@shehannimantha94: දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණි වලව් ගැන කතා කරන විට එහි ඉහළින්ම පවතින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති දික්කන්ද වලව්වයි. මෙය ඉතා විශාල ලෙස ජනප්‍රියත්වයට පත්වී තිබෙන්නේ එම වලව්ව හා සම්බන්ධව පවත්නා වූ අද්භූත විශ්වාස පිළිබඳ ජනප්‍රවාද නිසයි. එහිදී එම ප්‍රදේශයේ ඕනෑම කෙනෙකුන්ගෙන් ඇසුවත් ඔවුන් පවසන්නේ දික්කන්ද වලව්ව යනු හොල්මන් අවතාර පිරුණු වලව්වක් බවත් ඒ අසලට කාටවත්ම යෑමට නොහැකි බවත්ය. එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ ජනප්‍රවාද හා කටකතා අනුව මෙහි ඉතිහාසය වර්තමානය ගැන විවිධ තොරතුරු සොයාගත හැකිය. යක්කල නගරයේ සිට හැතැප්ම 06ක් පමණ පැමිණි විට දික්කන්ද හන්දිය දැකගත හැකිය. හන්දියෙන් පටන් ගන්නා වතුයාය වතුරගම පින්වන්ත හන්දිය දක්වාම විහිදී තිබේ. පැරණි කොස් ගස් මෙහි මායිම් සීමාවල තිබෙන අතර වත්තේ හරි මැද තිබෙන ගල් පර්වතය මත පිහිටා ඇති වලව්ව ඔබේසේකර නම් පවුලට අයත් වූවක් බව කියවෙයි. මෙය විසිවන සියවසේ මුල් භාගයේ ඉදිකරන්නට යෙදුණු බව කියැවේ. මෙම වලව්ව ඉතා විශාල ගොඩනැගිල්ලකි. එය අදටත් අපට ඈතින් පවා දැකගත හැකිය. සමහර තොරතුරු අනුව මෙය වසර 150කට වඩා පැරණි බවද සඳහන් වේ. මෙහි කාමර සීයක් පමණ ඇති බවට කටකතා පැතිරුණත් පසු සොයාගැනීම්වලින් කියවෙන්නේ එහි කාමර 18ත් 20ත් අතර ප්‍රමාණයක් ඇති බවයි. කෙසේ වෙතත් මෙහි අද්භූත අවතාර ගැන කටකතා නම් වර්තමානය වන තෙක්ම පවතී. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට රාත්‍රී කාලයේදී වලව්වෙන් අමුතු ශබ්ද, විලාප හඬවල් සහ නොපැහැදිලි කෙඳිරි වැනි දේ ඇසෙන බව වාර්තා වේ. සමහරු පවසන්නේ තමන් අඳුරේදී අවතාර රූප දැක ඇති බවයි. තවත් සමහරුන් කියන්නේ එහි ඇතුළුවීමට උත්සාහ කළ අයට අවාසනාවන්ත සිදුවීම් සිදුවූ බවයි. “රෑට ඒ පැත්තට යන්න බයයි. කාලෙන් කාලෙට ඒ පැත්තෙ අමුතු සද්ද ඇහෙනවා. සමහරු කියනවා එතන මැරුණු අයගේ ආත්ම ගැවසෙනවා කියලා.” එම ප්‍රදේශයේ මිනිසුන් අප හා පවසන්නේ එවැනි කරුණුයි. එමෙන්ම තවත් කතාවක් වනනේ මෑතකදී ඒ දෙසට යැවූ ඩෝන කැමරාවක්ද අතුරුදන් වූ කතාවයි. එය ද මේ වනවිට කටකතාවක් ද ඇත්තක් ද යන්න සොයා ගැනීමට නොහැකි තරමටම ජනතාව අතර ප්‍රසිද්ධ වී තිබේ. අතීතයේ මේ සිදු වූ ඛේදජනක සිදුවීම් අද්භූත මරණ හෝ සාහසිගත ක්‍රියා මේ හොල්මන් කතාවලට මුල් වී ඇතැයි ජනතාව විශ්වාස කරති. මේවා සත්‍ය සිදුවීම් ද නැතහොත් ප්‍රචාරණයන් හා මිනිසුන්ගේ මනසින් ගොඩනැඟුණු බිය ද යන්න කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැක. මේ වලව්ව තුළ සිදුවූ නිශ්චිත මරණයක් ගැන නිසියාකාරව තොරතුරු නොතිබුණත් සිදුවීම් තිබේ. එමෙන්ම දික්කන්ද වලව්ව භූත බංගලාවක් යැයි මිනිසුන් විශ්වාස කිරීමට පෙළඹෙන හේතු රාශියක් තිබේ. පළමුවැන්න හොල්මන් කතායි. ප්‍රදේශයේ ජනතාව තුළ මේ වලව්ව පිළිබඳ අද්භූත සිදුවීම් විවිධ කතා පරම්පරාවෙන් පරම්පරාවට ගලා යයි. තවත් හේතුවක් වන්නේ මෙය පෞද්ගලික දේපළක් වීමත් එයට කාටවත් පිවිසීමට අවසර නොදීමත්ය. එවිට මෙයට ඇතුල්වීමට ඉඩ නොදීම නිසාම කුතුහලයක්. ගුප්ත බවක් ඇතිවේ. එමෙන්ම හුදකලා පිහිටීම හා විශාලත්වයද එයට හේතුවී තිබේ. මෙය අක්කර ගණනාවක පැතිරී තිබුණත් වලව්ව එහි හරි මැද පර්වතයක් මත ඉදිකර තිබීමත් එහි පාළු බවත් මෙයට හේතුවේ. තවද එම වලව්ව පාළුවට ගොස් අබලන් වෙමින් තිබෙන නිසා එහි භයානක ගතිය තවත් ඉස්මතු වී තිබේ. පෞද්ගලික අත්දැකීම් ද මෙයට හේතු වී තිබේ. ඇතැම් අය මේ ළඟින් ගමන් කරන විට ශබ්ද, සුවඳ හෝ දර්ශන අත්විඳි බව පවසයි. නමුත් ඔවුන් වලව්ව අසලින් යන්නේ භීතියෙන් හා කුතුහලයෙන් නිසා සුළඟ හෝ සතුන්ගේ ශබ්ද වුවත් හොල්මන් ලෙස දැකීමට ඔවුන්ට ඉඩ තිබේ. වර්තමානයේ මෙහි හිමිකාරීත්වය විදේශිකයෙකුට අයත් බව කියැවේ. තවත් සමහරුන් එය විදේශගත වී සිටින ලාංකිකයෙකුට අයත් බව කියයි. මෙය පෞද්ගලික දේපළක් වන අතර කිසිවෙකුට අවසරයකින් තොරව ඇතුළුවීම තහනම් කර තිබේ. දික්කන්ද වලව්ව පිළිබඳව ඇසෙන හොල්මන් කතා සත්‍යය ද අසත්‍යය ද යන්න විවිධ මත පවතී. වලව්ව වටා පැය 24 පුරාම CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන බවටද තොරතුරු වාර්තා වේ. දික්කන්ද වලව්ව අද වනවිටත් ශ්‍රී ලංකාවේ අභිරහස් හා අද්භූත ස්ථාන අතර ප්‍රමුඛ ස්ථානයක් ගනියි. එය අදටත් ශ්‍රී ලංකාවේ නොවිසඳුන අභිරහස ලෙස පවතී. එහි ඉතිහාසය අද්භූත සිදුවීම් හා ඒ වටා ගෙතුණු කතා අද්භූතක දේ සොයන අයගේ සහ කුතුහලයෙන් පෙළෙන අයගේ ගමනාන්තයක් බවට පත් කර ඇත. කඳුකර මීදුම අතරින් නිහඬව අප දෙස නෙත් යොමාගෙන සිටින මෙම වලව්ව අතීතයේ රහස් හා නොපෙනෙන ලෝකයක බලපෑම් පිළිබඳව අපට නැවත සිතන්නට ආරාධනා කරයි. #dikkandawalawwa #foryou #srilanka🇱🇰 #viralvideo #foryoupage

Shekka94
Shekka94
Open In TikTok:
Region: LK
Wednesday 14 January 2026 11:32:55 GMT
6616
161
5
14

Music

Download

Comments

chadprovillain123
TAI〠 lu n gᴺᴮ :
meke minissu inawada bn
2026-05-08 09:16:05
1
lak7371
💞❣️💲LAKIYA :
🥰🥰🥰
2026-01-15 05:10:33
1
iam_imesha_
__(The_panda🐼💖_)__ :
koheda oya
2026-01-15 06:28:20
1
To see more videos from user @shehannimantha94, please go to the Tikwm homepage.

Other Videos


About