@findingnirvana08: බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි පුද්ගලයෙක් මැරුණම විඤ්ඤාණය හෝ ගන්ධබ්බයෙක් වගේ දෙයක් අහසේ පාවෙනවද ? එහෙමත් නැත්නම් සැරිසරනවද ? කියන එක. ගන්ධබ්බයෙක් හෝ ආත්මයක් , එසේත් නැතිනම් මනෝකාය සහ විඤ්ඤාණයක් වැනි දෙයක් මරණින් මතු අහසෙහි පාවෙනව හෝ සැරිසරනව වගේ දෙයක් බුදුන් වහන්සේගේ දර්ශනය තුළ අන්තර්ගත නොවේ. වර්තමාන ශරීරයේ ප්‍රාණය නිරුද්ධ වීමත් සමඟ චිත්තක්ෂණයක් වැනි මිනිස් ඇසට නොපෙනෙන වේගයකින් වෙනත් භවයක ප්‍රතිසන්ධි විඤ්ඤාණය රූප කලාප ආශ්‍රිතව මුල් බැසගෙන නැවත ඉපදීම හටගන්නා ආකාරය බුදුන් වහන්සේ විසින් පැහැදිලිව දේශනා කොට ඇත. වර්තමාන විඤ්ඤාණයම නැවත භවයකට ගමන් කරන බවට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. බුද්ධ කාලයේ සිටි සාති භික්‍ෂුවටත් ඒ විදිහටම හිතුණ. සාති භික්ෂුවගේ මතය වූයේ එකම විඤ්ඤාණයම භවයෙන් භවයට ගමන් කරනව කියන එක. නමුත් බුදුන් වහන්සේ මෙම මතය ප්‍රතික්ෂේප කළා. පෙර විඤ්ඤාණයම වර්තමාන භවයට එන්නෙ නැහැ. සරල උපමාවකින් පැහැදිලි කළොත් මෙහෙම හිතන්නකො. ගැරඬියෙක් මරණයට පත් වෙනව. කෙසේ හෝ යම්කිසි කුසල කර්මයකින් ගැරඬියාට මනුෂ්‍ය භවයක ප්‍රතිසන්ධියක් ලබා ගැනීමට පින මතුවෙනව. ගැරඬියාගේ විඤ්ඤාණය මව් කුසක බැසගෙන කළල රූපයක් බවට පරිවර්තනය වී කුඩා දරුවෙක් ඉපදෙනව කියල හිතන්න. අර මැරුණු ගැරඬියාගේ විඤ්ඤාණයම මෙම කුඩා දරුවා තුළ තිබෙනවා නම් අනිවාර්යෙන් මේ දරුව වර්ධනය වන විට මීයෝ , ගෙම්බෝ වැනි සතුන් පණ පිටින් ගිල දානව. ඒත් එහෙම වෙන්නෙ නැහැ. ඒකට හේතුව වර්තමාන භවයට අතීත විඤ්ඤාණය ඒ විදිහටම පැමිණෙන්නේ නැති එක. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනව. සමහර සසර පුරුදු අනුසය වශයෙන් විඤ්ඤාණයත් සමඟ වර්තමාන භවයට පැමිණෙනව. ( අනුසය යනු අලු යට සැඟවී ඇති ගිනි අඟුරු වැනි ක්ලේශ ධර්මතාවයන් ) ඒකට මෙහෙම සාධකයක් ඔස්සේ කල්පනා කරන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නව නේද Aggressive සහ ගොඩක් දරුණු. හරියටම කිව්වොත් ඒ අය කොටි , සිංහයෝ , සර්පයෝ වැනි දරුණු සත්තු වගේ. අවුරුදු ගාණක් දරුණු සත්තු විදිහට ජීවත් උන සතෙක්ගෙ විඥානයක් යම්කිසි කුසල කර්මයක් හේතුවෙන් මනුෂ්‍ය භවයක ප්‍රතිසන්ධියක් ලැබුවොත් සමහර අවස්ථාවල දරුණු ගතිගුණ අනුසය වශයෙන් ඉස්මතු වෙන්න පුළුවන්. සමහර දරුණු සත්තු ඉන්නව නේද මිනිස්සු වගේ ගති ගුණ තියෙන ? මනුෂ්‍ය ලෝකයේ කෙනෙක්ගෙ විඤ්ඤාණයක් තිරිසන් ලෝකෙක ප්‍රතිසන්ධිය ලැබීමේදී සතෙක්ට වුණත් මනුස්ස ගති ගුණ අනුසය වශයෙන් පැමිණෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට මේක හිතනකොට විකාරයක් වගේ. ඒ වුණාට මේක බුදුන් වහන්සේ විග්‍රහ කරන ගැඹුරු දර්ශනය. "චිත්ත පරම්පරාවෝ නොනැසී පවතී" යනුවෙන් බුදුවරු දේශනා කරන්නේ ඒ නිසාවෙනි. තිරිසන් ලෝකයෙන් උපමාවක් විස්තර කළේ අපේ ඇසට පෙනෙන ලඟම අපාය නිසාවෙනි. *සත්වයාගේ නැවත උප්පත්තිය බුදුන් වහන්සේ විසින් විචිත්‍ර උපමාවලින් මෙසේ පැහැදිලි කරනව. "මහණෙනි වඳුරා එක අත්තක් අතහැර තවත් අත්තක් අල්ලා ගන්නවා සේ , කූඩැල්ලා එක තැනක් අත්හැර තවත් තැනක් අල්ලා ගන්නා සේ චිත්තපරම්පරාවෝ භවයෙන් භවයට නොනැසී ගමන් කරයි " ශරීරය බිඳී මරණයට පත් වුවද චිත්තක්ෂණයක වේගයෙන් තමන් කරපු කර්ම වලට අදාලව වෙනත් භවයක ප්‍රතිසන්ධි විඤ්ඤාණය ආරම්භ වන බව බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කර ඇත. චිත්තක්ෂණයක වේගය යනු ඇහිපිල්ලම් ගහන එක් වාරයක් ලක්ෂයකට බෙදූ විට ලැබෙන ගානට ආසන්න වේගයකි. එය අපට සිතා ගතවත් නොහැකි වේගයකි. මෙන්න මෙතැනදී ගන්ධබ්බයෙක් පාවෙනවා , මනෝකාය සැරිසරනව , විඤ්ඤාණය සැරිසරනව යන සියලු මතවාද මිථ්‍යා මතයන් බවට නිරායාසයෙන්ම ඔප්පු වෙනව. සත්‍ය ලෙස භවයෙන් භවයට විඤ්ඤාණය ගමන් කරනව යනුවෙන් කියන්නත් බැහැ. මරණයට පත්වීමත් සමඟ වර්තමානයේ විඤ්ඤාණය නිරුද්ධ වී නැවත භවයක රූප කලාප ආශ්‍රයෙන් එම සත්වයාට අදාල වෙනත් විඤ්ඤාණයක හට ගැනීමක් තමයි සිදුවන්නෙ. බුදුන් වහන්සේ පවා දේශනා කරන්නේ වර්තමාන විඤ්ඤාණයම ප්‍රතිසන්ධියක් කරා ගමන් නොකරන බවයි. සහ එය සම්පූර්ණයෙන්ම අලුත් විඤ්ඤාණයක්ද නොවන බවයි. බුදුවරු එතනදි දරන්නේ මධ්‍යස්ථ මතවාදයකි., විඤ්ඤාණය යනු පෘතග්ජන මිනිසාට එක්වරම තේරුම් ගත හැකි දෙයක් නොවේ. බුදුවරු විසින් විඤ්ඤාණය මායාවකට උපමා කරන්නේ ඒ නිසාවෙනි. කෙසේ වෙතත් මෙහි අදහස මිනිසා තුළ ඇති මිත්‍යා මත බුදුන් වහන්සේගේම දේශනා හරහා සත්‍ය නොවන බවට සනාථ කිරීමය. අදහස් දක්වන්න සහ ධර්ම දානයක් උදෙසා Share කරන්න. මූලාශ්‍ර - * මජ්ඣිම නිකාය * මහා තණ්හා සංඛ සූත්‍රය * සූත්‍ර පිටකය * බුද්ධක නිකාය * භව සූත්‍රය #බුදුදහම #Anicca #Anatta #dukka #Anatta
නිවීමෙ මග සොයා
Region: LK
Friday 06 February 2026 13:16:08 GMT
Music
Download
Comments
yash 369 :
🙏🙏🙏🙏 පින්සිද්ද වේවා.
