@nihon.abhisaari: ඒ වන විට මම මේ රටට ඇවිත් වසර දෙකයි මාස ගනනක් පහු වී තිබුණා. පළවෙනි අවුරුද්දෙ යම් ඉතුරුවක් කරගත්තත් සාමාන්‍යෙන් මේ රටට ඇවිත් වසර දෙකකදි කරන්න පුළුවන් දේවල් මම කරගෙන තිබුණෙ නෑ. මුදල් හම්බ කරත් එයින් හරියට ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. කාංචනා මගෙ ජීවිතේට ආවට පස්සෙ එයා මගෙ හැමදේටම සම්බන්ධ උනා. ඒ නිසා මෙහෙ ගතකරන ජීවිතය එයා නැතුව ගෙවන එක ටිකක් අපහසු වුනා. මම ගෙදර ආපහු යන්න තීරණය කරා. මම ඉන්න කම්පැණි එක මෙහෙ ඉන්න සේවකයෙක්ට ලැබෙන හොඳම කම්පැණි එකක්. කෑම. තනිකාමර, ෆ්‍රී වයිෆයි වගේ ගොඩක් දේවල් කම්පැණි එකෙන් අපිට ලබාදුන්නා. කිසිම විදියකි ඒවගෙ දේවල්වලට පඩියෙන් කැපුවෙ නෑ. ඒ වගේම හොද පඩියක් මම ලබාගත්තා. ඒ දවස්වල රේට් තිබුණ විදියට ලක්ෂ 10ට වඩා පඩි ගත්ත මාස තිබුණා. ඒ වගේම මම සේවය කරපු පැත්තෙ ප්‍රධානියත් මන් ගැන පැහැදීමෙන් හිටියා. වැඩ කරන ටයිම් එකේ උනත් කෝල්වල් හිටියත් කාංචනා එක්ක රණ්ඩු උනත් ප්‍රධානියා දැක්කට මට මොකුත් නොකියා විහිළුවක් කරා විතරයි. ඉතින් මේ හැම අතින්ම හොද කම්පැණි එකක් දාල යනව කියන තිරණ්‍ය බොහොම අමාරුවෙන් ගත්තෙ. "ඔයා ලංකාවට යනවනම් මාත් එනවා අපි දෙන්නම යමු" කාංචනත් මා සමග ලංකාවට යන බව පැවසුවා. පසුව කාංචනා පැවසුවෙ මා ලංකාවට ගියත් නොගියත් ඇය ලංකාවට යන බවයි. කාංචනාගෙ කම්පැණි එකත් වැහෙන්න ගිය නිසා ඒකෙ හිටපු අය වෙන කම්පැණිවලට මාරු කරා. කාංචනාට අවස්ථාවක් තිබුණත් මාරු වෙන්න. එයා ලංකාවට යන්න තීරණය කරා. " සුදූ ලංකාවට යන්න කලින් ආයෙම ඔයා මෙහෙ එන්න. ගිය පාර ආවට අපිට හරියට ඇවිදින්නත් බෑනෙ. මට ඕන ඔයත් එක්ක ජපන් ඇදුම ඇදලා ෆොටෝ ගන්න." නැවත වරක් මම ජපානයට යන්න තීරණය කරා. ඒ වෙනුවෙන් වීසා සදහා මුදල් පවා ගෙව්වෙ කාංචනා. ඒක ලොකු වරදක් කියල දැන දැනම කාංචනා මට එන්න කිව්වා. එයාලගෙ ඔෆිස් එකෙන් තරයේ අවවාද කරල තිබුනෙ ආයෙම ඒ වගේ වරදක් නොකරන ලෙසට. නමුත් අවදානමක් අරගෙන කාංචනා ඒ වැරැද්ද ආයෙම කරා. හැමදේම සූදානම් කරගත්තත් ජපානයට යන දින තීරණය කර තිබුණෙ නැහැ. ජපානයට යාමට පෙර තව ගොඩක් සිදුවීම් සිද්ද උනා. කාංචනා ඒ වනවිට ගෙදරට කතා කරන එක ගොඩක් සීමා කරල තිබ්බෙ. ඒත් මා සමග කතා කරන බව එයාලගෙ ගෙදරින් දැනගත්තා. ඒත් කාංචනා මට කතා කරා. "සුදූ මෙහෙ වෙන සිද්දි මේ කවුරු හරි ඔක්කොම කියනවා වගෙ. නැත්තන් කොහොමද දැනගන්නෙ ගෙදරින්" කාංචනාගෙයි මගෙයි සිද්දි එයාලගෙ ගෙදරින් දැනගන්නවා වගේම කාංචනාලගෙ මල්ලි ඒ දේවල් වයිෆ්ට කියල තිබුණා. නැවත්වරක් වයිෆ් හැමදේම දැනගත්තා. වයිෆ් දැනගත්තත් එයාට මට ඒක දැනගත්ත විදිය කෙලින් කියන්න බැරි උනා. මොකද