තයි පහළින් attach කරලා තියෙන්නෙ කිසිම edit එකක් නැති පින්තූර ඒ මතක store කරලා තියන්න හොඳ ම තැනක් තමා මෙතන කියලා මට හිතෙනවා 😇 ඔයාලා දන්න මේ වගේ location තියනවා නම් comment එකක් දාගෙන යන්න කියලත් ඉල්ලනවා. එතකොට මට ඊළඟ නිවාඩුවට යන්න පුලුවන් 😃 #foryou #foryoupage #fyp #goviral #pinthurakatha #gartmore_falls #uppergartmorefalls #travelcouple #offroaddiaries #trending #viral #travel #travelplaces
Off Road Diaries
Region: LK
Tuesday 02 September 2025 15:36:13 GMT
Music
Download
Comments
Kaushan Bagya :
ඇවිදපන් ඕනී තරම්. ඒත් කොලයක්වත් කඩන්න එපා 🙏💚
2025-11-21 16:35:31
1
amandiii_00 :
මල් කඩපු එක හරි දෙයක් ද??? 😶
2025-10-07 04:52:13
4
Kaushika nilupul :
මාත් ගියපු ලස්සනම තැන චැරියට් පාත්
2025-09-03 05:35:03
6
. :
♥️
2025-09-03 10:21:43
10
zara 🙌 :
2025-09-09 01:56:45
3
Jayalath Hettiarachchi :
thanks 🌷❤️
2025-09-05 15:05:28
1
sankalpa_samaraweera :
2025-09-07 06:17:31
2
𝓢𝓮𝓽𝓱𝓾'𝓼 𝓓𝓲𝓪𝓻𝔂 👧🌸 :
2025-09-17 06:50:19
1
J̶a̶L̶i̶_̶B̶o̶y̶y̶👁️🪭 :
Green world 💚🥹
2025-09-05 11:31:44
1
P__S ♡❍ :
Gartmore යන ගමන් 🥰
2025-09-03 17:20:05
2
B L A C K wolf :
2025-09-04 16:12:13
1
< 𝙎 𝘼 𝙉 𝙅 𝙐 🩵 :
Home town 🥹💗
2025-09-11 13:28:21
1
𝗦 𝗛 𝗔 𝗡 🥤 :
My vilage 💛🍂🌈
2025-09-03 17:47:44
2
Tharinda :
ilmant enna ymu💚
2025-09-21 04:04:40
4
NisalEranda👻😜 :
වාව්
2025-09-21 17:14:29
1
Dhanula hasitha :
🍀👌
2025-09-13 02:52:54
1
sahan6 :
orchids mal tika kadapu eka nam waradi wade habi 🥲
2025-09-17 05:18:44
3
PANCHA :
village ❤️maskeliy 🥹
2025-09-18 13:24:05
1
awinkanadhushankh :
giya aye yamu
2025-09-17 03:07:40
1
prabath chathuranga :
යමු යමු♥
2025-09-18 23:18:26
1
Kavishka Sadeepa ❤️🩹👻 :
😁
2025-09-03 12:26:25
4
⚜️chamikara ⚓️ :
2025-09-05 13:38:55
1
Sadeepa 〽️iuranga.🇯🇵 :
E paththe parawal Katapadam dn Shuwarma parawal 😍
2025-09-03 19:22:42
1
IMASHA🪐💙 :
Gatmore 💚
2025-09-04 12:10:32
1
It's me Shanuwa 🍃🧸 :
Done 🥺❤️
2025-09-03 10:42:42
1
To see more videos from user @off.road.diaries, please go to the Tikwm
homepage.