@rashmihettiarachchi: #GlowingSkin #healtgylifestyle #fishoil ⭕️මොනවද මේ Fish oil සහ codliver oil ( මෝරගුලි / විටමින් A & D)⭕️ 🔷අපි බොහෝ දෙනා අතිරේකයක් එහෙම නැත්තම් suppliments ලෙස fish oil හෝ codliver oil, (සාමාන්‍ය ව්‍යවහාරයෙදී මෝර ගුලි ලෙස හදුන්වන ). ලබාගන්න පෙලබිලා ඉන්නවා. වැඩිහිටි , කුඩා බේදයකින් තොරව ලබාගන්නා අතිරේකයක් ලෙස මෙය අදුන්වන්න පුලුවන්. 🔷මෝරගුලි සහ fish oil වෙනස්ද ? මෝරගුලි සහ fish oil සෞඛ්‍ය අතිරේක දෙ වර්ගයකි. පොදුවේ ගත් කල, මෝරගුලි යනු විශේෂිත. Fish oil වර්ගයකි. 🔷Fish oil වැදගත් වන්නේ ඇයි? Fish oil වල මූලිකවම වැදගත් වන්නේ ඔමේගා 3 මේද අම්ල වේ. ඔමේගා 3 මේද අම්ල ශරීරය සෞඛ්‍ය වර්ධනය කරන අතර බොහෝ රෝග වලක්වා ගැනීමටත්, මතක ශක්තිය වැඩි දියුනු කර ගැනීමටත්, සමේ නිරෝගී බව පවත්වා ගැනීමටත් හේතු වේ. මිනිස් සිරුරට ඔමේගා -3 මේද අම්ල නිපදවීමට නොහැක, එබැවින් ඒවා ආහාර මගින් ශරීරයට ලබා ගැනීම සිදු කල යුතු වේ. 🔷ඔමේගා 3 මේද අම්ල ♦️ඩොකොසහෙක්සෙනොයික් අම්ලය (ඩීඑච්ඒ: DHA) ♦️අයිකොසැපෙන්ටෙනොයික් අම්ලය (ඊපීඒ, EPA) ♦️ඇල්ෆා-ලිනොලනික් අම්ලය (ALA) මේ ඔමෙග 3 මේද අම්ල අතරින් EPA සහ DHA වඩාත් ශරීරයට වැදගත් වේ. Fish oil වල ප්‍රදානවම ඇති ඔමේගා 3 මේද අමල වන්නේ EPA සහ DHA වේ. මීට අමතරව එලවලු තෙල්, ඇට වර්ග වල ALA බහුලව අඩංගු වේ. 🔷Fish oil අතිරේක නිපදවීමට ගන්නා මත්ස්‍ය වර්ග මයික්‍රොඇල්ගා වල බහුලව ඇති මෙම ඔමේගා 3 මේද අම්ල, මේ මයික්‍රෝඇල්ගා අවශෝෂනය කරන ෆයිටොප්ලැන්ක්ටන් ආහාරයට ගැනීමෙන් මසුන්ට ඔමේගා -3 මේද අම්ල ලැබෙන අතර එම මසුන් ආහාර අතිරේක නිපදවීමට යොදාගනී. හුරුල්ලා Tuna Anchovies මැකරල් සැමන් කෝඩ්: cod, මෙම මාලුන් වලින් fish oil නිපදවන අතර මෝරගුලි නිපදවීමට cod මත්ස්‍යයාගේ අක්මාව යොදා ගනී. අත්ලාන්තික් කෝඩ් සහ පැසිෆික් කෝඩ් බහුලව භාවිතා වන්නේ මෝරගුලි සෑදීම සඳහා ය. 🔷Fish oil සහ cod liver oil (මෝරගුලි ) වල වෙනස් කම් 1. විටමින් මෝරගුලි වල ස්වාභාවිකවම විටමින් A සහ D අඩංගු වේ. නමුත් fish oil වල ස්වාභාවිකවම විටමින් A හෝ D අඩංගු නොවේ. මෝරගුලි l මගින් දෛනික අවශ්‍යයතාවෙන් 400 IU ලබාදෙන බව සොයාගෙන ඇත. මේ නිසා විශේෂයෙන් අව්වට නිරාවරනය නොවන අයට විටමින් D ලබා ගැනීම සදහා මෝරගුලි අතිරේකයක් ලෙස නිර්දේශ කරයි. එමෙනම විටමින් A දෛනික අවශ්‍යයතාවයෙන් 90% ක් එක තේ හැන්දක් මගින් ලබාදෙන බව සදහන් වේ. 