@vina.pinil: Ladies collection Dress tanktop #dress #tanktop #tanktopmini #minidress

VINA PINIL
VINA PINIL
Open In TikTok:
Region: ID
Tuesday 20 January 2026 11:24:14 GMT
366
12
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @vina.pinil, please go to the Tikwm homepage.

Other Videos

වේගාර්ට වඩා ලොකු මකරෙක්?  බැලේරියන්ට වඩා දරුණු මකරෙක්?  කවුද ඇත්තටම මේ 'ඇන්කලගෝන් ද බ්ලැක්'? Game of Thrones හෝ House of the Dragon බලපු කෙනෙක්ගෙන් ලෝකෙ ඉන්න ලොකුම, දරුණුම මකරා කවුද කියලා ඇහුවොත්, ඔවුන් දෙන උත්තරය මොකක් වෙයිද?  එක්කෝ ඒ යුද්ධ දිනවපු දැවැන්ත වේගාර් (Vhaghar).  එහෙමත් නැත්නම් ඩ්‍රැගන්ස්ටෝන් දූපතම හොල්ලපු, 'Black Dread' කියලා විරුදාවලිය ලත් බැලේරියන් (Balerion). හැබැයි fantasy ලෝකයේ මකරුන්ගේ ඉතිහාසය හාරා අවුස්සලා බලද්දී, වේගාර් වගේ මකරුන් පවා
වේගාර්ට වඩා ලොකු මකරෙක්? බැලේරියන්ට වඩා දරුණු මකරෙක්? කවුද ඇත්තටම මේ 'ඇන්කලගෝන් ද බ්ලැක්'? Game of Thrones හෝ House of the Dragon බලපු කෙනෙක්ගෙන් ලෝකෙ ඉන්න ලොකුම, දරුණුම මකරා කවුද කියලා ඇහුවොත්, ඔවුන් දෙන උත්තරය මොකක් වෙයිද? එක්කෝ ඒ යුද්ධ දිනවපු දැවැන්ත වේගාර් (Vhaghar). එහෙමත් නැත්නම් ඩ්‍රැගන්ස්ටෝන් දූපතම හොල්ලපු, 'Black Dread' කියලා විරුදාවලිය ලත් බැලේරියන් (Balerion). හැබැයි fantasy ලෝකයේ මකරුන්ගේ ඉතිහාසය හාරා අවුස්සලා බලද්දී, වේගාර් වගේ මකරුන් පවා "පුංචි පැටව්" ගානට දාන්න පුළුවන් තරමේ අති දැවැන්ත, මහා විනාශකාරී කළු මකරෙක් ගැන තොරතුරු හමු වෙනවා. ඔව්... අපි මෙයාව දකින්නෙ GRR මාටින් මහත්මය (George R.R. Martin) ගේ කතාවලින් නෙමෙයි, Fantasy සාහිත්‍යයේ පීතෘවරයා විදිහට සලකන J.R.R. ටොල්කින් (J.R.R. Tolkien) මහත්මයාගේ The Lord of the Rings විශ්වයෙන්. ඔහු තමයි ඇන්කලගෝන් ද බ්ලැක් (Ancalagon the Black) කඳු පන්ති සමතලා කරපු දැවැන්තයා. ටොල්කින්ගේ The Silmarillion ග්‍රන්ථයට අනුව, ඇන්කලගෝන් කියන්නේ Middle-earth ඉතිහාසයේ බිහිවුණු ලොකුම සහ බලසම්පන්නම පියාපත් සහිත මකරා. ඔහුගේ විශාලත්වය කොච්චරද කියනවා නම්, ඔහු අහසට නැඟෙද්දී මුළු සූර්යාලෝකයම වැහිලා, මුළු ප්‍රදේශයම කළු වලාකුළකින් වැසුණා වගේ අඳුරු වෙනවලු. ඔහුගේ දරුණුකම සහ විශාලත්වය ගැන හොඳම සාක්ෂිය ලැබෙන්නේ ඔහුගේ අවසානයත් එක්ක. පලමු යුගයේ (First Age) සිදුවුණු මහා