@by_laurawild: ආදරයට logic එකක් නෑ, මනුස්සයෙක් මේ ලෝකයේ තවත් කවුරුන් හෝ මනුස්සයෙකු වෙනුවෙන් ජීවිතයේ තමන්ට වටිනම දේවල් පවා කිසිම ආයාසයකින් තොරව අතහරින තැන් දැකලා තියෙනවා නේද? ඒවා පරිත්‍යාග, කැපකිරීම් වගේ පේන්නේ එලියෙන් ඉඳන් බලන් ඉන්න අනුන්ට. ඒක කරන කෙනාට එහෙම හිතෙන්නේ නෑ. මෙහෙම වෙන්නේ කොහොමද කියලා හේතු පැහැදිලි කරන්න කාටහරි පුළුවන් ද? ඒක තර්කයට අහුවෙනවද? Logic එක්ක පෑහෙනවද? මම නම් හිතන්නේ ඒක එහෙම කිසි දේකින් පැහැදිලි කරන්න බෑ. "ආදරේ" කියන්නේ අන්න ඒක තමයි. ආදරය තර්ක කිරීමේ සීමාවෙන් එහා තියෙන දෙයක්. ආදරය logics වලින් පහදන්න බෑ. ආදරෙයි කියන්නේ ආදරෙයිම විතරයි. දැකල නැද්ද කිසිම ගැලපීමක් පෑහීමක් නැතුව, "මෙයා නම් අරයාට මොකට/මොනදේකට ආදරය කරනවද මන්ද" හිතෙන, logic එකක් නැති ආදර කතා? මනුස්සයෙකුට තමන්ගේ ජීවිතයට ආව ගිය ගොඩක් අය එක්ක "ප්‍රේම සම්බන්ධතා" තිබිල තියෙන්න පුළුවන්. ඒත් ඒ අතරින් හිතල බැලුවම ඇත්තටම "ආදරය" තිබිලා තියෙන්නේ ඉතාම කලාතුරකින් හම්බ වුණ තැන් දෙක තුනක විතරයි. රැවුලත් බේරගෙන, කැඳත් බේරගෙන game එක play කරන්න උත්සාහ කරන ගොඩක් තැන්වල ආදරයක් නෑ. මේ කරන්නේ කැපකිරීම් කියලා අබමල් රේණුවක්වත් හිතන්නේ නැතුව "කැපකිරීම්" කරන අය තමයි ඇත්තටම ආදරේ කරන මිනිස්සු. ආදරේ ඇත්තටම ටෙස්ට් වෙන්න නම් දෙන්නා ජීවිතයේ අභියෝගාත්මක තැන්, තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය වලට මුහුණ දීලා තියෙන්න ඕනෙ. එතකල් ජීවිතේ ඒ තිබුණෙ ආදරයක්ද කියලවත් අපිට හරියට තේරෙන්නෙ නෑ. 🖋️📸 🌕Ruu #life #Love #fypシ゚viral #fypage #fyp
Laura 🪽
Region: LK
Saturday 21 February 2026 09:16:01 GMT
Music
Download
Comments
........ :
ඔයා කතා කරන්නේ හදවතටමයි 🥺😔
2026-02-21 09:36:56
2
A ʚ🧸💋ᯓɞ :
adrei kiynne adaretm witrai 🙂↕️🫀
2026-02-22 16:39:00
1
Denuu 🖤😘 :
@Sa Ha N 🥹💗
2026-04-16 21:07:22
1
කූඹියෝ 🐜 :
🤎
2026-02-23 14:45:31
1
........ :
😖🥺🥺
2026-02-21 09:36:37
1
Leshan :
🤍
2026-02-21 10:30:18
1
نيميز 🇧🇷 :
🖤
2026-02-24 02:10:55
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.