2. ඔමේගා -3 අන්තර්ගතය: මෝරගුලි වල අන්තර්ගත ඔමේගා 3 මේද අම්ල ප්‍රමානය ඒකකයකට සාපේක්ෂව fish oil වලට වඩා අඩු විය හැක. 🔷Fish oil සහ මෝරගුලි වලින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ මෙම දෙවර්ගයේම ඔමේගා 3 අසංගු වන නිසා , ඔමේගා 3 වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාබ fish oil සහ මෝරගුලි අතිරේක ලබාගැනීමෙන් ලබා ගත හැක. 1. තරබාරු බව සහ බර වැඩිවීම අවම කරගැනීම, 2.ආතරයිටිස් omega 3 , මගින් inflammation අඩු කරන නිසා fish oil සහ මෝරගුලි ආතරයිටිස් සමනය කිරීමට සුදුසු බව සොයාගෙන ඇත. 3. කිරීටක ධමනි රෝග: coronary artery disease ඔමේගා 3 , කිරීටක ධමනි සිහින් වීම වැළැක්වීමට උපකාරී වන අතර එයට මූලිකම හේතුව වන්නේ එය ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීමයි. ඔමේගා 3 නිසි ප්‍රමානයක් ලබා ගැනීමෙන් ධමනි අවහිරතාවීම වලක්වා ගත හැක. 4. මානසික ආතතිය, මානසික ආතතිය දුරු කිරීමට සහ මානසික සෞඛ්‍යය මනාව පවත්වාගෙන යෑමට වැදගත් ව 5.ඔමේගා3 ගර්භණී සමයේදී සහ ලදරුවන් මුල් ජීවන කාලයේ මොලය ප්‍රවර්ධනය කිරීමට හැකියාව ඇත. 6. ADHD සහිත ළමුන් තුළ රෝග ලක්ෂණ අඩු කිරීමට ඔමේගා -3 වලට හැකියාව ඇති බව පෙන්වා දී ඇත 7. වයස්ගත වීම සමග එන ඇල්සයිමර් රෝගය මැඩපැවැත්වීමට හැකියාවමක් ඔමේගා 3 වලට් ඇති බව පෙන්වා දී ඇත. 8. ඔමේගා 3 වල anti- inflammatory ගුනය නිසා එයා පිලිකා නසන හෝ පිලිකා ඇතිවීම අවම කරන බව පර්‍යේශන වලින් පෙන්වා දී ඇත. ◾️🔴 මීට අමතරව මෝරගුලි වල විටමින් A සහ D ඇති නිසා, එය 1. විටමින් A බහුල නිසා ඇස් වල පෙනුම වැඩිකිරීම, අන්ධතාව අවම කිරීමට හේතු වන බවත් 2. සමේ නිරෝගී බව සහ පැහැයට හේතුවන බවත් පෙන්වා දී ඇත 3. විටමින් D නිසා පිලිකා සෛල විනාශකිරීමේ හැකියාවත්, 4. කැල්සියම් අවශෝෂනය වැඩිකිරීම සහ අස්ට් වල නිරෝගී පැවත්මට හේතු වන බවත් 5. කුඩා ලමුන්ගේ මානසික සහ කායික පැවැත්ම වර්ධනය කරන බවත් පෙන්වා දී ඇත. 🔷අතිරේක ගත යුත්තේ ඇයි ? ◾️අතිරේකවල සාමාන්‍යයෙන් නැවුම් මාළු වලට වඩා රසදිය අඩුය ◾️ඔබ මත්ස්‍ය නිශ්පාදන ආහාරයට නොගන්නේ නම් අතිරේක ලබාගත හැක 🔷කොපමන ප්‍රමානයක් ලබාගත යුතුද? සාමාන්‍යයෙන් fish oil හෝ මෝරගුලි අතිරේක කැප්සියුල හා දියර ආකාරවලින් පැමිණේ. මේවායේ අන්‍තර්ගත EPA හෝ DHA ප්‍රමානය වෙනස් වේ. මාත්‍රාවන් සදහා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිලිපදින්න...
