@prameed.dilshan: " පිලිගනීද මන්දා මම මේ ගෙදර ජීවත් වෙන්න ඇවිත් මේ අවුරුදු පහටම කවදාවත් ගෑස් පෝලිමක,තෙල් පෝලිමක මාව තියලා නෑ..... ඒ වගේම ගෑස් එක හැමදාම ඉවර උනේ එයා ඉන්න දවසට...ගෑස් එක ඉවරයි කියනකොටම ඇවිත් අලුත් සිලින්ඩර් එකක් දාලා දෙනවා...මොකද වෙන්නෙ කරන්නේ කියලාවත් මම බලන්නේ නෑ...අපේ ගෑස් සිලින්ඩර් එකෙ තියෙන්නෙ ගෙයින් පිට පොඩි කොටසක.....එලියේ හදලා තියෙන්නෙ පොඩි කොන්ක්‍රීට් කොටසක. අද හරියටම අවුරුදු පහකට පස්සේ එයා ගෙදර නැති වෙලාවේ ගෑස් එක ඉවර උනා...පරිප්පු එකට කිරි දැම්මා විතරයි....අම්මෝ සනීපේ ....දැන් ඉතින් උඩ කාමරේට ගිහින් සිලින්ඩරයක් උස්සන් වරෙන්කෝ කියලා පශ්චාත්තාප වේවී යතුරත් හොයන් ගොහින් තියෙන සිලින්ඩර් එක අයින් කරන්න ඕන නිසා එළියේ සිලින්ඩර් එක තියෙන කොටස ඇරියා... දෙයියනේ දෙයියනේ දෙයියනේ...එතනම අලුත් සිලින්ඩර් එක තියලා...මට තිබ්බේ අරකෙන් ගලවලා මේකට හයි කරන්න විතරයි.....ඒ කියන්නේ උඩ කාමරේට ගිහින් සිලින්ඩර් එක අරන් එන්නවත් මට ඉතිරි කරලා නෑ.... අවංකව මටම පුදුම හිතුනා පොල් ගාන්න ආවේ නැති උනාට 🥲🤭වගකීමක් තියෙන දේවල් කොච්චර අපූරුවට කරනවද කියලා.....කොටින්ම බල්බ එකක් උනත් පිච්චිලා කියන්න විතරයි ඕනේ...එදා රෑ වෙනකොට ඒක හදනවා....😊❤️ අවංකව ඒ අතින් මට තියෙන්නෙ පුදුම සැහැල්ලුවක්...මාලු ටිකේ ඉදන් ගෙනත් දානවා...මට තීන්නේ උයලා තම්බලා දෙන්න...ඒ වගේම ඒ හදන කෑමවලට අඩුපාඩු කියන්නේ නෑ රසයි කියලා කන එකත් වෙනම වයිබ් එකක්... හැබැයි හිටි ගමන් පිරිමි කම වැඩි වෙලා තනි තීරණ අරන් වැඩ කරන වෙලාවල් නැතිව නෙවෙයි...පහුගිය කාලේ එහෙම වැඩක් කරලා මම ටික කලක් මූණේ හතු පුප්ප පුප්ප හිටියා.....ඒ කාලෙත් මම යාලුවෙනකන් පසු පාදයෙන් සද්ද නැතිව හිටියා....දුකම හිතුන දෙයක් නිසා පොඩ්ඩ්ක් නිහඩවම හිටියා.... මොනව උනත් ගෙදරක වගකීමක් ගන්න සැමියෙක් වෙන්න පුලුවන් කියන්නේ වෙනම වයිබ් එකක් .වෛද්‍යවරයක් විදිහට කාර්‍ය්බහුල කෙනෙක් වෙලත් ඒ දෙන සහය මාරයි...හැබැයි කොස්ස එක්ක ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ.🤭🤭කොස්ස හදපු එකාටත් කැමති නෑද මන්ද....සමහර විට ඒක ගෑනූ උපකරණයක් වෙන්න ඇති.....හැබැයි නොකරන උදව් වලට වඩා එයා කරන උදව් හරිම බරයි...වගකීම් සහගතයි...තරාදියකට දැම්මොත් ඩෝන් ගාලා කරන උදව් පැත්ත බරවෙනවා..😊 කසාදයක් බදිනවා වගේම ඒ ගේන නෝනාට පහසුකම් සපයන එක පිරිමි කමේ එක ලක්ශනයක්....ඒ වගේ නැතත් ඔයාට මුලුතැන් ගෙට උදව් කරන මහත්තයෙක් ඉන්නවා නම් ඒත් පිරිමි කමේ නිහතමානී කමක්...මන් දන්නේ එච්චරයි ..... පසුව ලියමි..කොස්ස ගැනයි පොල් ගාන එකයි ගැන ගැටලුවක් තියාගන්න එපා...මට අදහස් කරන්න ඕන උනේ ඒ වගේ දේවල් නොකලත් කරන හොද වටිනවා කියන එක...කලේ නැ කියලා චකිතයක් ගැටලුවක් නෑ...කරන ටික මට ඇති... * හිමාලි කොලොන්නෙ මුහුණුපොතේ සටහනක් *