කාංචනාලගෙ මල්ලිව පාවා දෙන්න වෙන නිසා සේම නැවත කිසි දෙයක් දැනගන්න නොහැකි වෙන නිසා. ඒක නිසා මමත් එහෙම දෙයක් නෑ කිව්වා ඇරෙන්න ඒ දේවල් පිළිගත්තෙ නෑ. "තමුසෙලාගෙ මල්ලි තමයි ඔක්කොම කියල තියෙන්නෙ. ඌගෙන ඇහුවම ඌ නෑ කියනවා. අහපන් උගෙන් කතා කරලා. ලමයෙක් ලැබෙන්න ඉන්නෙ කියල කියපන්. කියන දෙයක් මට කියන්න කියපන්" ඊට පස්සෙ කාංචනා මල්ලිට කතා කරල හොඳටම බැන්නා. වයිට කතා කරලා මොකුත් කියන්න එපා කියලා. ඒත් වයිෆ් දන්නවා දැන් මම වෙනදා වගේම කාංචනාත් එක්ක කතා කරනවා. සමහර දවස්වල කාංචනාම මාත් එක්ක රණ්ඩු උනාම වයිෆ්ට කතා කරල එයත් එක්ක එකට එක කියවගන්නවා. "ඔයා තමන්ගෙම මූත්‍රා බීපු ගෑණියෙක්නෙ කාංචනා. ඔයා කවදාවත් තේරුම්ගන්නෙ නෑ" වයිෆ් එහෙම කිව්වා. "ඔව් මම ඌ වෙනුවෙන් චූ බොනවා නෙවෙයි ඊටත් වැඩිය දෙයක් කරනවා" කියමින් කාංචනා ඊට පිළිතුරු දුන්නා. සමහර වෙලාවට මම කාංචනාට කතා නොකර ඉන්න හැදුවත් එයා කරේ ඒ වෙලාවට වයිෆ්ට කතා කරල එයාගෙ මානසිකත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරන එක. "ඇයි ඔයා ඔහොම කරනවනම් මගෙ බඩට ආයෙ දරුවෙක් දුන්නේ.. අනේ මගෙ දරුවා කොව්චර දුක් විඳිනවද?" වයිෆ් හැමදාම අඬනවා. කවුන්සලින් යනවා. එයා සතුටින්ම ඉන්න ඕන කාලෙ කිසිම සතුටක් එයාගෙ නෑ. එයාවත් විශ්වාස කරේ නෑ දරුවා නීරෝගිව මේ ලෝකෙට බිහි වෙයිද කියලා. මට මතක් වෙනවා අපේ පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට මම එයාව කොච්චර පරිස්සමින් බලාගත්තද කියලා. හැමදේටම එයා ළගින් හිටියා. එයාට පලවෙනි බබා ලැබෙනකොට එයාට වැඩිය වේදනාව තිබුණෙ මට. එයා ලේබර් රූම් එකට ගන්නකොට ඉස්පිරුතාලෙ කොරිඩෝවෙ ඉදල එහාට මෙහාට මම කී සැරයක් බයෙට කලබලයට ඇවිද්දද? ඒත් අද වෙනකොට එයාට ඒ හැමදේම තනියෙන් දරාගන්න වෙලා. "අපිට එක පාරම බබාල 3ක් විතර ලැබුනනම් හොදයි නේද? එතකොට එකපාරින් ඔක්කොම ඉවරනෙ" "එහෙම බැහැ එහෙම බැහැ. ඒක අම්මට අවදානම්. දරුවෙක්නම් මට ඕන වෙලාවක හදාගන්න පුළුවන්. ඒත් ඔයාව මට නැති උනොත්. ඒක නිසා එහෙම වෙන්න හිතන්නවත් එපා" ඒ පළවෙනි ළමයා ලැබෙන්න ඉද්දි මගෙයි වයිෆ්ගෙයි කතාබහක්. එහෙම හිටපු මම අද මේ තත්ත්වෙට පත්වෙලා. මේ ආත්මෙක තියා කිසිම ආත්මෙක වයිෆ්ගෙන් මාව ඈත් නොකරන්න ප්‍රාර්ථනා කරපු මම අද කාංචනා වගේ වැරදිම විතරක් තියෙන ගෑණියෙක් ඉස්සරහා වයිෆ්ව අසරණ කරනවා. #wattpadsinhala #breakup #realstory
Nihon abhisaari
Region: LK
Thursday 19 February 2026 12:13:45 GMT
Music
Download
Comments
nishi fernando :
හැම ආත්මේකම ඔයාට හම්බ වෙන්න ඕන කාංචනා වගේ වටේ යන වේ## බඩුවක්. මොකද අච්චර හොද ගැණියෙක්ට දෙන ගින්දර සුලුපටු නැ.
