@rasa.com89: සිරිපාල දවසක් දුර ගමනක් ගියා. පාර වැටිල තිබ්බෙ ඝන කැළෑවක් මැදින්. කැළෑව මැද්දෙදි කාර් එක කැඩුණා. ඒ මදිවට දැන් රෑත් වෙලා. වට පිට බැලුවම සිරිපාල දැක්කා, හාමුදුරුවරු භාවනා කරන ආශ්‍රමයක් ඒ කිට්ටුව තියනව කියල සඳහන් වෙච්ච නාම පුවරුවක්. සිරිපාල නාම පුවරුවෙ සඳහන් වෙච්ච දිහාවට කැළේ ඇතුළට ටික දුරක් ගියාම, පන්සලක් වගේ පෙනුණු, පුංචි ආවාස ගෙයක් දැක්කා. සිරිපාල ගිහින් දොරට තට්ටු කළා. දොර ඇරියෙ තාපසයෙක් වගේ ඇඳගත්ත කෙනෙක්. "මගෙ කාර් එක කැඩුණා. මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද?". තාපසතුමා සිරිපාලව ඇතුළට අරගෙන, කෑම බීම වලින් සංග්‍රහ කරලා, නිදාගන්න ඇඳකුත් ලෑස්ති කරල දුන්නා. සිරිපාල නිදාගන්න ගියාම, සිරිපාලට අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ සද්දෙ මොකද්ද කියල සිරිපාලට හිතාගන්න බැරි වුණත්, සිරිපාල ඒ ගැන හිත හිත නින්දට ගියා. පහුවදා උදේ, සිරිපාල පුදුමයට පත් කරමින්, සිරිපාලගෙ කැඩුණු කාර් එක, තාපසතුමා හදල තිබ්බා. සිරිපාල තාපසතුමාට ස්තූති කරලා මෙහෙම ඇහුවා. "ඔබතුමා මට කරල දීපු හැමදේකටම බොහොම ස්තූතියි. මට ඊයෙ රෑ අමුතු සද්දයක් ඇහුණා. ඒ මොකද්ද කියල මට දැනගන්න පුලුවන්ද?". "ඒ මොකද්ද කියල ඔයාට කියන්න මට අවසර නෑ. මොකද ඔබ තාපසයෙක් නොවන නිසා". සිරිපාල කුතුහලයෙන් යුතුව ආශ්‍රමයෙන් පිට වුණා. ආපහු එන ගමන් ඒ ගැන කල්පනා කළත්, ඒ සද්දෙ මොකද්ද කියල හිතාගන්න බැරි වුණා. වසර කිහිපයකට පස්සෙ, සිරිපාල ආපහු මේ කැළේ මැද්දෙන් යද්දි, ආයෙත් ඒ හරියෙදිම කාර් එක කැඩුණා. සිරිපාල ආපහු කලින් සැරේ වගේ තාපසාරාමයෙන් ගිහින් උදව් ඉල්ලුවා. සිරිපාලට හොඳින් සංග්‍රහ කළ තාපසතුමා, නිදාගන්න ඇඳකුත් ලබා දුන්නා. සිරිපාල නිදාගන්න යද්දි, කලින් සැරේ වගෙම අර අමුතු සද්දෙ ඇහෙන්න ගත්තා. සිරිපාල උදේ නැඟිටල බලද්දි කාර් එකත් අලුත් වැඩියා කරල තිබුණා. සිරිපාල තාපසතුමාට ස්තූති කරලා, අර සද්දෙ ගැන නැවත තාපසතුමාගෙන් ඇහුවා. "ඒ සද්දෙ මොකද්ද කියල ඔයාට කියන්න මට අවසර නෑ. මොකද ඔයා තාපසයෙක් නෙමෙයි". "මට ඒ සද්දෙ මොකද්ද කියල