@marciinha_0liveiraa33: 👄

Marcinha Oliveira
Marcinha Oliveira
Open In TikTok:
Region: BR
Tuesday 21 April 2026 22:03:55 GMT
762
97
3
0

Music

Download

Comments

thiagorony895
thiago :
linda 🥰🥰🥰
2026-04-22 03:02:46
0
walterxavier04
walter :
Nossa asmei 🌷🌷🌷
2026-04-22 12:47:27
0
marco.masuzaki7
Marco Masuzaki :
gata
2026-04-22 14:18:33
0
To see more videos from user @marciinha_0liveiraa33, please go to the Tikwm homepage.

Other Videos

මම හිතනවා වැඩිද දන්නෙ නෑ. හැබැයි මම මේක ලියන්නම ඕන. මම මේ
මම හිතනවා වැඩිද දන්නෙ නෑ. හැබැයි මම මේක ලියන්නම ඕන. මම මේ "මනමාල කතා " Music video එකේ තියෙන සංකේත Decode කරා. ඒක දෙපාරක් බලද්දිම මට තේරුණා සංකේත ටික. මේක කරපු අය මේ ලියන එක දැක්කොත් හරිද වැරදිද කියලා කියන්න. මුලින්ම කියන්න ඕන මගේ ජීවිත කාලය තුළ ලංකාවේ දැක්ක විශිෂ්ඨම Music Video එක මේක. 1- පළවෙනි Scene එකේ කාංචනා ඇඳට වෙලා කොට ගවුමක් ඇදන් ඉන්නවා..ඒකෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ තරුණියකට හෝමෝන වෙනස් වීමත් එක්ක එන කුතුහලය සහ ශාරීරික ආසාවන්. 2- කාංචනා ජනේලය ළඟට දුවලා පිටත ඉන්න කොල්ලො දෙන්නෙක් දිහා බලනවා . මේකෙන් කියවෙන්නෙ ඒ යෞවණියට පිරිමින්ට හිත යනවා කියන එක. 3-ඇතුලට පලයන් කියලා ඔළුවෙන් සංඥා කරන ගුරුන්නාන්සේගෙන් කියවෙන්නෙ " සංවරව ජීවත් වෙයන් " කියන සංස්කෘතිකය ,ආගම, වැඩිහිටි සමාජය වගේ දේවල්. 4 - එතකොට කලු කුමාරයා (සජිත) ඇඳට එනවා. ඒ වෙන වෙලාවෙදි මුලින්ම දෙන්නගෙම මූණුවල තියෙන්නෙ රාගය නෙවෙයි "ප්‍රේමය.". කෙල්ල මුලින්ම අල්ලගන්න කොල්ලා කරන්නේ ආදරය පෙන්වන එක. ඊට පස්සේ තමයි රාගය පේන්නෙ..ශාරීරික චලන වලින් කාම සම්බනධය ඇතිවෙන එක පේනවා. 5- සැණෙන් කලු කුමාරයා අතුරුදහන් වෙනවා.. ඒකෙන් කියවෙන්නෙ . ආදරය අතුරුදහන් වුනා කියන එක.. යෞවනියක්ව මුල් කාලේ රවටන බොරු ආදරය පලායන යන වේගය ඒකෙන් පේනවා. 6- කාංචනා කොල්ලා හොයාගෙන දුවනවා . ආදරය හොයාගෙන මේ දුවන ගමනෙද්දි රතු මල් පෑගෙනවා. මේකෙන් කියවෙන්නෙ ආදරය හොයාගෙන දුවන මේ ගමනෙදි කණ්‍යාභාවය කියන පවිත්‍ර සංකල්පය දෙපයට පෑගුණා කියන එක..ඒ කියන්නේ කෙල්ල ගැහැණියක් වුන කියන එක. 7 - කාංචනා දිහා අවඥාවෙන් බලන ගැහැණුන්ගෙන් සංකේතවත් වෙන්නේ මේ යෞවනයට අපහාස කරන සමාජය. නමුත් ඒ සමාජය තුළ ඉන්නේ ගැහැණු විතරමයි. ගැහැණු සමාජය විසින්ම තමයි මේ කෙල්ලට නින්දා කරන්නේ. 8 - කාංචනා ඒ කාන්තාවන් දිහා රවල බලන හැටි. ඒකෙන් සංකේතවත් වෙනවා මේ සමාජයේ පීඩාවල් එක්ක තැලීම් පොඩි වීම් එක්ක ටිකෙන් ටික ශක්තිමත් වෙන ගැහැණු හිත. 9- මෙතනදි කලුකුමාරයා ආයේ ඇවිත් වංගෙඩියක් උඩ වාඩිවෙලා මෝල් ගහක් අල්ලගෙන කාමුක රංගනයක් කරමින් බලන් ඉන්නවා. මේ තමයි ඒ කන්‍යාභාවය අහිමි කරගත්ත කෙල්ල පසු පස ලිංගික සතුට හොයන් එන පිරිමි. මෝල් ගහ අත ගගා උන් එන්නේ. මෝල් ගහෙන් සංකේතවත් වෙන්නේ පිරිමි කය වෙන්න ඕන. වංගෙඩියක් උඩ මෝල් ගහක් තියලා තියෙන එකෙන් පෙන්වන්නේ ඒ කෙල්ල ඒ තරම් පාවිච්වි වෙලා කියලා. 10- ඊළඟට තියෙනවා සුදු රෙද්දකින් කාංචනාගේ අම්මයි තාත්තයි කාංචනාව වහන්න යන එක. දැක්ක ගමන් පේන්නේ කොටහලු මගුලක් කියලා. ඒ වුනාට කොටහළු මඟුලක තාත්තා දුවව සුදු රෙද්දකින් වහන්නෙ නෑ නේ. මම හිතන්නේ මෙතනදි කෙල්ලට විවාහයක් කරලා දෙන්න බලාපොරොත්තුවෙන් කෙල්ලගේ චරිතය වැදගත් විදිහට සමාජයට පෙන්නන්න උත්සාහ කරන දෙමව්පියන් . 11- ඊළඟට තියෙන්නේ තොවිලයක් කරන එකක්. මෙතනදි කාංචනා ගොඩක් ශක්තිමත් ගැහැනියක් විදිහට තමුන්ගේ හිත ඇතුලේ අවදිවෙන රාගී ක්ලේශයන් දමනය කරන්න ආගම ,සංස්කෘතිය ඇසුරෙන් ගන්න උත්සාහයක් කියලා තමයි මට හිතෙන්නේ. කොහොමහරි මෙතනදි නැවතත් කළු කුමාරයා බොහොම ආසාවෙන් කාංචනාව වශී කරගන්න උත්සාහ කරත් ඒ වෙලාවෙදි කාංචනාගේ ඇස් වල තියෙන්නෙ කලු කුමාරයට දමනය කරන්න බැරි පරිණත බවක්. ඒ බව කලු කුමාරයගේ ඇස් වලින් පේනවා. මෙතනදි පෙන්වන්නේ විවාහක කාන්තාවක් සමාජයේ එන අනියම් යෝජනාවලදි නොසෙල්වී ආත්ම දමනයෙන් මූණ දෙන විදිය කියලයි මට හිතෙන්නෙ. 12. - කෙස්වැටිය කරකවමින් හිසකරකවමින් කරන රංගනය - කාංචනා තමුන්ගේ හිත එක්කම මහා සටනක් කරලා එයාට වදදෙන මේ රාගී හැඟීම් එයාගේ හිතෙන් එළියටම ඇදලා දානවා. එක පාරටම කෑගහලා කලු කුමාරයා එළියට විසිවෙන්න සීන් එකෙන් කියවෙන්නෙ ඒක. මෙතනදි කලු කුමාරයා හරිම දුර්වල කෙනෙක් වගේ රංගනයක් දෙනවා..ඒකෙන් කියන්නේ ඇත්තටම කාමාශාව කියන්නේ අපිට කොයිතරම් ශක්තිමත් හැගිමක් වගේ පෙනුනත් අවසානයෙදි අපිට පරාජය කරන්න පුලුවන් හරිම දුර්වල තාවකාලික සිතිවිල්ලක් කියන එක. 13- අවසානයේදී කලුකුමාර ඇඟ සහිතව වැටිලා ඉන්න කෙනාගෙ මූණ වහන් ඉන්න සුදු රෙද්ද ඉවත් කරලා බැලුවම ඉන්නේ කාංචනාමයි. මේ කලු කුමාර දිෂ්ටිය කියලා අපි හිතාගෙන ඉන්නේ අපේ සිත ඇතුළේ තියෙන අධික කාමාශාව මිසක් වෙන මුකුත්ම නෙවෙයි. මේ කාමාශාව දමනය කරන්න වෙන්නෙත් අපිටමයි. වෙන කාටවත් ඒ වෙනුවෙන් සඨන් කරන්න බැහැ.. අපිමයි ඒ දමනය,ඒ සඨන කරන්න ඕන.. මේක තමයි මම මේ සංකේත ලෙහාගත්ත හැටි..මේවා හරිද කියලා ඔයාල කමෙන්ට් එකක් දාන්න. #දෙළුමා #මනමාල_කතා #කළු_කුමාරයා

About