@ashi_divya: අපිට ගොඩක් වෙලාවට ලෙඩක් කිව්වම හිතට එන්නේ ශරීරයේ වේදනාවක්, උණක්, හෙම්බිරිස්සාවක් හෝ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ඕන දෙයක්. ඒ වගේම අපි ලෙඩ විදියට දකින්නේ ශරීරයට හැදෙන අසනීප විතරයි. හැබැයි හිතේ ලෙඩ? ඒවා අපි බොහෝ වෙලාවට නොසලකා හරිනවා. “එහෙම දෙයක් නෑ”, “මං ශක්තිමත්”, “මේක මගේ දුර්වලකමක්” කියලා හිතලා, හිතේ වේදනාව හුඟාක් කාලයක් අපි තුළ ම තියාගන්නවා, ඒ දේවල් යටපත් කරගෙන හංගගෙන ඉන්නවා. හැබැයි ඇත්ත තමයි... හිතත් ලෙඩ වෙනවා. හිතටත් බෙහෙත් ඕන. 💗🫂 📍හිතේ ලෙඩ කියන්නේ මොනවද? හිතේ ලෙඩ කියන්නේ පිස්සු හැදෙන එකක් විතරක් නෙවෙයි. අපි දෛනික ජීවිතේ අත්විඳින ගොඩක් දේවල් හිතේ ලෙඩවලට අයිතියි.. 👉 නිතරම දුක සිතීම 👉 හේතුවක් නැති භය 👉 තමන් ගැන අඩු වටිනාකමක් හිතීම 👉 අතීතය ගැන නිතරම හිතමින් ජීවත් වීම 👉 අනාගතය ගැන අතිශයින් බය වීම 👉 තනිකම 👉 හේතුවක් නැති කෝපය 👉 ජීවිතය ගැන උනන්දුව නැතිව යාම මේ තමයි හිතේ ලෙඩ. 📍කොහොමද මේ හිතේ ලෙඩ සුව කරගන්නේ? “මට හිතේ ලෙඩක් තියෙනවා” කියලා මුලින්ම පිළිගන්න පුරුදු වෙන්න. මේක තමයි මුල් ම බෙහෙත. ඉතින් හිත සුව කරන්න තියෙන වැදගත්ම පියවර තමයි, 👉 “ඔව්, මම දැන් හොදින් නෙවෙයි” 👉 “මට උදව් ඕන” කියලා තමන් ම පිළිගැනීම. මේක ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඔයා ඉන්න තත්ත්වය ඔයාම පිළිගන්නවා කියන්නේ ඔයාගේ ආත්ම ශක්තියේ සලකුණක්. 📍 හිතේ ලෙඩවලට තියෙන ස්වභාවික බෙහෙත් 1. කතා කරන්න. හිත ඇතුළේ දේවල් හිර කරගෙන ඉන්නකොට, අපේ හිත ගොඩක් බර වෙනවා. හැබැයි තවත් කෙනෙක් එක්ක කතා කළාම, ඒ බර අඩු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. තනිකම අඩු වෙනවා. ඉතින් ඔයාට විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න. යාලුවෙක්, පවුලේ කෙනෙක්, හෝ වෘත්තීය උපදේශකයෙක්. 2. අඬන්න අඬන එක දුර්වලකමක් නෙවෙයි.අඩනවා කියන්නේ හිතේ විෂ ඉවත් කරන්න හොද ක්‍රමයක්. ඉතින් ඔයාට අඩන්න හිතෙනවා නම් අඬන්න. තමන්ව නවත්වන්න එපා. 