Dilshan 딜산 💫
Region: LK
Wednesday 01 April 2026 10:58:02 GMT
Music
Download
Comments
𝘿 𝘼 𝙎 𝙎 𝘼 🔹🇱🇰 :
තෙරුම් ගැනිම.අවදානය.අගය කිරිම ආදරෙකදි හරි වටිනව❤️🥀
2026-04-02 02:10:27
54
wasu💜️ :
මගේ මහත්තයත් ඔය වගේමයි... 👍💜️කොස්ස ගැනයි, පොල් ගාන එකයි ගැන කිව්වහම මටම හිනා ගියා. මෙහෙත් ඒ ටික මයි . හැබැයි මගේ shampoo එකේ ඉඳන් හැම දේම මට ගෙනත් දෙනනෙත් එයා... 💜️💜️💜️💜️💜️
2026-04-02 10:35:33
10
Maduwa_0109 :
දැකපු සුපිරිම පෝස්ට් එකක්...🫶💓✨
2026-04-08 12:13:07
7
Hasini Tharuka :
That your understanding amazing & so lovely ❤️❤️❤️🥺
2026-04-04 03:14:17
4
𝗟𝗢𝗩𝗘𝗟𝗬 :
අන්න පිරිමි. 🥰
2026-05-12 09:56:17
1
🅺 🅴 🅻 🆄 🅼 :
ආදරෙයි ඔයා එහෙම හිතන ගැහැණියක් වුනු එකට
2026-04-15 10:54:01
1
Lawan :
ලස්සන කියවීමක් ❤️
2026-04-02 13:10:24
2
ruwiya22 :
වාසනාවන්ත බිරිදක්.
2026-04-22 13:32:31
1
Veenu Peiris :
aniwarenma
2026-04-02 04:35:07
1
mash :
මගේ මහත්තයත් ඒ වගේමයි 💕🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-04-04 10:25:59
1
McMA CAKES By Madhu :
මට මගේ තාත්තා අම්මා සහෝදරයා යාලුවා ඔක්කොම හස්බන්ඩ්...
එයත් මට හැම දේකින්ම උදව් කරනවා...
එහෙම අය ලැබෙන්නේ දෙවියන් ගෙන්..
2026-04-09 04:22:30
2
මදූ❤️❤️ :
ඇත්ත❤️❤️❤️
2026-04-02 15:46:44
1
jet mobile dhanu :
ඇත්ත aka
2026-04-02 16:03:29
0
Blood sound :
Best captions 💯
2026-04-20 10:41:46
1
Nishadi Kariyawasam :
Blessed ❤️
2026-04-04 15:17:02
3
Sriya :
මගේ විවාහ ජීවිතය අවුරුදු 29 ට මටත් කිසිම අඩුවක් මේ ගෙදර එයා කරලා නැහැ
2026-04-04 14:36:05
1
minnie :
Lucky❤️
2026-04-04 04:28:56
1
Tarot with HaShyy🔮🧿🪬 :
Yesss
2026-04-03 07:08:02
1
Sumihiri Foods..👌🧑🍳 :
මහත්තයා මතක් උනා 🥹❤️ආයිත් අවුරුද්දක් ඉන්න ඕනේ මගේ ලෝකේ ගෙට එන්න ඉතින්❤️
2026-05-06 07:13:21
0
𝕊𝕒𝕟𝕕𝕦𝕟 :
ලස්සනයි වචන ගැලපිම❤️🥰❤️🥰❤️🥰
2026-04-02 16:28:52
2
SaSa 🇱🇰 🇩🇪 :
ehema therun ganna ekath athi❤️
2026-04-23 01:38:25
1
Tharindu-DMTDM :
😁me post eka eya dekkoth Athi dawasaka 🙏😌
2026-04-06 11:53:40
2
Chamini Dambagoĺla :
ලස්සන හදවතක නුතන කියවිමක්.....අද පරපුරට නැති ලස්සන කියවිමක්.....අපි අපි වෙනුවෙන් ඉපදුන කොටසකි...👑
2026-04-04 01:51:51
2
Girl_boss :
matath innawa ehema pirimiyek... wagakeem hariyatama ishtakarana ♥️
2026-04-09 10:30:08
1
kimdali08 :
ඇත්ත 💯
2026-04-03 08:17:42
2
To see more videos from user @prameed.dilshan, please go to the Tikwm
homepage.