@kathakaraya: අපි එයාට නදීෂා කියමු. නදීෂාට වයස අවුරුදු හතළිහක් වුණත්, රූපයෙන් එයා හරියට අවුරුදු විසිපහක තිහක විතර ලස්සන කෙල්ලෙක් වගේ. එයා වැඩ කළේ ටවුමේ ප්‍රසිද්ධ බැංකුවක. නදීෂාගේ සැමියා සුමිත් පාසල් ගුරුවරයෙක්. සුමිත් කියන්නේ බොහොම නිහඬ තමන්ගේ පවුලට පණ වගේ ආදරය කරන හොඳ මනුස්සයෙක්. මෙයා කවදාවත් නදීෂාට විහිලුවටවත් බැනලා නෑ. මේ ලස්සන කැදැල්ලේ හුරතල් දරුවෝ දෙන්නෙක් හිටියා. ලොකු පුතා තුන වසරේ චූටි දුව තාම එක වසරේ. ඒ කාලේ නදීෂා කියන්නේ පවුල වෙනුවෙන්ම නැහුන අම්මා කෙනෙක්. පාන්දරින්ම නැගිටින එයා දරුවන්ටයි මහත්තයාටයි කෑම උයලා දරුවන්ගේ ඇඳුම් මැදලා එයාලව ඉස්කෝලේ යවන්න ලෑස්ති කළේ හරිම ආදරෙන්. හවසට මහන්සි වෙලා වැඩ ඇරිලා ආවත් නදීෂා මුලින්ම කළේ දරුවන්ව තුරුල් කරගෙන එයාලගේ ඉස්කෝලේ වැඩ ටික බලන එක. රෑට නිදාගන්නකොට චූටි දුව නින්දට ගියේ අම්මාගේ අඟිල්ලක් අතේ ගුලි කරගෙන. සුමිත් හරිම ආඩම්බර වුණා තමන්ට මේ වගේ වටිනා ලස්සන බිරිඳක් ලැබුණ එක ගැන. ඒක ඇත්තටම පුංචි වුණත් ආදරෙන් පිරිච්ච ලස්සන ලෝකයක්. ඔහොම එකාකාරීව අවුරුදු ගාණක් ගෙවිලා යද්දී තමයි නදීෂා වැඩ කරන බැංකුවට අලුතෙන් තරුණ ළමයෙක් වැඩට එන්නේ. අපි එයාට අශාන් කියමු. අශාන්ට වයස අවුරුදු විස්සක් විතර ඇති. ලස්සනට ඇඳලා කරලා ඉන්න කටකාර හැමෝම එක්ක හිනාවෙලා ඉන්න අශාන්ගේ අවධානය නදීෂාට යොමු වුණා. "අක්කේ ඔයා නම් මාර ලස්සනයි. කවුද කියන්නේ ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා? ඔයා හරියට කැම්පස් යන කෙල්ලෙක් වගේනේ" අශාන් නිතරම නදීෂාගේ හිත දිනාගන්න එහෙම කිව්වා. අවුරුදු ගාණක් එකම විදිහට පවුලේ වගකීම් එක්ක හැප්පිලා හිටපු නදීෂාට මේ තරුණ ළමයාගේ වචන හරියට වේලිච්ච කාන්තාරෙකට වැටුණ වැස්සක් වගේ දැනුණා. සුමිත් කියන්නේ ආදරේ වචනවලින් පෙන්වන්න දන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා නදීෂා, අශාන්ගේ මේ බොරු වර්ණනාවලට නොදැනුවත්වම රැවටුණා. කාලයත් එක්ක මේ කොල්ලත් එක්ක නදීෂා සම්බන්ධයක් පටන් ගත්තා. මේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ ඒ ලස්සන ගෙදර සතුට ටිකෙන් ටික මැකිලා ගියා. නදීෂා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. උදේට ඉස්සර වගේ කෑම උයන්න එයාට වුවමනාවක් තිබුණේ නැහැ. දරුවන්ගේ ඇඳුම් කිලිටි වෙලා ඉස්කෝලේ පොත්වල වැඩ මඟහැරිලා ගියා. ගෙදර හිටියත් එයාගේ ලෝකය වුණේ ෆෝන් එක. කාමරේ දොර වහගෙන හිනාවෙවී අශාන් එක්ක පණිවිඩ හුවමාරු කරගන්න එක තමයි එයාගේ එකම සතුට වුණේ. "අම්මේ මට බඩගිනියි" කියලා චූටි දුව අඬද්දී, "යන්න ළමයෝ කරදර නොකර මම මේ වැඩක් ගෙදර ඇවිල්ලත් ඉන්න නැනෙ නිදහසේ, තාත්තාට කියන්න කන්න මොනවා හරි අරන් එන්න කියලා" කියන තැනට නදීෂාගේ හිත ගල් වෙලා තිබුණා. සුමිත් හරිම අසරණ වුණා. එයා දරුවන්ට කෑම ටික හදලා දීලා, එයාලව නිදි කරවලා රෑ වෙලා තනියම කඳුළු සැලුවා. ටික දවසක් යද්දී මේ සම්බන්ධය ගැන ගමේ හැමෝම දැනගත්තා. අන්තිමේදී සුමිත්ටත් මේක දැනගන්න ලැබුණා. එදා ඒ ගෙදර ඇතිවුණ රණ්ඩුවට අර අහිංසක දරුවෝ දෙන්නා බයවෙලා මුල්ලකට වෙලා ගුලිවෙලා අඬපු විදිහ නදීෂාගේ අන්ධ වෙච්ච ඇස්වලට පෙනුණේ නැහැ. ඊළඟ කොටසින් හමුවෙමු. 🙂 තව ලස්සන කතා ගොඩක් ඉස්සරහට අරන් එන්න හිතන් ඉන්නවා. පුංචි ඉල්ලිමක් පුළුවන්නම් අපේ පේජ් එක follow කරගෙන යන්න. 🥺 like comment කරන්න අමතක කරන්න එපා. කතා කියවන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි 🙏 ✍️ කතාකාරයා #creatorsearchinsights #viral #like #comment #fyppppppppppppppppppppppp
Kathakaraya
Region: LK
Tuesday 03 March 2026 05:09:16 GMT
Music
Download
Comments
Ashan Shakeera :
Why අශාන්ම 🥲
2026-03-03 17:27:04
0
AMA_SINU :
next plz
2026-03-03 09:35:45
0
Nalaka & Nuwandara 🇱🇰🇦🇪 :
lassanai 💖
2026-03-14 15:53:03
0
Iresha R P :
next
2026-03-03 19:23:55
0
princess doni :
lassanai
2026-03-06 05:17:24
0
Show 🙃 :
නියමයි
2026-03-03 11:05:18
0
❤️❤️Chathu Wa😻 :
mage kathaw wagemayi 🥹🥹
2026-03-20 05:48:36
0
@samanali සමනලී :
❤️❤️
2026-03-08 10:13:09
0
Rushani Dissanayaka :
👍😳
2026-03-04 01:56:53
0
කුමාරි🇰🇼🇰🇼✨ :
😔😔😔
2026-03-04 06:12:16
0
1234 :
❤️❤️
2026-03-03 10:42:40
0
Sandamali :
🥰🥰🥰
2026-03-16 23:43:38
0
කෝලම..🪬ආසම චීස් 🧀🫠 :
🥺
2026-03-03 08:33:01
0
❤️J A Y A N I ❤️ :
🥹🥹🥹
2026-03-03 07:59:53
0
AMA_SINU :
👉👑️🦋🧚AMA_SINU👑🦋👈🧚🦋:♥♥♥♥ ලස්සනයි💕᭄ꦿ᭄❣🖌⃟💕
2026-03-03 09:35:50
0
To see more videos from user @kathakaraya, please go to the Tikwm
homepage.