3. ලියන්න – හිතේ තියෙන හැමදේම කඩදාසියට ගන්න. Journaling කියන්නේ අපේ හිතට හුඟක් බලවත් බෙහෙතක්. 👉අද මට දුක ඇයි? 👉මට බය ඇයි? 👉මට ඕන දේ මොකද්ද? කියලා ලියන්න එහෙම ලියලා බැලුවම, අපේ හිත ඇතුළේ ගොඩක් දේවල් පැහැදිලි වෙනවා. 4. වර්තමානයේ ජීවත් වෙන්න ඉගෙන ගන්න අපේ දුකේ 90%ක්ම එන්නේ, අතීතය ගැන හිතලා, අනාගතය ගැන බය වෙලා ඒ ගැන හිතමින් ජීවත් වෙන නිසා. ඉතින් දැන් තියෙන මේ මොහොතට අවධානය දෙන්න. අතීතයට හරි අනාගතයට හරි යන්න හිතෙන වෙලාව හොද හුස්මක් අරගෙනමේ දැන් ඔයා වටේ තියෙන දේවල් දිහා බලන්න. මේ මොහොතේ හොද අවධානයෙන් ගෙවන්න. මේක තමයි Mindfulness. 5. ඔයා ඔයාට ආදරය කරන්න (Self-Love) හිතේ ලෙඩ ගොඩක් වෙලාවට එන්නේ තමන්ට තමන් ආදරය නොකිරීමෙන්. “මං හොද නැහැ” “මට වටිනාකමක් නෑ” “මට මේක බැ” මේ වචන වෙනුවට, “මං උත්සාහ කරනවා” “මට වටිනාකමක් තියෙනවා” “මං ඉගෙන ගන්නවා” කියලා ඔයාටම කතා කරන්න. 6. ශරීරය සුවපත් කරගන්න අපේ හිතයි, ශරීරයයි අතර තියෙන්නේ වෙන් කරන්න බැරි බැදීමක්. එක් කෙනෙක් ලෙඩ වුනොත් ඒක අනිත් කෙනාටත් බලපානවා. ඒක නිසා හොදට නිදාගන්න, වතුර බොන්න, ටිකක් ව්‍යායාම කරන්න, සූර්යාලෝකයට නිරාවරණය වෙන්න ශරීරය සුව වෙද්දී, හිතත් සුව වෙන්න පටන් ගන්නවා. 7. සමාජ මාධ්‍යයෙන් ටිකක් විවේක ගන්න. සමාජ මාධ්‍ය කියන්නේ, තමන්ව අනිත් අය එක්ක සැසඳෙන තැනක්. අසම්පූර්ණ ජීවිත “පරිපූර්ණ” වගේ පෙන්වන තැනක්. ඉතින් ටික කාලයක් break එකක් ගන්න. හිතට සුවදායක දේවල් විතරක් බලන්න. 8. වෘත්තීය උදව් ගන්න බය වෙන්න එපා. හිතේ ලෙඩ සමහර වෙලාවට අපිට තනිව සුව කරගන්න බැරි වෙයි. එහෙම වෙලාවට, මනෝ වෛද්‍යවරයෙක්, උපදේශකයෙක් හමුවෙලා බෙහෙත් ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි. අවසාන වශයෙන් මතක තියාගන්න, 💙 ඔයා දුර්වල නැහැ. 💙 ඔයා තනි වෙලා නැහැ. 💙 හිතේ ලෙඩ සුව කරගන්න පුලුවන්. ඉතින් හිතටත් බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත හොයාගන්න ඔයාටම ඉඩ දෙන්න. ♥️✨️ ✍ Rebirth with Ashi #happiness #creatorsearchinsights #lifetips #selfgrowth #srilanka