දැනගන්නකල් ඉවසිල්ලක් නෑ. තාපසයෙක් වුණොත් විතරක් නම් මට ඒ ගැන කියන්නෙ, තාපසයෙක් වෙන්න මං මොනවද කරන්න ඕනෙ?". "ඔයාට තාපසයෙක් වෙන්න ඕනෙ නම්, පෘථිවිය වටේ ඇවිදලා, ලෝකෙ තියන බොරළු කැට ගාණ ගණන් කරගෙන ඇවිල්ල මට කියන්න ඕනෙ. එතකොට ඔබට තාපසයෙක් වෙන්න පුලුවන්". සිරිපාල තාපසාරාමයෙන් සමුගෙන ආපහු එන්න පිටත් වුණා. ගෙදර ඇවිල්ලා, ලෝකෙ වටේ ගිහින් බොරළු කැට ගණන් කරන ගමනට පිටත් වුණා. අවුරුදු 45කට පස්සෙ, සිරිපාල තාපසාරාමයේ දොරට තට්ටු කළා. තාපසතුමා දොර ඇරගෙන එළියට ආවා. "මං ලෝකෙ පුරා සංචාරය කරලා, බොරළුකැට ගණන් කරගෙන ආවා. බොරළු කැට 231,281,219,999,129,382ක් තිබුණා. මට දැන් තාපසයෙක් වෙන්න පුලුවන්ද?". "මගෙ සුභ පැතුම්. ඔබ දැන් තාපසයෙක්. මං පෙන්නන්නම් ඔබට ඒ සද්දෙ කොහෙන්ද ආවෙ කියල". තාපසතුමා සිරිපාලව ලීයෙන් හදපු දොරක් ළඟට එක්කන් ගියා. ඒත් ඒ දොර අගුල් දාල තිබ්බෙ. "සද්දෙ එන්නෙ මේ දොරට පිටිපස්සෙන්". තාපසතුමා කිව්වා. සිරිපාල දොර ළඟට ගිහින්, "මේ අගුළෙ යතුර මට දෙනවද?" කියල තාපසතුමාගෙන් ඉල්ලුවා. තාපසතුමා සිරිපාලට යතුර දුන්නා. සිරිපාල දොර ඇරගෙන ඇතුළට ගියාම, ගලෙන් හදපු තව දොරක් තිබුණා. සිරිපාල ඒ ගල් දොරේ යතුර තාපසතුමාගෙන් ඉල්ලුවා. තාපසතුමා යතුර දුන්නා. ගල් දොර ඇරගෙන ඇතුළට ගියාම, සිරිපාලට තවත් රතු මැණික් වලින් සාදන ලද දොරක් දකින්න ලැබුණා. සිරිපාල ඒ දොරේ යතුරත් තාපසතුමාගෙන් ඉල්ලගෙන දොර ඇරියා. ඇතුළට ගියාම, නිල් මැණික් වලින් සාදන ලද තවත් දොරක් දකින්න ලැබුණා. ඒ දොරේ යතුරත් ඉල්ලගෙන, දොර ඇරගෙන ඇතුළට ගියාම, කහ මැණික් සහිත දොරක්, ඊළඟට රිදී දොරක්, ඊළඟට රත්තරන් දොරක්, අවසානයේදී දියමන්ති වලින් දොරක් හම්බවුණා. "මේ තමයි අවසාන දොර". තාපසතුමා යතුර දෙන ගමන් කිව්වා. සිරිපාල දියමන්ති දොර ඇරගෙන ඇතුළට ගියාම, සිරිපාලට දැකගන්න පුලුවන් වුණා, අර සද්දෙ ආවෙ මොකකින්ද කියලා. සිරිපාල පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. අවාසනාවට, ඒ සද්දෙ ආවෙ මොකකින්ද කියල ඔයාලට කියන්න විදියක් නෑ. මොකද ඔයාල තාපසයො නෙමෙයිනෙ. 🤭🤭🤭 උඹල වැටිච්ච අමාරුවේ තව එකෙක් දාන්න ඕනෙ නම් යාලුවෙක් මෙන්ෂන් කරගෙනම පලයං

