@selfiekaviya: ඊයේ රෑ එකොළහ හමාරට පමණ අවුරුදු ගණනාවකට පසුව ඇය මට දුරකථනයෙන් කතා කළාය. ඇත්තෙන්ම අදත් ඇගේ කට හඬ එදා මෙන්ම මිහිරිය.... "කොහොමද ඉතින් "... "හොඳින් ඉන්නවා" ..මම පිළිතුරු දුනිමි. "තවම නිදා ගත්තෙ නැද්ද"? ඇය මගෙන් ඇසුවාය. "නැහැ තවම නැහැ"...මම පැවසුවෙමි. " ෂා.... ඔයා අද හවස පාටි එකේදි දැක්කේ... තාම මාර හැන්ඩ්සම් නේ " ඇය පැවසුවාය. "එහෙම තමයි අපි" මම උද්දාමයෙන් පැවසුවෙමි. "අද ගෙදර කවුරුවත් නැහැ අනේ... ඒකයි ඔයාට කතා කරන්න හිතුවේ" ඇය මිමිණුවාය. "ඉතින් මොනවද ඔයාට කථා කරන්න තියෙන්නෙ". මම ඇසුවෙමි. "මම ඔයාගෙන්... කාරණයක් අහන්නද? හැබැයි බැහැ කියන්න බැහැ හරි" ඇය ලජ්ජාශීලිව පැවසුවාය. මට ඇඳෙන් බිමට පැනුනේ, " බැහැ කියන්නැහැ, මොකක්ද අහන්න තියෙන්නේ " අසමිනි. "හරි දිවුරන්න" ඇය පැවසුවාය. "සත්තයි ඉතින් කියන්නකෝ " මම පැවසුවෙමි. " අනේ මට ඒක කියන්න මොකක්ද වගේ අනේ" ඇය කෙඳිරුවාය. "ලැජ්ජා නොවී කියන්න අනේ " මම පැවසුවෙමි. "ඕගොල්ල ළඟ අමතර ගෑස් සිලින්ඩරයක් තියෙනවද? " ඇය තතනමින් ඇසුවාය. මම දුරකථනය විසන්ධි කලෙමි. 😭😭😭😭😭😭😭😭 (ස්තූතිය මුල් සටහන් කරුට)

සෙල්ෆි කවියා ✍️ | Magazine ☕
සෙල්ෆි කවියා ✍️ | Magazine ☕
Open In TikTok:
Region: LK
Thursday 26 March 2026 14:04:34 GMT
6897
59
3
2

Music

Download

Comments

universcraft5
Nadeesha Jayasekara :
හොද වැඩේ 😄
2026-03-26 14:35:09
1
samantha.vijerathn
Nirasha :
😁😁😁
2026-03-26 14:35:30
0
To see more videos from user @selfiekaviya, please go to the Tikwm homepage.

Other Videos


About