@notekokka: අපි හැමෝටම ඕනේ සතුටින් ඉන්න. ඒත් සමහර අයට පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ කියන්නේ "යුද්ධයක්". ගෙදර ප්‍රශ්න, අම්මා තාත්තාගේ රණ්ඩු, නොසලකා හැරීම් , ලිංගික හෝ කායික හිංසන... මේ දේවල් අස්සේ හැදුනු ළමයෙක්, ලොකු වුනාම නිකන්ම "Normal" මනුස්සයෙක් වෙන්නේ නෑ. එයා ලොකු වෙන්නේ Survival Mode එකක් එක්ක. මේක ගොඩ දාගන්නේ කොහොමද? අපි බලමු මේකේ විද්‍යාත්මක පැත්ත. 1. මොකක්ද මේ Childhood Trauma කියන්නේ? සරලවම කිව්වොත්, ළමා කාලයේ (අවුරුදු 0-18 අතර) ඔයාගේ ආරක්ෂාවට තර්ජනයක් වුන ඕනම සිදුවීමක්. මේවට කියන්නේ ACEs (Adverse Childhood Experiences) කියලා. ගුටි කෑම, බැනුම් ඇසීම. ආදරය නොලැබීම. දෙමාපියන් වෙන්වීම හෝ ගෙදර නිතරම රණ්ඩු වීම. ආරක්ෂාව දැනෙන්න ඕන තැන්වලදී බය දැනීම. මේ දේවල් වුනාම, පොඩි ළමයෙක්ගේ මොළය හැඩගැහෙන්නේ "ඉගෙන ගන්න" හෝ "සෙල්ලම් කරන්න" නෙවෙයි, "බේරෙන්න". 2. Biology Part එක: අපේ මොළයට මොකද වුනේ? නිකන් ඉන්නකොටත් බය හිතෙනවද? පොඩි දේටත් තරහ යනවද? මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි, මේක Brain Architecture එකේ ප්‍රශ්නයක්. Amygdala : මේක තමයි මොළේ තියෙන Alarm System එක. Trauma තියෙන අයගේ මේ සීනු එක කැඩිලා. පොඩි සද්දෙකටත්, පොඩි වචනෙකටත් මේක "Danger! Danger!" කියලා කෑගහනවා. ඉතින් ඔයා නිතරම ඉන්නේ Fight, Flight or Freeze මෝඩ් එකේ. Prefrontal Cortex : මේ තමයි අපේ මොළේ "ලොක්කා". තීරණ ගන්නේ, හැඟීම් පාලනය කරන්නේ මෙයා. හැබැයි අර Amygdala එක කෑගහද්දි, මේ ලොක්කා වැඩ කරන්නේ නෑ . ඒකයි තරහ ගියාම මුකුත් හිතාගන්න බැරි. Cortisol & Adrenaline: මේ Stress හෝමෝන ඔයාගේ ඇඟේ නිතරම වැඩිපුර තියෙනවා. ඒක නිසා ඇඟට පණ නෑ වගේ දැනෙනවා, ප්‍රතිශක්තිය අඩු වෙනවා, නිතර ලෙඩ වෙනවා. 3. Psychology Part එක: Biology එක වෙනස් වුනාම, අපේ මනස හිතන විදිහත් වෙනස් වෙනවා. "මම වැඩක් නෑ" : පොඩි කාලේ ආදරේ ලැබුනේ නැති වුනාම, ළමයා හිතන්නේ "ඒක මගේ වැරැද්දක්, මම ආදරේ ලබන්න සුදුසු නෑ" කියලා. මේක ලොකු වුනාමත් යටි හිතේ තියෙනවා. Emotional Dysregulation: පොඩි දුකක් ලොකු දුකක් වගේ දැනෙනවා. පොඩි තරහක් ලොකු තරහක් වෙනවා. හැඟීම් පාලනය කරන්න හරිම අමාරුයි. Inner Child: ඔයාගේ ඇතුලේ තාමත් අර බය වුනු පොඩි ළමයා ජීවත් වෙනවා. අද ඔයාට කවුරුහරි බැන්නොත්, රිදෙන්නේ අද ඉන්න ඔයාට නෙවෙයි, අර අතීතයේ හිටපු පොඩි ළමයාට. 4. Social Part එක: අපේ සමාජ සම්බන්ධතා වලට මොකද වුනේ? Trust Issues: විශ්වාසය කියන දේ ගොඩනගාගන්න අමාරුයි. "හැමෝම මාව දාලා යයි" කියන බය තියෙනවා. Isolation: ප්‍රශ්න වැඩි වුනාම කාත් එක්කවත් කතා නොකර තනියම ඉන්න හදනවා. People Pleasing: අනිත් අය තරහ වෙයි කියලා බයට, තමන්ට අකමැති දේවල් පවා "හා" කියලා කරනවා. 5. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? හොඳම ආරංචිය මේකයි: අපේ මොළය ප්ලාස්ටික් වගේ (Neuroplasticity). ඒ කියන්නේ ඕන වයසකදී අපිට අපේ මොළය ආපහු "Rewire" කරන්න (අලුතෙන් හදාගන්න) පුළුවන්. මේ පියවර ටික අනුගමනය කරන්න: පිළිගන්න : "මට Trauma එකක් තියෙනවා, ඒක මගේ වැරැද්දක් නෙවෙයි, ඒත් දැන් සනීප වෙන එක මගේ වගකීමක්" කියලා හිතන්න ගන්න. Trigger වෙන එක අඳුරගන්න: ඔයාට එකපාරට තරහ යන්නේ/ දුක හිතෙන්නේ මොන වගේ වෙලාවටද? ඒ වෙලාවට තේරුම් ගන්න "ආ මේ කෑගහන්නේ මගේ Amygdala එක මිසක්, ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෑ" කියලා. Body-Based Therapy: Trauma රැඳිලා තියෙන්නේ හිතේ විතරක් නෙවෙයි, ඇඟේ. ඒ නිසා කතා කරනවට වඩා, ඇඟ නිවන්න ඕනේ. ගැඹුරින් හුස්ම ගන්න (Deep Breathing). (මේක ගැන පහලින් දාන්නම්) භාවනා කිරීම. (බ්‍රීතින් කලාම මේකත් ලේසි) ව්‍යායාම කිරීම Re-parenting Your Inner Child: ඔයාගේ ඇතුලේ ඉන්න පොඩි ළමයාට ඔයාම ආදරේ කරන්න. "මම ඉන්නවා ඔයාට, දැන් බය වෙන්න දෙයක් නෑ" කියලා තමන්ටම කියාගන්න (Self-talk). Professional Help: පුළුවන් නම් මනෝවිද්‍යා උපදේශනයට යන්න. විශේෂයෙන් CBT (Cognitive Behavioral Therapy) වගේ දේවල් ගොඩක් සාර්ථකයි. මතක තියාගන්න: ඔයා කැඩිච්ච බිඳිච්ච කෙනෙක් නෙවෙයි. ඔයා කියන්නේ කුණාටුවකට අහු වුනත් නොවැටී හිටපු වීරයෙක්. තුවාල සනීප වෙන්න කල් යනවා, ඒකට තමන්ටම වෙලාව දෙන්න. ජීවිතේ ගොඩ දාගන්න පුළුවන්, අනිවාර්යයෙන්ම! Rusiru Galagoda BA (Hons) Psychology University of Sri Jayewardenepura Diploma in Counseling Psychology Licensed Member in APA #MentalHealth #ChildhoodTrauma #Healing #Sinhala #MentalHealthAwareness

