@halfbloodprincesl: වෝල්ඩමෝට් ඩිමෙන්ටර්ස්ලව තමන්ගේ පැත්තට ගත්තේ "කටට රහට කන්න දෙනවා" වගේ පොරොන්දුවක් දීලා. නිකන් හිතන්න, ඩිමෙන්ටර්ස්ලා කාලයක් තිස්සේ හිටියේ අමාත්‍යාංශය යටතේ. අමාත්‍යාංශය කියන්නේ හරියට නීති ගොඩක් දාපු ආයතනයක්නේ. මායා අමාත්‍යාංශය කිව්වේ "උඹලට කන්න (සතුට උරා බොන්න) පුළුවන් අස්කබාන් ඇතුලේ ඉන්න හිරකාරයන්ගෙන් විතරයි. එළියට යන්න තහනම්." පස්සේ වෝල්ඩමෝට් ඇවිත් ඩීල් එකක් ගහනවා "පිස්සුද බං ඕක ඇතුලේ ඉන්නේ? මගේ පැත්තට වරෙන්. මම දෙනවා උඹලට මුළු ලෝකෙම. මැජික් කාරයෝ විතරක් නෙවෙයි, මගල් මිනිස්සුන්ව වුණත් ගොදුරු කරගත්තට මගේ අවුලක් නෑ" කියලා. ඉතින් නිකන් ලැබෙන කෑම ටික අතහැරලා, මුළු රටම හෝදගෙන කන්න පුළුවන් චාන්ස් එකක් ආවම ඩිමෙන්ටර්ස්ලා එක පයින් වෝල්ඩමෝට් එක්ක එකතු වුණා. මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදියට තමයි අර ලොකු හිරගෙදර කැඩීම සිද්ධ වුණේ. අමාත්‍යාංශය හිතාගෙන හිටියේ ඩිමෙන්ටර්ස්ලා අස්කබාන් මුර කරනවා කියලා. ඒත් ඇත්තටම ඩිමෙන්ටර්ස්ලා කරේ, වෝල්ඩමෝට්ගේ අණ පරිදි එයාගේ හොඳම ගෝලයෝ ටිකට හිරෙන් පැනගන්න පාර කපලා දීපු එක. මුරකාරයම හොරා වුණාම මායා අමාත්‍යාංශයට කරගන්න දෙයක් නැති වුණා. මේක තමයි දරුණුම කාරණේ. අමාත්‍යාංශය යටතේ ඩිමෙන්ටර්ස්ලට හිතුමතේ බෝ වෙන්න බැරි වුනාට වෝල්ඩමෝට් ඒකට ඕන තරම් නිදහස දුන්නා. Half Blood Prince පොත බලපු කට්ටියට, පටන් ගන්නකොට එංගලන්තේ ලොකු මීදුමක් තියෙනවා මතකද? අගමැති පවා පුදුම වෙනවා ඇයි මේ ජූලි මාසේ මෙච්චර සීතල කියලා. ඒ නිකන් මීදුමක් නෙවෙයි. ඩිමෙන්ටර්ස්ලා රට පුරාම සැරිසරමින් වේගයෙන් බෝ වෙන්න පටන් ගත්තම හැදෙන දුක සහ අඳුර තමයි ඒ පරිසරයට මීදුමක් වගේ එකතු වෙලා තිබුණේ. ඩිමෙන්ටර්ස්ලා කියන්නේ ආලෝකය, සතුට තියෙන තැන්වල ඉන්න කැමති ජාතියක් නෙවෙයිනේ. උන් කැමති අඳුරට. වෝල්ඩමෝට් හදන ලෝකය කියන්නේ මරණය, බිය සහ වේදනාව පිරුණු තැනක්. ඒක හරියට ඩිමෙන්ටර්ස්ලට AC කාමරයක් දුන්නා වගේ වැඩක්. උන්ට ජීවත් වෙන්න ලේසිම පරිසරය හැදුවේ වෝල්ඩමෝට්. වෝල්ඩමෝට්ගේ පැත්ත ගත්තට පස්සේ ඩිමෙන්ටර්ස්ලා නිකන් පැත්තකට වෙලා හිටියේ නෑ, එයාලා වෝල්ඩමෝට්ගේ හමුදාවේ ප්‍රධානම අවියක්. වෝල්ඩමෝට්ට තමන්ගේ පරණ හිතවත්තු ආයේ ඕන වෙලා හිටියේ. හැබැයි බෙලාට්‍රික්ස්, ලෙස්ට්‍රේන්ජ් සහෝදරයෝ වගේ වෝල්ඩමෝට්ගේ හිතවත්ම වගේම භයානකම