@thilii__govinna: වවුල් කැලේ ඝාතනය - නීතිය හමුවේ සිදු වූ දේ සහ 'Father' සිනමාපටයේ පසුබිම. "1990 පෙබරවාරි 27. මුළු ලංකාවම භීෂණයෙන් වෙලී තිබුණු කාලයක්. එදා රාත්‍රියේ අත්තනගල්ල වවුල් කැලේ වත්තේදී සිදු වුණේ මනුෂ්‍යත්වයට කිසිදා අමතක කළ නොහැකි සාපරාධී අපරාධයකි. තරුණ තරුණියන් 12 දෙනෙක්ව ටයර් සෑවල දමා කුරිරු ලෙස පණපිටින් පුළුස්සා දමන ලදි. අද අපේ රටේ අතිශය ජනප්‍රිය 'ෆාදර්' (Father) චිත්‍රපටයට පාදක වෙන්නෙත් මේ සත්‍ය සිදුවීමයි. නමුත් මේ සිද්ධියේ නීතිමය සටන සහ මිනීමරුවන් නිදහස් වීමද මෙහිලා උඩු දුවන්නකි. (රතු ගාමිණීගේ ප්‍රාතිහාර්යය ) මෙම ඝාතන වැලෙන් ජීවිතය බේරා ගත්තේ එකම එක් පුද්ගලයෙක් පමණයි. ඒ 'රතු ගාමිණී'. ඝාතකයන් තරුණයන්ව එක පෙළට තබා වෙඩි තබද්දී, තමා අසල සිටි පුද්ගලයාව ඝාතකයන් දෙසට තල්ලු කර ඔහු අඳුරේ පලා යන ලදි. ඔහු අසල තිබූ කජු ගසකට නැඟී තම මිතුරන්ගේ සිරුරු ගිනි ගන්නා ආකාරය දෑසින්ම දුටුවේය. පසුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ මහා විනාශය හෙළි කළ ප්‍රධාන සාක්ෂිකරු බවට පත් විය. (අධිකරණයේ සිදුවූ ලේ වැගිරීම) මෙම නඩුව විභාග වූයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ. එදා 1991 නොවැම්බර් 18 වැනිදා. විත්තිකරුවන් වූ වීරගුල පොලිසියේ ස්ථානාධිපතිගේ මස්සිනා වන 'දම්මික' සහ ඔහුගේ මාමණ්ඩිය අධිකරණ ශාලාව තුළ සිටියදී, නන්නාදුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් එතැනම මරණයට පත් විය. ලංකා ඉතිහාසයේ විනිසුරු අසුනක් ඉදිරිපිට සිදු වූ ප්‍රථම මිනීමැරුම මෙයයි. පසුව හෙළි වූයේ මෙයට පලිගැනීමක් ලෙස 'ගම්පහ ඔස්මන්ඩ්' නමැති අයගේ කණ්ඩායමක් සම්බන්ධ වී සිටි බවයි." (ඔස්මන් නිදහස් වීම) වවුල් කැලේ සිද්ධියට අදාළව චූදිතයන් නිදහස් වීමට ප්‍රධාන හේතුව වූයේ ඔස්මන්ට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් නොවීමත් ශක්තිමත් ලෙස ගෙන ආ අන්‍යස්ථානිකත්වයේ විත්තිවාචකයත් (සේකරගේ විදෙස් ගමන් බලපත්‍රට හරහා එය චිත්‍රපටය තුළ සළකුණු විය ) පැමිණිල්ලේ තිබූ දුර්වලතාත් ය. අවසානයේ වසර ගණනාවක නඩු විභාගයකින් පසු සැකකරුවන් නිදහස් කරනු ලැබීය. නීතියෙන් දඬුවම් නොලැබුණත්, මිනීමරුවන්ට එරෙහිව මහජන අධිකරණය ක්‍රියාත්මක වූ බවට මෙම සිද්ධිය සලකුණකි. ප්‍රවීණ මාධ්‍යවේදී වදාකඩ නවරත්න තම 'වවුල් කැලේ තීන්දුව' කෘතියෙන් මේ සියල්ල විග්‍රහ කර ඇත. "ෆාදර්" චිත්‍රපටය මගින් නීතිය නිහඬ වන තැන යුක්තිය සොයා යන මිනිසුන්ගේ වේදනාව ආමන්ත්‍රණය කරනු ලබයි. වවුල් කැලේ යනු ඉතිහාසයේ තවත් එක නඩුවක් නොව, ලේවලින් ලියැවුණු යුක්තියේ සලකුණකි. #fathermovie #osmangunasekara #virul #parasathuyaya
thilii__govinna
Region: LK
Saturday 28 February 2026 13:56:33 GMT
Music
Download
Comments
Supun Rangana :
mn.baluwa me film aka
2026-02-28 14:32:45
2
anu❤️ :
me naluw🥹ගේ නම මොකක්ඩ් 🫠
2026-06-15 19:36:23
0
Nirukshi Kaushalya :
❤️❤️❤️
2026-02-28 16:52:27
1
Chanuthi Wijerathne :
❤️❤️❤️
2026-02-28 15:26:33
0
Risara_Maneth :
@paruu
2026-03-12 05:35:17
1
NuRR🤍☁️ :
♥️
2026-06-15 18:48:45
0
To see more videos from user @thilii__govinna, please go to the Tikwm
homepage.