2026-02-19 12:36:14
22
අශෝකා :
අනියම් පෙමත් ලස්සනයි ගැලපෙන කෙනෙක් ලැබුනොත්
2026-02-19 12:37:44
9
R G :
අම්මපා මූ ඉන්න තැන දන්නවනම් ටිකට් එකක් දාං ගිහිං කොටලා එනවා එන කේන්තියට
2026-02-19 19:14:59
7
Shaalani :
මාත් ඔය වගේම දුක් වින්ද.අනුන්ගෙ මිනිහලා අල්ල ගන්න ගෑනු නිසා.චූටි කාලයක් නේමේ.ආයෙ හැරෙන්න බැරි ලොකු කාලයක් මගෙ ජීවිතේ කාලකන්නි උනා.අවසානෙ මන් තනි උනා.එක්කින් දෙක්කින් අත් නොහැරීම මුලු ජීවිතෙන්ම මට වන්දි ගෙවන්න උනා.මන් කාටත් කියන්නෙ වැරදි කරන මිනිස්සු නිවැරදි වෙයි කියන බලා පොරොත්තුවෙන් අල්ලන් ඉන්න එපා.උන්ට හොදින් ඉන්න දීල අයින් වෙන්න ඕනි
2026-02-19 13:32:40
3
• 𝐀 𝐒 𝐇 𝐈 • :
ඔයාගේ වයිෆ් එච්චර ඉවසන්නේ එයාගේ පව එයා ගෙවල ඉවර කරන නිසා ඒ වගේම ඔයාත් කාංචනාත් දැන් දැන ඒ වරද කරන්නේ තව දුරටත් ඒ පව ඔයාලා දෙන්නම තව ආත්ම ගානකට අරං යන නිසා.
2026-02-19 23:02:26
6
heshu wijerathna :
මං මේ කතාව මෙච්චර ආසාවෙන් කියවන්නෙම අර අහිංසක වයිෆ්ටයි ලමයින්ටයි සාධාරණයක් වෙන්නෙ කවද්ද බලන්න 😢පව් අනේ. මෙහෙම මිනිස්සුනම් අනේ මන්දා.
2026-02-19 12:49:09
5
journal_de_sasi🌼 :
එහෙම මිනිස්සු කිසිම ගෑනියෙක්ට හම්බෙන්න එපා! ඉන්නව නම් දෙපාරක් නොහිතා අතාරින එක තමයි හොදම උත්තරේ . තමන්ගෙ හිත හදාගන්න පුලුවන් තමන්ට විතරයි. පස්සෙ පසුතැවෙන්න වෙනව අනිවාරෙන් .
2026-02-19 20:11:06
1
rasanjaleelanka :
මට මේ කතාව බලනකොට හිතෙන්නේ මේ මනුස්සයව වයිෆ් අතඅරින්න ඕනි. වයිෆ් වගේ ගැහැනියක් මේ වගේ මනුස්සයෙක්ට සුදුසු නැහැ. මේ මනුස්සයට සුදුසු කාංචනා. මට හිතෙන්නේ වයිෆ්ට මේ මනුස්සයා එපා වෙයි. මේ මනුස්සයා කාංචනා පස්සෙන් යන්නේ වැරදි බව දැනගෙන.
