@crimefilessinhala: මියගිය දූවරුන් නැවත ඉපදුණාද? | The Dead Sisters Who Came Back 1957 අවුරුද්දේ එංගලන්තයේ හෙක්ස්හැම් නගරයේ සිද්ධ වුණ හරිම ශෝකජනක සහ අද්භූත කතාවක් මේක. ජෝන් සහ ෆ්ලෝරන්ස් පොලොක් යුවළගේ දුවලා දෙන්නා, අවුරුදු 11ක් වයස ජොආනා සහ අවුරුදු 6ක් වයස ජැකලින් හදිසි කාර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. මේ වියෝව දරාගන්න බැරි වුණ තාත්තා නිතරම කිව්වේ "මගේ දරුවෝ ආපහු එනවා" කියලයි. හැමෝම හිතුවේ මේක තාත්තා කෙනෙක්ගේ හිත් වේදනාව කියලා විතරයි. හරියටම අවුරුද්දකට පස්සේ මේ යුවළට නිවුන් ගැහැණු දරුවන් ලැබුණා. එයාලට ජිලියන් සහ ජෙනිෆර් කියලා නම් තිබ්බා. පුදුමය පටන් ගත්තේ එතනින්. ජෙනිෆර්ගේ ඇඟේ අමුතු උපන් ලප දෙකක් තිබුණා. එකක් නළලේ, අනික ඉනේ. වැඩේ කියන්නේ මැරුණු ජැකලින්ටත් කාර් අනතුරින් සහ වැටිලා වෙච්ච තුවාල කැළැල් හරියටම ඔය තැන්වලම තිබුණ එකයි. ළමයි ටිකක් ලොකු වෙද්දී මේ අද්භූත බව තවත් වැඩි වුණා. මේ දෙන්නා කවදාවත් දැකලා නැති, මැරුණු අක්කලාගේ සෙල්ලම් බඩු ඉල්ලන්න පටන් ගත්තා වගේම, ඒ බෝනික්කන්ට අක්කලා දාගෙන හිටපු නම්ම මේ දෙන්නත් පාවිච්චි කළා. ඒ විතරක් නෙවෙයි, එයාලා කවදාවත් ගිහින් නැති පාර්ක් එකක් ගැන විස්තර කියන්න ගත්තා. පාරේ යන කාර් එකක් ස්ටාර්ට් කරන සද්දෙ ඇහුණත් මේ දෙන්නා "කාර් එක එනවා අපිව ගන්න" කියලා බය වෙලා කෑ ගහන්න පටන් ගත්තා. අම්මා මේ කිසිම දෙයක් මේ දරුවන්ට කියලා තිබුණේ නෑ. හැබැයි දරුවන්ට වයස අවුරුදු 5 විතර වෙද්දී මේ අමුතු මතකයන් ටිකෙන් ටික මැකිලා ගියා. තාත්තාගේ විශ්වාසය ඇත්තක් වෙලා මැරුණු දරුවෝ ආයේ ඉපදුණාද, එහෙමත් නැත්නම් මේක අහඹු සිදුවීමක්ද කියන එක අදටත් ලෝකයම මවිත කරවන ප්‍රශ්නයක්. #crime #crimestory #crimesinhala #crimefiles
Crime Files
Region: LK
Friday 19 December 2025 07:23:38 GMT
Music
Download
Comments
🧑 :
👀👀
2025-12-19 13:16:30
30
DewZzz ▏🐊 :
🥲
2025-12-22 21:03:53
21
𝘋𝘶𝘭nX :
2026-01-01 11:40:06
3
Dinii 🍓! :
2025-12-30 17:05:45
0
WOF SHADOW :
2025-12-30 18:43:04
0
DExTeR Ae :
2025-12-25 02:05:12
1
𝐃ᴇᴡᴡ :
ⓘ This comment is not available in your region
2026-01-25 17:04:25
3
Esa :
Whats the fuck
2025-12-30 16:47:55
0
I'M T!XER 🗿🗣️ :
karma is back 😅
2025-12-27 04:06:56
0
PANDA_KICK :
😒😒😒
2025-12-19 10:10:00
3
TH ❤️❤️... :
😳😳😳
2026-01-01 15:36:40
0
Masha🌻 :
🥰🥰🥰🥰
2026-01-02 08:37:17
0
Amber Alena :
🥰❤️
2025-12-25 19:45:09
0
NETHAKA` :
😂😂😂
2026-02-22 12:37:05
0
ᴠ!ɴᴜᴡᴀ 🪬 👁️ :
ⓘ This message is not available in your region
2026-02-07 00:26:27
0
Pʀɪᴍᴇ 〆 𝐬𝐡𝐚𝐦 々 :
2025-12-25 08:11:34
5
K TWINS💦♎ :
2025-12-24 17:04:25
2
To see more videos from user @crimefilessinhala, please go to the Tikwm
homepage.