අය හිටියේ අස්කබාන් එකේ. ඩිමෙන්ටර්ස්ලා අස්කබාන් එකේ මුරකාරයෝ විදියට ඉන්න ගමන්ම, වෝල්ඩමෝට්ගේ නියෝගයට අනුව සිරගෙදර දොරවල් ඇරලා දුන්නා. මේක නිසා තමයි බෙලට්‍රික්ස් ඇතුළු ඩෙත් ඊටර්ස්ලා 10 දෙනෙක් එක පාර එළියට පැන්නේ (Order of the Phoenix වල). පස්සේ කාලෙක ලූසියස් මැල්ෆෝයි ඇතුළු ඉතිරි සෙට් එකත් එළියට ගන්න ඩිමෙන්ටර්ස්ලා උදව් කළා. වෝල්ඩමෝට්ගේ හමුදාව ආයේ හැදුණේ ඩිමෙන්ටර්ස්ලා දීපු මේ සපෝට් එක නිසා. වෝල්ඩමෝට් මායා අමාත්‍යාංශය අල්ලගත්තට පස්සේ ඔහු ඩිමෙන්ටර්ස්ලව කෙලින්ම අමාත්‍යාංශය ඇතුළට ගෙනාවා. මගල්ලාට දාව ඉපදෙන මායාකාරයන්ගේ උසාවි නඩු වලට ඩිමෙන්ටර්ස්ලව දාලා එතනදී මගල් දෙමව්පියන්ගෙන් පැවත එන මායාකාරයන්ව ප්‍රශ්න කරනකොට, එයාලගේ සතුට උරා බීලා, එයාලව අසරණ කරන්න ඩිමෙන්ටර්ස්ලව පාවිච්චි කළා වගේම අම්බ්‍රිජ් එහෙම මේ වැඩේට ඩිමෙන්ටර්ස්ලව බල්ලො වගේ ළඟ තියාගෙනයි හිටියේ. අන්තිම යුද්ධෙදිත් එයාලා කෙලින්ම සටන් බිමට බැහැලා යුද්ධය අතරතුර එකපාරම හොග්වර්ට්ස් එකට කඩා පනිනවා. තව Deathly Hallows වලදි හැරී හොක්‍රක්ස් හොයන්න හොග්වර්ට්ස් වලට රිංගන්න හදනකොට මුළු හොග්මීස්ට් ගමම මුර කළේ ඩිමෙන්ටර්ස්ලා. වෝල්ඩමෝට් දන්නවා හැරී එනවා කියලා. ඒ නිසා රෑට රෑට ගමේ මුර සංචාරේ යන්න ඩිමෙන්ටර්ස්ලව යොදවලා තිබුණා. කවුරුහරි එළියට බැස්ස ගමන් ඩිමෙන්ටර් කෙනෙක් එතනට පාත් වෙනවා. ඒ වගේම වෝල්ඩමෝට්ට ඕන වුණා මැජික් ලෝකය විතරක් නෙවෙයි මගල් ලෝකයත් අස්ථාවර කරන්න. ඩිමෙන්ටර්ස්ලා එංගලන්තේ හැමතැනම ගිහින් මිනිස්සුන්ට පහර දුන්නා. පොතේ හැටියට, මිනීමැරුම් වැඩි වෙනවා මේ ඩිමෙන්ටර්ස්ලා නිසා ඇති වුණු බලපෑමෙන්. මේකෙන් වුණේ මුළු රටේම මිනිස්සු බයෙන් සහ දුකින් ජීවත් වෙන තත්ත්වයක් ඇති වුණු එක. ඒක වෝල්ඩමෝට්ගේ පාලනයට ලොකු හයියක් වුණා. Follow us 🖤📌️ #harrypotter #හැරීපොටර් #fyp #viral #trending
Half Blood Prince
Region: LK
Thursday 15 January 2026 12:35:11 GMT
Music
Download
Comments
PRASH :
Voldermort මැරුනට පස්සෙ මොකද උනේ?
2026-01-15 17:25:01
3
𝗚𝗮𝘆𝗮_𝗔𝗰𝗵𝗶𝗻🐻❄️🌊 :
😍😍😍thanks පැහැදිලි කරපු එකට
2026-01-15 13:13:07
2
yugeethSathnidu :
💗
2026-01-15 13:14:31
2
Anushka Udayanga :
💜️💜️
2026-01-15 13:34:47
0
To see more videos from user @halfbloodprincesl, please go to the Tikwm
homepage.