@news583: නත්තලට තාත්තා අරන් දුන්න තෑග්ග නිසා ඩොලර් දස දහස් ගණනක් වටිනා නිධානයක් ගොඩ ගත්ත පුංචි මොලී. නත්තල් සීයා තෑගි අරන් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න වයසක, අවුරුදු නවයක පුංචි දියණියක් මුහුදු වෙරළක දණක් වතුරේ බැහැලා මොනවදෝ හොයනවා... මේක දැක්කම බොහෝ විට අපිට හිතෙයි ඇය සෙල්ලම් කරනවා කියලා... හැබැයි මේ කියන්න යන්නේ සෙල්ලමකට එහා ගිය, මුළු ලෝකයේම විද්‍යාඥයන්ගේ අවධානය දිනාගත්තු සැබෑ නිදන් දඩයමක් ගැන කතාවක්, මේ සිදුවීම වෙන්නේ මේරිලන්ඩ් වල තියෙන සුප්‍රසිද්ධ Calvert Cliffs State Park වෙරළ තීරයේ. මේ පුංචි දැරියගේ නම මොලී සැම්ප්සන් (Molly Sampson). මොලී කියන්නේ සාමාන්‍ය ළමයෙක් නෙවෙයි එයා පොඩි කාලේ ඉඳලම එයාගේ තාත්තා එක්ක වෙරළේ ඇවිදිමින් මෝර දත් (Shark Teeth) එකතු කරන්න පුරුදු වුණු පුංචි පර්යේෂිකාවක්. මේ අවුරුද්දේ නත්තලට මොලීට තාත්තා ගෙන් ලැබුණු තෑග්ග හරිම සුවිශේෂීයි. ඒ තමයි සීතල වතුරේ බැහැලා වෙරළේ සෙවීම් කරන්න උදව් වෙන Chest Waders කට්ටලයක්. ඉතින් තෑග්ග ලැබුණු ගමන් මොලීට ඕන වුණේ ඒක ඇඳගෙන වෙරළට යන්න. සීතල දෙසැම්බර් සුළඟ මැද, දණක් පමණ ගැඹුරු වතුරේ ඇවිදගෙන යද්දී මොලීගේ ඇස ගැටුණේ අමුතු දෙයක්. වැලි අතරින් මතුවෙලා තිබුණු අළු පාට යෝධ වස්තුවක්... "මම මුලින්ම දැක්කම හිතුවේ ඒක සාමාන්‍ය මෝර දතක් කියලා. හැබැයි මම ඒක අතට ගන්න උත්සාහ කරද්දී තමයි තේරුණේ ඒක මම හිතුවට වඩා ගොඩක් බරයි වගේම ලොකුයි කියලා" ඉතින් මේ අමුතු දේ මොලී හරිම උද්යෝගයෙන් අතට ගත්තා. ඇගේ අත්ලටත් වඩා විශාල, අඟල් 5ක් දිග ඒ යෝධ දත දුටු සැනින් ඇගේ පියාටත් තේරුණා මේක නම් සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා. අමුතු මිත්‍රවරුනි විශ්වාස කරන්න පුලුවන්ද ඒ තමයි ඉතිහාසයේ විසූ බිහිසුණුම සාගර දඩයක්කාරයා වුණු Megalodon ගේ දතක්. 🔹මේ අපූරු සොයාගැනීමත් අරගෙන සැම්ප්සන් පවුල ගියේ Calvert Marine Museum එකට. එහි සිටින පාෂාණධාතු විද්‍යාඥ (Paleontology Curator) ස්ටීවන් ගොඩ්ෆ්‍රි පවා මේක දැකලා පුදුම වුණා. ඔහුගේ වචනවලින්ම කිව්වොත් "මේ වගේ සම්පූර්ණ අඟල් 5ක මෙගාලොඩන් දතක් හමුවීම අතිශය දුර්ලභයි. සමහර අය මුළු ජීවිත කාලයම වෙරළේ ගත කළත් මේ වගේ එකක් දකින්නවත් ලැබෙන්නේ නැහැ. මේක වසරකට එකක් දෙකක් වගේ තමයි මේ ප්‍රදේශයෙන් හමුවෙන්නේ." 