2026-03-15 15:00:01
3
Senu Creations :
සාදු සාදු සාදු!!!
2026-03-09 11:17:28
4
KN Lifestyle :
මට තිබුන ලොකු ප්‍ර්ශ්නයක් විසදුනා..භහුතරයක් කියන්නෙ ,තුන් මාසයක් යනකන් සැරිසරනවලු..ඊට පස්සෙලු යන්නෙ..ඒත් බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැහැ.ඇයි මිනිස්සු මේ බොරු දේවල් සමාජ ගත කරන්නෙ.බොහොම පින් ඔබට 🙏🙏🙏
2026-03-10 13:49:36
6
Short and Memorable :
හැබැයි පුරුදු පුහුණු කරන සියල්ල (කුසල්, අකුසල්) ඩේටා විදියට විඤ්ඤාණ ධාතුවෙ තැන්පත් වෙනව නේද? කරන කුසල් අකුසල් සියල්ල ඊලග භවයට රැගෙන යනව නේද? කරන ලද අකුසල් වලට ප්‍රේත ලෝකෙ ඉපදුනොත් ඔය කියන ගන්දබ්බ අවදිය නේද? කුසල් අකුසල් මේ හැමදෙයක්ම ඩේටා විදියට තියෙනවනම් , ඊලග භවයට යන්නෙ මෙතනින් ඉවත් උන විඤ්ඤාණ ධාතුව නෙවෙයිද? මහා මේරුවේ සිටියත් ,සමුද්‍ර මජ්ජයේ හිටියත් ලියවිලා තියෙන ඩේටා ටිකට අනුව , සමාන වූත් ප්‍රතිවිරුද්ධවූත් ප්‍රතික්‍රියාව තියෙනව නේද?
මේ ලිපිය කියෙව්වට පස්සෙ මගෙ හිතට දැනුන ප්‍රශ්න ටික මේ. මම වැරදි දෘෂ්ටියක ඉන්නවනම් නිවැරදි කරන්න ප්ලීස්. ධර්ම දානය වෙනුවෙන් බොහොම පිං 🙏
2026-03-17 06:53:35
3
anjana :
🙏🙏🙏
2026-04-14 13:11:31
1
appleuser72427451 :
🙏🙏🙏🙏🙏
2026-04-07 09:56:33
1
Nadeeka :
🙏🙏🙏
2026-04-03 02:44:04
1
asanka :
🙏🙏🙏
2026-03-20 11:34:48
2
Isuracha :
🙏🙏🙏
2026-03-14 08:34:30
2
🙋❤පැංචී❤🙋 :
🙏
2026-03-16 19:37:55
1
THILANKA :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-03-17 15:43:35
1
Asela Samarasinha :
😔
2026-03-19 10:07:38
1
podi :
🙏🙏🙏
2026-02-06 13:56:27
1
Prasanna Amarasin609 :
🙏🙏🙏
2026-02-06 17:38:00
1
£💋🔗 :
🙏🙏🙏
2026-02-06 14:23:05
1
D :
🙏🙏🙏
2026-02-07 02:20:44
1
𝘅𝗕𝗘𝗡𝗝𝗜𝗬𝗔 :
🙏🙏🙏
2026-03-09 23:56:46
1
Nipun🍁🥀🎑️ :
🙏🤍🙏
2026-03-06 18:17:18
1
Ak :
🙏🙏🙏
2026-02-08 13:18:37
1
w tharushi praboda 🇨🇳🇰🇷👑❤ :
🙏🙏🙏🙏
2026-03-07 04:01:02
1
chamika :
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-03-09 02:03:25
1
Vihanga🕊️✨ :
🙏
2026-02-09 06:18:58
1
DINESH LANKA ALAGIYAWANNA :
❤️❤️
2026-03-11 13:02:36
0
🇦🇪🇱🇰ජය ශ්‍රී ..🙏🪷☸️💜️🪔 :
සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏☸️🪷💜️🪔.උතුම් ධරමය දානය දෙන පින්වත් ඔබට උතුම් මගපල නිවන බොහො දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏☸️🪷💜️🪔
2026-03-17 01:25:41
1
To see more videos from user @findingnirvana08, please go to the Tikwm
homepage.