@cinetube_media: | හැමෝමටම ප්‍රශ්නයක් වුණු කොට ගවුම ගැන ඇත්තම කතාව ශනූ කියයි | පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙක් කතාබහ කරපු මාතෘකාවක් තමයි, ජනප්‍රිය නිළි ශනුද්‍රිගේ 'කරඹ මල්' ඩාන්ස් කවර් එක. ඩාන්ස් එකටත් වඩා, බහුතරයකට ප්‍රශ්නයක් වෙලා තිබුණෙ ඊට ඇය තෝරාගෙන තිබුණු ගවුම් විලාසිතාව. ඔන්න ඒ ගැන කාටත් තිබුණු ප්‍රශ්නවලට ශනූ උත්තර දීලා. ඒ, ඇයගෙ යූටියුබ් (Shanudrie) නාලිකාව ඔස්සේ. උපුටාගැනීමයි ; ''ගවුම මැහුවෙ අපේ අම්මි. මට ඒක ෆිටෝන් කරන්නවත් හම්බුණේ නෑ. මම අම්මට කිව්වා කවිඳු කිව්ව කලර්ස්වලට මට මේ ගවුම මහලා දෙන්න කියලා. ඊට පස්සෙ ඒක එදා උදේ ඇඳගෙන එනකොට ඒක දණිසටත් පල්ලෙහායින් දිගම දිගයි. අන්තිමට ඉතින් මාව පොඩ්ඩක්වත් ඒ වැඩේට ගැළපෙන්නෙ නෑ කියලා අපෙ ළමයි ටික අල්ලගෙන ගවුම කැපුවා. අන්න ඒ කපන කොටසින් තමයි මගෙ මේ වීඩියෝ එක පටන් ගත්තෙ. කොට ගවුම ගිය දුරක්.... පොඩි හරි ඇදයක් දැක්කත් ඒක අල්ලගෙන, හරි ආසයි ඉතින් අපේ සමහරක් අය කියවන්න. ඒ වගේ කමෙන්ට් සීයකට වඩා වැඩි ප්‍රමාණයක් මම දැක්කා. මමත් ඉතින් ඒවා බල බල හිනා වුණා. මොකද ඒ කමෙන්ට්ස්වලට වඩා මෙතන ඇත්තටම සිද්ද වෙච්ච දේවල් අපි කට්ටිය විතරයි දන්නෙ. එදා උදේ පාන්දර අපේ වීඩියෝ කරන ටීම් එකත් ඇවිල්ලා ඉද්දි මගේ ගවුම කොට වුණා කියලා, ගවුම ඇදේට කැපුවා කියලා අපිට එදා දවසෙ වීඩියෝ එක නොකර ඉන්න බෑ. මොකද මේක අපිට පොඩි දෙයක් වගේ පෙනුනට ,ඇත්තටම මේවා පිටිපස්සෙ ගොඩක් දෙනෙක් වැඩ කරනවා. ඉතින් ඒ අයගෙ කාලය, මහන්සිය හැමදේම ගැන හිතුවාම අපිට මේක තව දවසක ශූට් කරන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. දැන් කියන්න එපා වීඩියෝ එක හරි නැත්නම් අප්ලෝඩ් නොකර ඉන්න තිබුණා කියලා. එහෙම කරන්න බෑ. මොකද මේක කණ්ඩායමක් එකතු වෙලා කරපු වැඩක්. එතකොට අපිට අපි ගැන විතරක් හිතලා එහෙම තීරණයක් ගන්න බෑ. අනිත් එක ඉතින් මම කොට ගවුමක් ඇඳපු පළවෙනි වතාවත් නෙවෙයි. අපි ඕනි තරම් මේ වගේ වීඩියෝ දැකලා තියෙනවා. අනිත් එක අපි කිසිම දෙයක් නොදැන තව කෙනෙක්ගෙ පැත්තක් හිතන්නෙ නැතුව බොරු දේවල් ප්‍රසිද්ධියේ කියන එක හරිම වැරදියි. අපේ නංගිලාගෙ ගවුම්වලටත් කට්ටිය කියලා තිබුණා එක එක දේවල්. අපි ලොකු බජට් එක්කට කරපු ශූට් එකක් නෙවෙයි නිසා, එයාලා කලින් වැඩකට ඇඳපු මේකට ගැළපෙනවා කියලා හිතුණු ගවුම් ටික තමයි ඇන්දෙ....'' #ShanudriePriyasad #fyp #trending #srilanka #fyppppppppppppppppppppppp
Cinetube Media
Region: LK
Wednesday 08 April 2026 11:44:05 GMT
Music
Download
Comments
Maha :
අනේ බබා
2026-04-09 08:44:01
49
nimsara20 :
Ithin anee apita mokada. Explanation denna one ne.
2026-04-09 15:01:28
12
𝓬𝓱𝓸𝓸𝓽𝔂..🧿🪬 :
මිනිස්සුන්ට තියෙන පර්ශ්න..
2026-04-10 05:50:46
1
kavi_cd125 :
😁😁😁
2026-04-09 01:50:57
9
🧚♂️𝖲 𝖧 𝖠 𝖭 𝖨 𝖨 𝖨 🇹🇩 :
😂
2026-04-09 05:42:39
3
Dinithi Nakandala ♥ :
😂😂😂😂
2026-04-10 02:07:25
1
taetae girl :
😳😳😳
2026-04-09 10:39:29
1
CEYGLO VIVORA OFFICIAL PAGE :
😂
2026-04-10 18:32:13
0
Yasiru Karunatilake :
😂😂😂
2026-04-09 12:08:20
0
Sama ☁️ :
😂
2026-04-09 07:44:40
0
Kashmi :
😂😂
2026-04-11 04:42:23
0
❤️🔥Mashaaa :
😂😏😂
2026-04-09 06:41:04
1
To see more videos from user @cinetube_media, please go to the Tikwm
homepage.