@techknowsl: අපි අද බලමු NVIDIA Graphics Card naming කරන විදිහ අනුව ඒවල තේරුම් බලමු. 🟢මුලින්ම Graphics Card එකේ මුල් අකුරු 2 හෝ 3 තේරුම අපි බලමු. 1. GT - GT range එක කියන්නේ Nvidia සමාගමේ entry levelම graphics card line up එක. දැන් මේ graphics card range එක අද වන විට ගොඩක් තැන්වල use වීමක් වෙන්නේ නෑ. මේ graphics card use වෙන්නේ ගොඩක්ම පොඩි graphics usage සහ lite gaming වගේ පොඩි දේවල් වලට විතරයි. 2. GTX - GT වලින් පස්සේ ආපු range එක තමයි GTX කියලා කියන්නේ. GT වලට වඩා performance වැඩි මේ graphics cards gaming සහ graphics performance ටිකක් වැඩිපුර use වෙන වැඩ වලට use කරන්න පුලුවන්. 3. RTX - NVIDIA සමාගමේ අලුත්ම සහ දැනට NVIDIA සමාගම අවධානය දීලා තියෙන graphics card range එක තමයි RTX range එක කියන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ Ray-Tracing කියන technology එක සහ තව ගොඩක් features අන්තර්ගත වීම. Ray-tracing කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් Ray-Tracing කියන්නේ graphics render කරන technique එකක්. කෙටියෙන්ම කිව්වොත් සැබෑ ලෝකයේ ආලෝකය හැසිරෙන විදිහ අනුකරණය කරලා games වගේ දේවල් වල තියෙන elements, shadows වගේ දේවල් realistic විදිහට render කරන එක තමයි මේකේ තේරුම. මේ වැඩේට RTX cards වල තියෙන RT cores උදවු වෙනවා. 🟢ඊළඟට අපි බලමු අකුරු වලින් පස්සේ එන ඉලක්කම් වල තේරුම මොකක්ද කියලා. මේ ඉලක්කම් වලින් කියවෙන්නේ graphics card එකේ series එක එහෙමත් නැත්නම් generation එක සහ performance level එක ගැනයි. අපි දැන් බලමු ඒක හොයාගන්නේ කොහොමද කියලා. GT Card වලනම් ඉලක්කම් 3 හෝ 4 එනව උනාට GTX හෝ RTX card වලනම් එන්නේ ඉලක්කම් 4ක code එකක්. ඉලක්කම් 3ක GT card එකක්නම් පළවෙනි ඉලක්කමෙන් ඒකේ series එකත් අනිත් ඉලක්කම් දෙකෙන් performance level එකත් කියනවා GT760 කියන card එක ගත්තොත් 7 කියන්නේ series එක 700 series සහ 60 කියන්නේ performance level එක මම මේ level ගැන තව ටිකකින් කියන්නම්. ඉලක්කම් 4 code එකක්නම් පළවෙනි ඉලක්කම් දෙකෙන් series එකත් අනිත් ඉලක්කම් දෙකෙන් performance tier එක ගැනත් කියනවා. RTX4060 කියන එක ගත්තොත් 40 කියන එකෙන් කියන්නේ 40 series/4000 series සහ 60 කියන්නේ performance level එක. අපි බලමු දැන් මේ series සහ performance level වල තේරුම මොනාද කියලා 🟨Series වල තේරුම් සහ ඒවල Architecture name එක 20×× - 20 Series (Turing Architecture) 30×× - 30 Series (Ampere Architecture) 40×× - 40 Series (Ada Lovelace Architecture) 50×× - 50 Series (Blackwell Architecture) 🟨Performamce Tier වල තේරුම 50 - Entry Level 60 - Mainstream Level 70 - High Level 80 - Very High Level 90 - Enthusiast, Flagship Level 🟢 ඊළඟට අපි බලමු අන්තිමට තියෙන අකුරු වලින් කියවෙන තේරුම මොනාද කියලා. Graphics cards වල අන්තිමට එන අකුරු කීපයක් තියෙනවා අපි බලමු ඒවල තේරුම මොනාද කියලා 1. Ti - සාමාන්‍ය model එකේ card එකට වඩා performance වැඩියි. 2. OC - Graphics card එකේ base clock එකට වඩා වැඩි speed එකකට යන්න පුලුවන් ඒ කියන්නේ overclock කරන්න පුලුවන් graphics cards මේ විදිහට සඳහන් කරලා එනවා. 3. LHR (Lite Hash Rate) - මේ graphics card design කරලා තියෙන්නේ crypto mining වලට use කරන්න බැරි විදිහට හෝ mining speed එක ගොඩක්ම අඩු විදිහටයි. Gaming සහ අනිත් performance වලට කිසිම බාධාවක් මේ card එකෙන් නැති උනාට crypto mining වලට මේ card එක use කරන්න බෑ. ඉතින් දැන් ඔයාලට දැන් දැනුවත් බවක් ඇති කොහොමද graphics card එකක නමින් ඒකේ performance සහ level එක ගැන idea එකක් ගන්නේ කියලා 🔴ඉස්සරහටත් මේ වගේ දේවල් දැනගන්න අපේ Tiktok account එක දැන්ම follow කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ video එකකින් හම්බවෙමු... #techexplained #fyp #pchardware #gpu #nvidia
TechKnow
Region: LK
Tuesday 18 November 2025 13:03:58 GMT
Music
Download
Comments
GAMING PROFA :
card eke - Ti & Super kiyana deke performance wadi moked
2025-11-18 23:44:37
2
𝙼𝚛.𝙼𝚒𝚗𝚞™️🪽 :
clean.. simple.. on point 👏🔥
2025-11-19 12:29:58
2
𝝞𝝩𝝛 𝝘𝝙𝝯𝝞𝗦𝝜𝝙𝝥 :
supiri ♥️♥️♥️
2025-11-18 14:55:22
1
Semicolans :
😳😳😳
2025-11-19 19:17:46
0
To see more videos from user @techknowsl, please go to the Tikwm
homepage.