යුද්ධයකදී, අර්ධ-මිථ්‍යා වීරයෙක් වුණු 'Eärendil' සහ රාජාලියන් එකතු වෙලා දිනක් පුරා කරපු සටනකින් පස්සේ ඇන්කලගෝන්ව බිම හෙළන්න සමත් වෙනවා. අහසේ ඉඳන් මියගිහින් බිමට වැටුණු ඇන්කලගෝන්ගේ සිරුරේ බරට, ඒ ප්‍රදේශයේ තිබුණු 'Thangorodrim' කියන දැවැන්ත ගිනිකඳු තුනම කුඩුපට්ටම් වෙලා සමතලා වෙලා ගියා කියලා තමයි ටොල්කින් ලියලා තියෙන්නේ. Game of Thrones ලෝකයේ බැලේරියන්ගේ ගින්දරට පුළුවන් වුණා හරෙන්හෝල් (Harrenhal) මාලිගාවේ ගල් පවා දියකරලා දාන්න. හැබැයි ටොල්කින්ගේ ලෝකයේ ඇන්කලගෝන්ගේ ගින්දර ඊට වඩා සිය දහස් ගුණයක් බලවත්. The Fellowship of the Ring පොතේ Gandalf පවසන විදිහට, ලෝකයේ තිබුණු බලගතුම මායා මුදු (Rings of Power) පවා උණු කරලා විනාශ කරන්න තරම් මහා තාපයක් ඇන්කලගෝන්ගේ ගින්දර සතුව තිබුණා (හැබැයි සෞරොන්ගේ 'One Ring' එක විනාශ කරන්න ඒ ගින්දරටත් බැරි වුණා කියලා ගැන්ඩල්ෆ් කියනවා). වේගාර් සහ ඇන්කලගෝන් අහසයි පොළොවයි වගේ අපි දන්නවා House of the Dragon කතාවේ වේගාර් ඉගිලෙද්දී ඇතිවන හුළඟට ගස් කොළන් පවා මුලින් උදුරාගෙන යනවා. හැබැයි වේගාර් කියන්නේ ඇන්කලගෝන්ගේ එක පියාපතක ප්‍රමාණයටවත් සමාන කරන්න බැරි තරම් කුඩා මකරෙක්. ෆැන්ටසි චිත්‍ර ශිල්පීන් සහ රසිකයන් කරපු පරිමාණයන් (Size comparisons) අනුව බැලුවොත්, වේගාර් හෝ බැලේරියන් කියන්නේ ඇන්කලගෝන්ගේ කටේ දතක් තරම්වත් විශාලත්වයක් තියෙන සත්වයන් නෙමෙයි. ඉතින්, ජෝර්ජ් ආර්. ආර්. මාටින්ගේ මකර ලෝකය අපව විශ්මයට පත් කරද්දී, ටොල්කින් මහත්මයා මීට දශක කිහිපයකට කලින් මවාපු මේ "කළු මකරා", අදටත් Fantasy ඉතිහාසයේ නොසැලෙන, බියකරුම සහ දැවැන්තම මකර රජු විදිහට කිරුළු පළඳන් ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් ඉතිරි වෙනවා...මෙච්චර විශාල, අහසම වහන්න පුළුවන්, ගිනිකඳු සමතලා කරන්න පුළුවන් මකරෙක්ව මරන්න සාමාන්‍ය මනුස්සයෙක්ට හෝ එල්ෆ් (Elf) කෙනෙක්ට පුළුවන්ද? ඇන්කලගෝන් සහ අර්ධ-මිථ්‍යා වීරයෙක් වුණු Eärendil අතර අහසේ සිද්ධ වුණු ඒ මහා දරුණු සටන මොන වගේ එකක් වෙන්න ඇතිද? මිනිස් ඇසකට දරාගන්න බැරි තරම් බියකරු වුණු, දිනක් පුරා ඇදුණු ඒ මරණීය සටනේදී Eärendil ට උදව් කරපු මහා රාජාලියන් කවුද? මේ හැමදේම ගැන, ඇන්කලගෝන්ගේ අවසානය සනිටුහන් කරපු ඒ මහා යුද්ධයේ ලොමුදැහැගන්වන විස්තර දැනගන්න ආසද ? Choice is yours !! #trendingpost #post #facebookpost #viralpost

About