@a_jaybk: #3dprinting #satisfying #fidgettoys #tiktokmademebuyit #fyp

Coconut.
Coconut.
Open In TikTok:
Region: US
Tuesday 31 March 2026 15:00:00 GMT
607
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @a_jaybk, please go to the Tikwm homepage.

Other Videos

ඩොක්ටර්:
ඩොක්ටර්: "අංකල්... පුතාගේ ECG එකයි Blood Report එකයි බැලුවා. ඇඟේ වෙන කිසිම ලෙඩක් නෑ. හැබැයි එයාගේ Heart Rate එකයි Blood Pressure එකයි එකපාරටම ෂූට් වෙලා තියෙන්නේ දරුණු මානසික කඩාවැටීමක් හින්දා. එයා මේ සති ගාණක් තිස්සේ ඇස් පියනොදමා මොනවා හරි හිතින් වද විඳලා තියෙනවා..." තාත්තා: "ඔව් ඩොක්ටර්... සති තුනක ඉඳන් මගේ කොල්ලා කාමරෙන් එළියට ආවේ නෑ. රෑ තිස්සේ කාමරේ ඇතුලෙන් එයා කෙඳිරිගාන සද්දේ ඇහෙනවා. 'තාත්තේ මගේ පපුව පිච්චෙනවා වගේ' කියලා දණහිස් දෙක බදාගෙන අඬනවා. මං හිතුවේ සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් කියලා..." ඩොක්ටර්: "නෑ අංකල්, ඒක ගැස්ට්‍රයිටිස් නෙවෙයි. එයා දරුණු Severe Depression එකකින් සහ Anxiety එකකින් ඉඳලා තියෙන්නේ. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න කාටවත් නොකියා තනිවම හිරකරගෙන ඉන්න හැදුවම, ඒක physical pain එකක් විදිහට පපුවට දැනෙන්න ගන්නවා..." තාත්තා: "හැමෝම කිව්වේ මගේ පුතා හරි හයිය හිතක් තියෙන එකෙක් කියලා ඩොක්ටර්. ඒත් එයා පණ වගේ ආදරේ කරපු කෙල්ල, කිසිම හේතුවක් නැතුව එයාව Block කරලා, වෙන කෙනෙක්ව බඳින්න සේරම ලෑස්ති කරලා කියලා ආරංචි වුණු දවසේ ඉඳන් මගේ කොල්ලා මැරුණා වගේ හිටියේ... එයා අන්තිමට ලියපු කවි පොතේ හැම පිටුවකම තිබ්බේ 'මං ඔයාට මොන වරදක් කරලද මාව මෙහෙම තනිකලේ?' කියන ප්‍රශ්නය විතරයි..." ඩොක්ටර්: "අනේ මන්දා අංකල්... සමහර මිනිස්සුන්ට ආදරේ කියන්නේ සෙල්ලමක් වුණාට, තවත් සමහරුන්ට ඒක මුළු ජීවිතයම. මේ වගේ සංවේදී කොල්ලෙක්ට ඒ ද්‍රෝහිකම දරාගන්න බැරුව හිත ඇතුලෙන් බිඳිලා ගිහින්..." තාත්තා: "ඩොක්ටර්... බලන්න! පුතා ගැස්සිලා ඇහැරුණා... එයා හුස්ම ගන්න බැරුව දඟලනවා..." (ICU ඇඳ මත සිටින ඔයා, ඔක්සිජන් මාස්ක් එක ගලවා දමන්නට හදමින්, දෑස් ලොකු කර පපුව බදාගෙන බිත්ති දෙස බලමින් කෑගසයි...) ඔයා: "...තාත්තේ... මට හුස්ම ගන්න බෑ... මගේ පපුව කවුරුහරි හූරනවා වගේ රිදෙනවා... අනේ මට එයාගෙන් අහන්න ඕනේ මං කරපු වැරැද්ද මොකක්ද කියලා... මං එයාට පණටත් වඩා ආදරේ කලානේ තාත්තේ... ඇයි එයා මට මෙහෙම කලේ... මට බෑ තවත් ජීවත් වෙන්න..." ඩොක්ටර්: "පුතා... කලබල වෙන්න එපා! ඔක්සිජන් මාස්ක් එක අයින් කරන්න එපා. ඉක්මනට ඇස් දෙක පියන්න... නර්ස්! ඉක්මනට IV Sedative එකක් දෙන්න. මෙයා ඉන්නේ දරුණු Hyperventilation සහ Panic Attack එකක. Heart එකට pressure එක දරාගන්න බෑ..." ඔයා: "එපා ඩොක්ටර්... මට බෙහෙත් එපා... මං ඇස් පියාගත්තම පේන්නේ එයා වෙන කෙනෙක්ගේ අතක් අල්ලන් හිනාවෙන හැටි... මගේ හිතට නිදහසක් දෙන්න... අනේ මාව මේ දුකෙන් බේරගන්න තාත්තේ..." ටික වෙලාවකින් ඉන්ජෙක්ෂන් එකේ සැරට ඔයාගේ පණ ඇදුණු දෑස් හෙමින් පියවී ගියා. වෙව්ලමින් තිබුණු ඇඟිලි ටිකෙන් ටික නිසල වුණා. ඒත් එක්කම, ඔයාගේ අතේ ගුලි කරගෙන හිටපු, එයා අන්තිමට දීපු තෑග්ගක් වුණු "ලෙදර් බ්‍රේස්ලට්" එක ඇඳ අද්දරින් බිමට වැටුණා. තමන්ගේ එකම පුතාගේ පණ නැති වගේ තියෙන අත තද කරලා අල්ලගෙන, "සෙල්ලමට ආදරේ කරන ලෝකෙක උඹ වැරදි තැනකයි ආදරේ හෙව්වේ මගේ පුතේ..." කියලා කියමින් ඒ වයසක තාත්තා ඇඳ ළඟ දණහිස් ඇන තනියම ඉකිගසා ඇඬුවා... 🙂💔 #sadstory #brokenheart #pain #depressionanxiety #panicattack

About