@moviesandtelefans9170: ආදරය, මනුෂ්‍යත්වය, ස්වභාවධර්මයට එරෙහි වෙලා අමරණීයත්වය වෙනුවෙන් තමන්ගේම ආත්මය බිලි දෙන හෝක්‍රක්ස් එකක් නිර්මාණය කරන එක හැරී පොටර් විශ්වයේ තියෙන අඳුරුම, භයානකම සහ පිළිකුල් සහගතම මායාවක්. හොක්‍රක්ස් එකක් හදන්න කලින් ආත්මය ගැන තේරුම් ගන්න ඕනි. සාමාන්‍ය මායා ලෝකයේ නීතියට අනුව ආත්මය කියන්නේ හානි නොවිය යුතු, සම්පූර්ණ දෙයක්. — Slughorn | The Half Blood Prince Chapter 23 — හොක්‍රක්ස් එකක් හදන්න නම් මුලින්ම ආත්මය ශරීරයෙන් කඩාගන්න ඕනි. භෞතිකව යමක් කඩන්න අපි බලයක් යොදනවා වගේ, ආත්මය කඩන්න යොදන බලය තමයි "මිනීමැරුම". මෙතනදී වැදගත්ම දේ, මේක ආත්මාරක්ෂාවට කරන ඝාතනයක් නෙවෙයි. මේක හිතාමතාම කරන දරුණු මිනීමැරුමක් වෙන්න ඕනිමයි. එහෙම ඇතිවෙන විශාල පාපය නිසා මිනීමරුවගේ ආත්මය පුපුරලා යනවා. 📙"මිනීමැරුමක් කළාම ආත්මය ඉරිතලා යනවා (ඉරා දමනවා). හොක්‍රක්ස් එකක් හදන්න බලාපොරොත්තු වෙන කෙනා ඒ හානිය තමන්ගේ වාසියට හරවා ගන්නවා. එයා ඒ ඉරීගිය ආත්ම කොටස යමක් ඇතුලේ හිරකරනවා" "හිරකරනවා? ඒත් කොහොමද?" "ඒකට මන්ත්‍රයක් තියෙනවා, මගෙන් අහන්න එපා, මම දන්නේ නෑ!" — Slughorn, Tom Riddle | The Half Blood Prince Chapter 23 — මේ මන්ත්‍රය වගේම හෝක්‍රක්ස් හදන විදිහ පැහැදිලිවම සඳහන් වෙන්නේ Secrets of the Darkest Art කියන පොතේ විතරයි. විදුහල්පති වුණහම මේ පොත ඩම්බල්ඩෝ පුස්තකාලයෙන් අයින් කරනවා. (හැබැයි එතකොට පරක්කුයි ටොම් පොත කියවලා ඉවරයි) මෙන්න මේ කොටස තමයි අදටත් රහසක් වෙලා තියෙන්නේ. මන්ත්‍රයට අමතරව, ආත්ම කැබැල්ල වස්තුවක් තුළ ස්ථිරව තැන්පත් කරන්න ශරීරය සම්බන්ධ හරිම අප්‍රසන්න දරුණු ක්‍රියාවක් කරන්න ඕනි. J.K. Rowling මේ ගැන පැහැදිලි කරලා කියනවා. හැබැයි කරන විදිහ කියන්න කැමති වෙන්නේ නෑ. 📜"මේක නිකන්ම කරන දෙයක් නෙමෙයි, මම මේක දකින්නේ කළ යුතු දේවල් මාලාවක් විදියටයි. ඒ කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම මන්ත්‍රයක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට අමතරව ඔයාට... මම දන්නේ නැහැ මට ඒක හයියෙන් කියන්න පුළුවන්ද කියලවත්. මම දන්නවා ඒක අහද්දි විහිළුවක් වගේ පේන්න පුළුවන් බව. හැබැයි මම ඇත්තටම ඒ ගැන ගොඩක් කල්පනා කළා. ඇත්තම කියනවා නම්, මට විස්තරාත්මකව කතා කරන්න බැරි තරම් ඉතාම පිළිකුල් සහගත දේවල් දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි පීටර් පැටිගෲ කොහොමද වෝල්ඩමෝට්ව නැවත අර කුඩා, විකෘති පොඩි ළමයෙක් වගේ ශරීරයට ගෙනාවේ කියන එක. මොකද එතන වුණා කියලා මම හිතන දේ මම මගේ Editor ට කිව්වම, එයා දිහා බැලුවම පෙනුනේ හරියට එයාට වමනේ යන්න එනවා