ashi_divya
ashi_divya
Open In TikTok:
Region: LK
Thursday 26 February 2026 07:40:45 GMT
101433
3253
87
739

Music

Download

Comments

justwe12
Just we💍🤍 :
මේක දැක්කේ හරිම වෙලාවේ ගොඩක් ස්තූතියි හිතට ලොකු සැනසීමක් දැනුනා🥺🤍✨
2026-02-26 16:28:46
31
heshaniwijesekar1
Hesha💜 :
ඕනිම වෙලාවෙ හම්බුනේ මේ පෝස්ට් එක🥺❤️
2026-03-05 14:39:35
4
user_nethu_babh
🖤 Nethu babh 🖤 :
🥺 ඔනම වෙලවෙ ලබුන පොස්ට් එකක්
2026-02-28 15:25:05
6
user7445413696548
🍁🍂මන්දෝදරී🍂🍁 :
හිතේ තියන හැම දෙයක්ම ලියන්න පුරුදු වුනාම හිත ගොඩක් නිදහස් ,කියන්නම කෙනෙක් නැති වුන ගොඩක් වෙලවට මගේ ලග ඉන්න එකම මිතුරාත්,නැයත් කොළය සහ ✒️i,ස්තූතියි වටිනා අදහස් වලට ,
2026-02-27 06:24:15
1
kithmini_abeysekara
Kithmini Abeysekara :
උවමනා වෙලාවෙම මට මේක හම්බුනේ ඔයාට ගොඩක් ස්තුතියි 🥺❤️
2026-02-28 03:58:13
2
kaushalyakavindi2222
kaushalya🥰❤️ :
ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ඒවා වචන කරලා හයියක් උනාට❤️❤️❤️
2026-02-27 13:48:47
1
sudeera.max5
sudeera :
ඕනිම වෙලාවෙදි හම්බ උනා එළ ❤️ඉස්තූතියි
2026-02-28 12:13:46
1
ridmi.didurangi
Ridmi didurangi :
ඕනම වෙලාවෙදි හම්බුනා thanks 👌
2026-02-28 08:05:12
2
_568279
<𝗖𝗵𝘂𝘁𝘆_💫🦄" :
මේ වෙලාවෙ ඒ වචන ටික මට ගොඩක් වටිනවා❤️
2026-02-28 03:13:02
2
sewwadi18
❤️🌹එන්ජල් සෙව්🌹❤️ :
එ වචන ටික මාරම හයියක්.💪❤️
2026-02-27 14:30:08
1
sash._31
Sash _ 💙 :
🥺❤ඒ වචන ටික මාටම හයියක් ❤❤
2026-02-27 08:41:23
5
user5632326101081
🎼උද්මලී 🎼 :
🥺😭😭😭😭😭😔😔math mehemaine ithim
2026-02-27 00:44:42
1
kaushiijayasinghe
kaushiijayasinghe :
Thank u
2026-03-16 11:11:16
0
sanjeewani825
sanjeewani :
මේක හරිම වෙලාවට දැක්කේ..තෑන්ක්🥰ගොඩක් වටිනව..
2026-02-27 01:25:55
2
nilukshi.sewwandi
Nilukshi Sewwandi :
it reads me
2026-02-26 16:35:29
0
arnoldshawashenger
Rich Life :
Valuable article 👍 Thanks ❤️
2026-02-27 04:23:26
3
user45236191568035
♥️♥ඉෂු♥️♥️ :
මට මෙි වචන ටික ගොඩක් වටිනවා
2026-02-28 02:05:20
1
dilukarangana
Diluka Rangana :
ඒ වචන ටික මාටම හයියක් ❤❤🥺
2026-02-27 08:43:26
1
wasanthi723
wasanthi :
yes true 😢
2026-03-11 07:06:06
0
anuradha9153
anuradha :
thanks
2026-03-13 09:01:21
0
manuja.pansilu
Manuja Pansilu :
හරිම වෙලාවෙ දැක්කෙ ඒ වචන ටිකත් ඇති පොඩිවෙලාවකට හරි
2026-04-09 16:57:20
0
baby_bunny_2_ac
_Chamya_ :
ඇත්ත ම ඇත්ත 🥰
2026-05-04 12:12:59
0
imeshaerandi0
@ERA__GIRL :
මේ මට ඕනම වෙලා තිබුන දෙයක් ❤️
2026-04-06 07:05:51
0
iresha.iresha231
iresha iresha :
🥰🥰🥰🥰
2026-03-14 01:18:01
0
thisari_sandamini0
Thisari_ sandamini :
Current situation 🥺
2026-02-26 19:14:54
0
To see more videos from user @ashi_divya, please go to the Tikwm homepage.

Other Videos


About