2026-02-19 14:17:15
3
Ru 🎀 🇰🇷 :
අමු මෝඩයිනේ අප්පා හොද ගෑණියෙක් ඉද්දි අර හෝන්තුවක් පස්සේ ගිහින් ජීවිතේම නාස්ති කරගෙන 😩
2026-02-20 03:51:35
2
සුදූ....🥰 :
යකෝ තමන්ගෙ යූරීන් බොනවා කියන්නෙ මේකි නම් මොන ජාතියේ එකියක්ද දන්නෑ.😡😡😡
2026-02-20 09:11:08
1
🖤 Drama World 🖤 :
මේ කතාව කියවලා වැඩක් නෑ මූබත් කන හරකෙක්
2026-02-19 12:42:19
8
୧⍤⃝ᰔᩚꪀׁׅꪱׁׅ꯱ׁׅ֒ɑׁׅ֮ᥣׁׅ֪ꪱׁׅᥫ᭡꧅꧂ :
මේ මනුස්සයාට පුන්නක්කු දෙන්න ඕනි බොන්න 😁😁😁 මහා මොඩයෙක්
2026-02-19 18:30:45
2
👣⋆。𝓭𝓲𝓵𝓴𝓲🐬*•.♡🦋☘️👣 :
එච්චර දේවල් වෙලත් හැදුන්නැති මිනිහෙක් මැරෙනකල්ම හැදෙන්නැ 🤮
2026-02-19 22:42:31
2
❤️shani❤️ :
මේ වගේ මී හරකෙක් 😏😏
2026-02-19 14:07:48
1
chithra :
muta mole padenne kawdda
2026-02-19 12:24:12
2
AMA_SINU :
next plz
2026-02-19 17:39:58
1
🥀Mahee..Oman🇴🇲🇱🇰Doni🇴🇲 :
අනේ පව් එයා😳
2026-02-19 15:04:19
1
heshu wijerathna :
අරකිනම් මහ පුදුම ජරා ගෑනියෙක් වැරදිත් කරලා කියවන්නත් යන්වා. ඒකත් අර ප්‍රෙග්නට් වෙලා ඉන්න අහිකංසක මනුස්සයාට. අනුන්ගේ මිනිහො අල්ලගෙන මෙතන 😡😡
2026-02-19 12:51:11
2
"Anu"🌍❤️!! :
මේ මනුස්සයා සංසාරේ ලොකු පිනක් කරලා තියෙනවා මේ වාගේ ඉවසන වයිෆ් කෙනෙක් ලබන්න ..වෙන ගැහැණු කෙනෙක් උනාම් මුන් දෙන්නවාවම මරලා
2026-02-19 13:18:49
2
Thisari Thejani :
Next
2026-02-19 13:31:09
1
damayanthi💚 :
අයියෝ..අන්තිමට වත් එයාලා හොදින් ඉන්නවද..
2026-02-19 13:33:07
1
😏👉වැල්ලේ කෙල්ල👈😏 :
අපෝ තෝ නම්..🤨🤨🤨🤨🤨🤨
2026-02-19 12:48:41
1
gayan.laki2🇯🇵 :
Ep tika ikmanata daanawanm kamathi..🥺❤️
2026-02-19 16:57:48
1
Gaya :
ඉක්මනින් කතාව දාන්න.... 🤍 ඒ වගේම විශ්වාස කරනවා අවසාන මොහොතේදී හරි ඔයා හරිම තීරණය අරන් ඔයාව අත්නොහැර ඔයා ළගින් හිටපු අහිංසක wife සහ දරුවන්ට සාධාරණයක් කරලා ඇති කියලා ......
2026-02-19 13:15:06
2
Ayesha wijerathne (🌹) :
මම පොත් කියවන කෙනෙක් අඩුම කතාවකවත් මේ වගේ තිරිසන් පිරිමියෙකුයි කාංචනා වගේ ගෑනියෙකුයි හම්බෙලා නෑ.ඒ වගේම මට උන්ව පේන්නෙ මානසික ලෙඩ්ඩු වගේ
2026-02-20 15:06:10
0
To see more videos from user @nihon.abhisaari, please go to the Tikwm
homepage.