වගේ. ඊළඟට... අනිත් දේ තමයි කොහොමද හෝක්‍රක්ස් එකක් හදන්නේ කියන එක. මම ඒකට කැමතිත් නැහැ. මම දන්නේ නැහැ, ඒක හැරී පොටර් විශ්වකෝෂයේ සඳහන් කරන්න තරම් මට හිත හදාගන්න පුළුවන් වෙයිද කියලා." — J.K. Rowling | The Harry Potter Podcast 2007 — මේ නිසා බොහෝ අය අනුමාන කරන්නේ මේක මිනීමස් කෑම (මිනීමස් කන එක අපිට අයින් කරන්න පුළුවන් මර්ටල්ට සීරීමක්වත් නොතිබ්බ නිසා) හෝ ලේ සම්බන්ධ හෝ තමන්ගේම ශරීරය කපා කරන හෝ මැරුණු ශරීරයටත් අපහාස වෙන්න කරන ඉතාම පහත් මිනීමැරුමකටත් අන්ත දෙයක් වෙන්න පුළුවන් කියලයි. (ඔය උඩදි කියපු වෝල්ඩමෝට්ගේ අර පොඩි ළමයෙක් වගේ ශරීරය හදාගත්තු විදිහත් මේ වගේම පිළිකුල් නිසා පැහැදිලි කරලා නෑ. හැබැයි විචාරකයෝ අනුමාන කරන්නේ ඒක යුනිකෝන් ලේ හා නගීනිගේ විෂ පාවිච්චි කරලා කරපු අඳුරු ගැබ් ගැනීමක් වගේ දෙයක් වෙන්න පුළුවන් කියලයි [බර්තා ජෝකින්ස් 😬]) මේ හැම පියවරක්ම සාර්ථක වුණාම ඒ කෙනොගේ ආත්මයෙන් කෑල්ලක් අර වස්තුව ඇතුළේ හිරවෙනවා. ඒ වස්තුවට (හෝක්‍රක්ස් එකට) තමන්ගේම ආරක්ෂක බලයක් දෙන්න පුළුවන්. (සාමාන්‍ය විදියට විනාශ කරන්න බැරි වීම). ඒ වගේම හෝක්‍රක්ස් එක හදන කෙනාගේ මනුෂ්‍ය ස්වභාවය නැතිවෙලා රූපය විකෘති වෙනවා. වෝල්ඩමෝට්ගේ මූණ සර්පයෙක් වගේ වුණේ, ඇස් රතු වුණේ මේ නිසා. එයා ආත්මය ගොඩක් වතාවක් කඩපු නිසා එයා මනුෂ්‍යයෙක් නෙවෙයි, යක්ෂයෙක් ගානට වැටුණා. (Updated) වැදගත්ම දේ තමයි, එහෙනම් ඔයාලා හිතන්න පුළුවන්නේ හැරීව හෝක්‍රක්ස් එකක් වුණේ කොහොමද කියලා. හැරී කියන්නේ සැබෑ හෝක්‍රක්ස් එකක් නෙමෙයි. ඒ වෙනකොටත් හොක්‍රක්ස් 5ක්ම හදලා ආත්මය අස්ථාවර වෙලා තිබ්බ වෝල්ඩමෝට්ට එදා එයාගෙම ශාපය වැදුනම වෝල්ඩමෝට්ගේ ආත්මය දෙකට කැඩිලා ප්‍රධාන ආත්මය පැනලා ගිහින් ඉතුරු කොටස කාමරේ ඉදපු එකම ජීවමාන ආත්මය එක්ක බද්ධ වෙනවා. හැරී කියන්නේ වෝල්ඩමෝට්ගේ ආත්ම කොටසක් දරාගෙන ඉදපු කෙනෙක් විතරයි. හැබැයි හෝක්‍රක්ස් එකක් වගේ තමයි ක්‍රියාත්මක වුණේ. J.K. කියන විදිහට හෝක්‍රක්ස් එකක් වෙන්න නම් ඒක අදුරු මායාවෙන් හදපු විශේෂ වස්තුවක් වෙන්න ඕනි සහ ආත්මය ප්‍රධාන ආත්මයෙන් හිතාමතා කඩා වෙන්කල යුතුයි. හැරී මේ දෙකටම අයිති නෑ. හැරීව හෝක්‍රක්ස් එකක් විදිහට හැදින්වුවත් එයා "සැබෑ හෝක්‍රක්ස් වස්තුවක්" නෙමෙයි, වෝල්ඩමෝට්ගේ ආත්ම කොටසක් දරා ඉදපු මනුස්සයෙක් විතරයි. #harrypotter #moviefans #movie #fyp #viral
Movie & Tele Fans 🎬📽️
Region: LK
Monday 26 January 2026 01:25:54 GMT
Music
Download
Comments
Senura Sathsara :
🥰🥰🥰
2026-01-26 14:59:57
0
To see more videos from user @moviesandtelefans9170, please go to the Tikwm
homepage.