GLOW UP ❤🎀
Region: LK
Thursday 12 February 2026 11:16:17 GMT
Music
Download
Comments
DiLiNi ThArAkA!තාරූ⭐⭐⭐!👩🦱😍 :
මන් පාවිච්චි කරන්නේ මේක
2026-02-13 03:39:35
30
rimespuv4ef :
මම බබා හම්බවෙන්න ඉද්දි බිව්වා 🥰
2026-03-10 08:01:38
1
NiSaL💋💗 :
15 age mora gulid hoda fish oil da😑
2026-03-26 13:32:15
1
Danushka Sampath🖤💸 :
fish oil කියන්නෙයි moraguli කියන්නෙයි එකක්ද දෙකක්ද 🥲
2026-03-30 06:40:25
1
Ashini❤️ :
Fish oil walata kettu wenwda🙄?
2026-02-13 10:59:19
7
SA🌸🩷 :
25 y kenekta fish oil does eka kiyak wageda
2026-02-16 13:04:15
1
v2_berry :
dawasata kiyakda bonna puluwan uparima
2026-03-03 16:45:58
0
🤍✨ :
Sevens seas eke fish oil ek hodid
2026-03-17 13:41:10
1
Bunny 🥷🩶 :
Watinawa ❤️
2026-03-01 18:16:12
1
Bashii_👻🖤 :
Girls boys degollontama use krnn puluwanda
2026-03-05 18:31:26
1
🤗💗D_E_S_H_A :
අහිතකර ප්‍රතිඵල නැද්ද ☺️
2026-02-17 02:55:18
1
Thilina_Ranjitha :
කොහෙන්ද ගන්න පුලුවන්
2026-02-23 10:04:25
1
CK's Diary :
music ek😍
2026-02-15 14:23:41
2
savindu 🙂❤️ :
hm💗
2026-02-25 06:20:29
1
meow.lk :
Thank You🥰
2026-03-08 09:16:26
1
RESH :
Thnx
2026-03-19 03:08:03
1
SHAN_🧿 :
kettu wenawa ne
2026-02-27 13:10:04
1
Rashi ❤️ :
Wow
2026-03-05 09:25:49
1
Gangani udeshika :
diya wadiyawa thiyana ayata hodaida...
2026-02-14 14:27:32
1
♡✯₴Ɇ₦ɄɄ✯♡ :
price kohomada danne neda👀
2026-03-12 13:13:04
1
Nipun chamika :
කොල්ලෝන්ට හොද නැද්ද
2026-02-15 08:03:41
1
ISHA🌻 :
pharmacy eke thiyana chuti eka hodaida,
2026-02-15 16:28:42
0
nalani :
fish oli mamath bonwa hrima hodi
2026-02-13 19:16:20
1
Lahiru Ishan :
කෙට්ටුවෙන්න එකක් නැද්ද
2026-02-14 05:45:28
1
🇱🇰🇲🇻🌹🦋chandi🦋🌹🇱🇰🇲🇻 :
om-3 eka hodaida
2026-02-14 04:16:59
1
To see more videos from user @rashmihettiarachchi, please go to the Tikwm
homepage.