@wishma_lokaya_offcial: විද්‍යාත්මකව බැලුවොත්, මිනිසා කියන්නේ සහජයෙන්ම සමාජය ඉදිරියේ තමන්ගේ තත්ත්වය (Status) ඉහළ නංවාගන්න කැමති සත්වයෙක්. ඒ නිසා, "පෙන්නන" මානසිකත්වය ලෙහෙසියෙන් නැති වෙන්නේ නැහැ. සමාජ මාධ්‍යවල "Showoff" කිරීම කියන්නේ, අපේ මොළයේ තියෙන 'Reward System' එකත් එක්ක බැඳුණු දෙයක්. අපි පින්තූරයක් දාලා ඒකට ලැබෙන 'Likes' සහ 'Comments' හරහා අපේ මොළයේ Dopamine කියන රසායනිකය නිපදවෙනවා. හැබයි ගොඩක් වේලාවට සමාජ මාධ්‍යවල හැමදේම පල කිරීම "පහළ මධ්‍යම පාන්තික" ලක්ෂණයක්. දැන් ලෝකයේ අලුත් trend එකක් එනවා "Quiet Luxury" කියලා. ඒ කියන්නේ තමන් සල්ලිකාරයෙක් කියලා ලොකු ලෝගෝ තියෙන ඇඳුම් ඇඳලා පෙන්වන්නේ නැතිව, ඉතා සරල නමුත් මිල අධික දේවල් පාවිච්චි කිරීම. මේක සමාජ මාධ්‍යවලටත් බලපානවා. මිනිස්සු තමන්ගේ වත්කම් පෙන්වන්න පින්තූර දාන එක නවත්තලා, ඉතාමත් සරල "Minimalist" ජීවිතයක් පෙන්වන්න උත්සාහ කරයි. හැබැයි මතක තියාගන්න, ඒ සරල බව පෙන්වීමත් තවත් එක "Showoff" එකක් විතරයි! අනාගතයේදී සමාජ මාධ්‍ය තුල පින්තූර පල කිරීම අඩු වේවි කියලා මම හිතනවා. එකට හේතුව තමයි, 'Privacy' ගැන මිනිස්සුන්ගේ තියෙන බය. තමන් යන එන තැන්, කන බොන දේවල් හැමෝටම පේන්න දැමීමෙන් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන බව මිනිස්සු වටහා ගනිමින් ඉන්නවා. ඒ නිසා තව නොබෝ කලකින් "Showoff" කරනවාට වඩා, තමන්ගේ පෞද්ගලිකත්වය රහසක් ලෙස තබා ගැනීම ආරක්‍ෂිත බව ඔවුන් තේරුම් ගන්නවා. බොහෝ දෙනෙක් දැන් තේරුම් ගනිමින් ඉන්නවා පින්තූරයක් ගන්න දරන උත්සාහය නිසා ඒ මොහොතේ විඳින සතුට නැති වෙනවා කියලා. විද්‍යාත්මකව මේකට කියන්නේ Photo-taking Impairment Effect කියලා. ඒ කියන්නේ පින්තූර ගන්න අවධානය දෙන කොට අපේ මතකය ඒ සිදුවීම හරියට ගබඩා කරගන්නේ නැහැ. මේ නිසා අනාගත පරපුර "පින්තූරයකට වඩා අත්දැකීම වැදගත්" කියන තැනට ඒවි. ඉතිහාසය පුරාම "පෙන්වීම" කියන දේ එක එක විදිහට වෙනස් වුණා. ඉස්සර මහතට ඉන්න එක පොහොසත්කමේ සලකුණක්, දැන් කෙට්ටුවට ඉන්න එක. ඒ වගේම, සමාජ මාධ්‍යවල හැමදේම පල කිරීම දැන් "පහළ මධ්‍යම පාන්තික" ලක්ෂණයක් විදිහට අනාගතයේදී හංවඩු ගැහෙන්න පුළුවන්. සැබෑ බලවත් සහ පොහොසත් මිනිස්සු සමාජ මාධ්‍යවලින් අතුරුදහන් වීම අලුත් Status Symbol එක වෙයි. මේ බව කලින්ම තේරුම් ගත්තු, සමාජ මාධ්‍ය සමාගම් පවා දැන් පින්තූර වලට වඩා, කෙටි වීඩියෝ හදන්න (Reels/TikTok) මිනිස්සුන්ව දැන් පොළඹවල තියෙනවා . පින්තූර පල කිරීමේ කලාව, මේ නිසාම මැරිලා යන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවට එන්නේ වීඩියෝ හරහා කරන "Showoff" එකක්. කොහොම වුනත් , සමාජ මාධ්‍යවල පින්තූර දැමීමෙන් ලැබෙන 'Social Comparison' එක නිසා මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍යය පිරිහෙන බව දැන් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. තව අවුරුදු කිහිපයකින් මිනිස්සු මානසික සුවය වෙනුවෙන් මේ "Showoff" සංස්කෘතියෙන් ස්වයංව ඈත් වෙන්න පටන් ගනීවි. තමන්ගේ සතුට අනුන්ගේ ලයික් මත තීරණය නොකරන පරම්පරාවක් ඉදිරියේදී බොහෝ විට බිහි වෙන්න ඉඩ තියෙනවා. අවසාන වශයෙන්, අනාගතයේ ලොකුම මිලක් නියම වෙන්නේ "ඇත්ත" (Authenticity) දේවල් වලටයි. හැඩගස්වපු (Staged) පින්තූර වෙනුවට, සැබෑ ජීවිතයේ අවුල් සහගත බව පෙන්වන පින්තූර වලට වීඩියෝ වලට, වැඩි තැනක් ලැබෙන්න පුළුවන් (උදාහරණයක් තමයි අපේ අලකිරිබෝලේ ). ඒ නිසා පරණ විදිහට බොරුවට පෙන්වන "Showoff" ක්‍රමය අනිවාර්යයෙන්ම නැත්තටම නැති වෙලා යාවි. දෙයක් ඉගෙන ගත්තා නම් ශෙයා කරන්න. ඒක ඔයාලා මේ පේජ් එක වෙනුවෙන් මට කරන උදව්වක්.. . ඔන්න මාත් ඇත්තම කිව්වා. එහෙනම් අපි ගියා... #foryou #fyp #foryoupagе #SriLanka

Wishma Lokaya
Wishma Lokaya
Open In TikTok:
Region: LK
Thursday 12 March 2026 03:39:55 GMT
44893
938
7
187

Music

Download

Comments

user3412104611072
🫪 :
Focus on your spirituality !!
2026-03-12 10:51:05
8
q_t033
Q_T :
Yes, that’s true. I’m one of them. I can show off anything, but I prefer to stay silent and keep my lifestyle private.
2026-03-14 09:53:44
5
hansi_wanasinghe
Dil❤️🌸 :
Focus on your spirituality !! (1 🥰❤️
2026-05-02 15:34:28
0
dulakshi.kavindya7
Dulakshi🌏❤️👑 :
Definitely true 💯🔥
2026-04-07 03:58:23
0
jezey_dissanayaka
Jezey Dissanayaka :
මටත් මේ හැමදේම එපා වෙලා තියෙන්නේ දැනට මාස 8කටත් වැඩී හැමදේම අයින් කරලා.. ඒත් YouTube ,Tiktok පාවිච්චි කරනවා
2026-03-18 04:44:31
3
p19anu90
P19Anu90 :
Quite Luxury trend එක ලෝකෙට ඇවිත් දැන් ගොඩාක් කල් 🤦‍♀🤦‍♀🤦‍♀🤦‍♀
2026-03-25 00:59:20
0
sachinthalakmal757
sachinthalakmal757 :
🥰
2026-04-29 07:43:02
0
To see more videos from user @wishma_lokaya_offcial, please go to the Tikwm homepage.

Other Videos


About