NoteKokka
NoteKokka
Open In TikTok:
Region: LK
Monday 02 February 2026 05:11:09 GMT
37242
1646
43
425

Music

Download

Comments

aki___001
𝗔 𝗞 𝗜 𝗜 🧿 🧛 :
මේක කියවද්දිත් ඇස්වලට කඳුළු පිරුණා 🤧🤣
2026-02-05 16:05:23
28
dilfashion01
DM chamith Thilak kumara :
mata ada veddi jivithe godak deval neti vel ivarayi
2026-02-02 20:44:10
5
miss_sugarplum00
Sugarplum🧿🪬 :
i felt sad about me after reading this😔💔
2026-02-21 17:16:42
5
dpkb360
DPKB :
මේ ලිපිය කියවීමත් යම් තරමක සුවයක්. විසඳුමක් තියෙනවා කියලා දැන ගැනීමත් සැනසීමක්
2026-03-17 04:15:13
3
sepaalika
🌸💮Sepaalikaa💮🌸 :
🥰ඇත්ත...තුවාල සනීප වෙන්න කල් යනවා..ඒත්...කැලැල් මැකෙන්නෙ නෑ💔
2026-02-02 14:36:39
15
janeesha58
Janeesha Raini :
A valuable cantend❤️‍🩹 best of luck🫂
2026-03-25 04:44:45
1
harsha91weer
Harsha :
Thank you 🤗
2026-04-02 06:38:48
0
dilmi.hettiarachchii
Dilmi 🥀 :
Thank you ❤️🥰
2026-03-31 14:40:45
0
mira86540
sun 11.11 :
me to
2026-03-17 07:53:57
1
hiru_gunasekara
🧿 Hiru 🦋🤍 :
Thank you මේ තත්වයට දුන්නු solution එකට ♥️
2026-03-09 07:58:56
4
sheyyyy230
Sharon ✨️🤍 :
Timing..
2026-02-11 14:43:27
0
knowledgefac0
knowlage :
පිං
2026-03-30 20:17:24
2
enaracreation
Dilhani :
thanks
2026-03-24 08:18:52
1
raindropskavi0
ೃ⁀➷ | Raindrops by Kavi 💞 :
ස්තූතියි 💞🙏
2026-03-19 04:04:50
1
ashiranaweera1
Ashi Ranaweera :
Thank you ☺️
2026-03-28 06:35:36
0
ishaki12345
user4773126107323 :
Thank you
2026-03-30 20:15:26
0
vishakarathnayaka95
vishakarathnayaka95 :
Thank you🙏🥺
2026-03-20 08:11:29
1
mishubea03
𝗣 🍓 :
thank you ☺️🤍
2026-03-29 00:13:49
0
lavender_gurl1119
Sadi 🧿🤍✨ :
thank u🤍🖤✨
2026-03-06 15:43:39
0
sahansadewmina2007
Sadew 🪽 :
caption eka dennako❤️‍🩹
2026-03-28 07:11:27
0
niki74766
🦋 N I K I A R T 🖌️🎨🦋 :
පොඩිකාලෙ ඉදලා අම්මලාගේ තාත්ත ලාගෙ රන්ඩු දැකලා දැන් කවුරුහරි සද්දෙන් කතා කලත් මට බය හිතෙනවා වචනයක්වත් කියාගන්න බැරි විදියට ගොත ගැහෙනවා මම කොච්චර දක්ශ වුනත් මට ජොබ්එකක්වත් මේක නිසා හරියට කරගන්න බැහැ 😔
2026-03-28 17:54:09
2
danuboye11
සුමුදු :
මන් මගේ මතකය එක්ක අතරමං වෙලා. හැම දෙයකටම බයක් දැනෙනවා. හිත ඇතුලෙන් පොඩි කාලේ තවමත් ඉන්නේ.
2026-03-29 02:02:53
1
kevin.silva7029
Kevin Silva :
1000% true. Me hama dema athwidala thiyanawa. Podi kaale ganak ne. Matanm danune, Wena ratakata awilla job hoyagena kattakala udata enakota childhood trauma eka danenawa hodatama. Solution ekak hoya hoya hitiye. Job eka karaganna ba. Ain wela wena ekakata yanna ba. Podi kale dewal mathak wenawa, rata nida ganna ba. Pita rataka iddi danenawa wadi. Me post eka mage Annual salary ekata wada watinawa. Many thanks . Bohoma pin.
2026-03-26 04:48:16
1
2005notyhiru
♡ ᴍꜱ 𝗧𝗲𝗱𝘆 ♡ :
මේක මහා කරුමයක් නේද.මට තාමත් හිතෙන්නෙ එයාලගෙ සතුට වෙනුවෙන්.තරහ පිරිමහගන්න මාව පාවිච්චි කරනවා කියලා.
2026-03-19 03:02:51
1
nilwndra
🍝Shean💕🌈⛈️🌦️🌧️✈️ :
🥺🥺🥺
2026-02-02 13:52:54
0
To see more videos from user @notekokka, please go to the Tikwm homepage.

Other Videos


About