ART FOR LIFE
ART FOR LIFE
Open In TikTok:
Region: LK
Wednesday 21 January 2026 16:05:34 GMT
13747
304
26
55

Music

Download

Comments

oshada.eranda
Oshada Eranda :
@Dew Kanishka @tharind_uu 🇱🇰|🇷🇺
2026-01-28 09:34:43
0
saj78643
Saj :
😂😂😂😂😂😂😂😂😂😂
2026-01-22 15:12:44
2
kuvetahasayata
°~~☆❣️ සයුරි ❣️☆~~° :
😂😂😂😂😂
2026-01-21 18:05:58
1
mahesh.priyantha
Mahesh Priyantha :
🙂
2026-01-22 04:19:37
1
ann471924
Priyangika :
😂😂
2026-01-22 05:08:44
1
nilmini.ransikanimmi
Nimmi :
😂😂😂😂😂😂😂😂😂
2026-01-21 18:01:02
1
liththazz
𝙻𝚒𝚝𝚑𝚝𝚑𝚊𝚣𝚣 🍁👑️ :
@10:23 💐🩷 @Maleezaaa💕 meka balannakooo 🤭
2026-01-23 10:31:35
1
anusenarath
🖤_ අ නූ _🖤 :
@@SashiNavody ඒයි මෙන්න
2026-01-22 06:21:13
1
sameerasampath814
sameera :
😇😇😇
2026-01-22 05:36:35
1
rangahimanshuthil
Himanshu :
😂😂😂😂🤪🤪🤪🤪
2026-01-25 13:43:00
0
._ishyy_
🫶إيشاني :
@👽💫
2026-02-08 07:34:37
0
upendranissanka
UpendraNissanka :
@Tik @lash @Travelworld_Cherrygirl
2026-01-27 03:31:39
0
nelo9027
nilusha :
😂😂😂😂😂
2026-01-22 10:19:38
0
sabeetha60
☀️🍀☀️G M S jeewani 💖💖 :
🤒🤒🤒🤒
2026-02-05 01:29:39
0
savierpeters1
savier :
@N¡K¥´´®°👽🔇 🤩
2026-01-24 20:19:45
2
shanakaeranga
Era :
ප්
2026-01-22 12:51:12
1
sajee5239
🌺..සජී.. ♥️♥️ :
😳😄😄😄ම
2026-01-27 12:13:50
0
1968_amore
peace54 :
මේක ඇත්තෙන්ම බොරු කතාවක්නේ දාපු සතුමා කෙනෙක් ඇති නවතී කියන දොරවල් තියෙන්න විදියක් නෑ. අනිත් කාරණාව ඔය මනුස්සයා කීයටවත් ලෝකයේ ඔය තියෙන සියලුම බොරලූ කැට ගණන් කරන්න පුළුවන්කමකුත් නෑ. ඉතින් එක බොරුවක් දෙකක් තුනක් නෙමෙයි. ඒවට රැවටෙන මිනිස්සුත් ඉන්නවා ේ මිනිස් ලෝකයේ තියෙන තාක් රැවටිල්ල තමයි යාග්‍රහණය කරන්නේ අවාසනාවයිනේ. හැබැයි එක දෙයක් තියනවා ඔය ලෝකයේ වටේ නොගිහින් එක සිතිවිල්ලකින්ම මුළු විශ්ව තලයේම තියෙනවා නම් බොරළු ඒ බොරලු කැට කීයද කියලා සුරු ගහන සැණෙකින් කියන්න පුළුවන් එකම එක්කෙනයි ඒ දෙවියන් මේ මුළු විශ්වයම බව පුදුමයන් වහන්සේට විතරයි. ප්‍රථමයන් වහන්සේ විශ්වාස කරන්න ඔය එක එක බොරු කතා විශ්වාස කරන්නේ නැතුව
2026-01-22 10:23:16
5
ashi_senanayake321
ndee :
pala...😁
2026-01-22 01:20:19
1
sk325075
M.A. :
pisso okkoma
2026-01-22 08:56:20
1
To see more videos from user @rasa.com89, please go to the Tikwm homepage.

Other Videos


About