🔹කවුද මේ මෙගාලොඩන්...? මේ දත අයිති මෝරාව අපි පොඩ්ඩක් හඳුනාගමුද? මොලී සොයාගත් දතේ ප්‍රමාණය අනුව මේ මෝරා අවම වශයෙන් අඩි 45ත් 50ත් අතර දිගකින් යුක්ත වෙන්න ඇති කියලා විද්‍යාඥයන් නිගමනය කරනවා. ඒ කියන්නේ විශාල බස් රථ දෙකක් එකට තිබ්බා වගේ... මුන් ජීවත් වුණේ මීට වසර මිලියන 3.6 කට පෙර ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වුණේ යෝධ තල්මසුන්. මේ එක දතක් අඟල් 5ක් නම්, උගේ හකු කොයිතරම් විශාල ඇතිද කියලා හිතාගන්න පුළුවන්ද..? ඇත්තටම මේ වගේ අඟල් 5ක දතක් වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් දස දහස් ගණනකට විකුනන්න පුළුවන් හැබැයි මොලී කලේ අපිනම් හීනෙකින්වත් හිතන්නේ නැති වැඩක් ඇය මේ දත Calvert Marine කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැබීමට ඔවුන් අවසර ලබා දුන්නා. මොලීට අවශ්‍ය වුණේ මේ දත විකුණා මුදල් සෙවීමට වඩා, එය ලෝකය වටා සිටින අනෙකුත් දරුවන්ට සහ විද්‍යාඥයන්ට දැකබලා ගැනීමට සලස්වන්නයි. මේ නිසා ඇය එය කෞතුකාගාරයේ පර්යේෂණ කටයුතු සඳහා දායක කළා. 🔹අද වෙද්දී මොලී සැම්ප්සන් කියන්නේ ලෝකයම දන්නා චරිතයක්. හැබැයි ඒ ප්‍රසිද්ධියට වඩා වටින්නේ ඇගේ උනන්දුවයි. ඇය වසර ගණනාවක් තිස්සේ මෝර දත් 400කට වඩා එකතු කරලා තිබුණා. කැපවීම සහ ඉවසීම තියෙනවා නම්, ඕනෑම කෙනෙකුට ඉතිහාසය අතට ගන්න පුළුවන් කියන එකට මොලී හොඳම උදාහරණයක්. ඔයාට මේ වගේ දෙයක් හම්බුනොත් මොකද කරන්නේ විකුණනවද...? නැත්නම් කෞතුකාගාරයට දෙනවද...? #MollySampson #Megalodon #FossilHunting #Inspiration #creatorsearchinsights
විස්තරේ
Region: LK
Tuesday 21 April 2026 04:55:36 GMT
Music
Download
Comments
Kamado Thanjiro😍 :
බයිල ගහන්න එපා යකෝ, ජීවිත කාලෙම වෙරලේ හිටියත් හම්බෙන්නෙ නැ කියල වසරකට එකක් දෙකක් වගේ මේ ප්‍රදේශයෙන් හම්බෙනවලු 😂 ගුලි කාල ද ඉන්නෙ. හම්බෙනව ඇටේ. දානව නම් source එකත් දාපම්
2026-04-27 13:47:40
7
Randike Abeysinghe :
ලංකාවෙත් කොල්ලොන්ගේ දත් එකතු කරනවා සමහර කෙල්ලො,ගලවලාම ගන්න උන් මෙහෙත් ඉන්නවා
2026-04-30 23:06:33
1
✨️ pmsk ✨️ :
අපේ කෞතුකාගාරය මංකොල්ල කැවේ...😂😂
2026-04-22 09:01:36
4
🌸💮Sepaalikaa💮🌸 :
😁අඟල් 5නම් මෝර දතක්😂මෙගලඩෝන්ගේ දතක් අඩි 5ක්වත වෙන්නෝනිනේ😂😂
2026-04-28 00:52:23
7
akila :
monava karannada Hira bath kanna thamaii wenne
2026-04-21 13:27:12
2
erling haland :
විකුණනවා.💪💪💪 කෞතුකාගාරය බලන්න යන්න ටිකට් ගන්නවනේ...😆😆😆
2026-04-21 16:37:28
3
pubudukaushalya4 :
මට ලැබුනනම් විකුනනවා 👍👍😁😁😁
2026-05-28 03:57:46
1
prasa :
❤️
2026-04-24 05:18:49
1
To see more videos from user @news583, please go to the Tikwm
homepage.