@oum.al.baninn: #cotedivoire🇨🇮225 #lebanon🇱🇧 #fypシ゚viral #الحمدلله_دائماً_وابداً

kayan🪶
kayan🪶
Open In TikTok:
Region: CI
Wednesday 29 April 2026 22:50:09 GMT
179
18
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @oum.al.baninn, please go to the Tikwm homepage.

Other Videos


" සර් මම මහණ වෙන්න හිතුවා " ඩිල්ෂාන්ගෙන් ආපු අන්තිම call එක. වෛද්‍ය ශිෂ්‍ය ධනංජය ඩිල්ෂාන්ගේ ගිහි ගෙය හැර යාමේ කතාව... ඩිල්ෂාන් විතරක් නෙවෙයි දැන් එයාගේ පවුලේ තාත්තා, මල්ලි සහ නංගිත් එයාට කළින් මහණ වෙලා ඉන්නේ... අභිනික්මණ... හරියටම පහුගිය දෙසැම්බර් 22 ( 2025 / 12 / 22 ) සවස 6.00 ට විතර මට call එකක් එනවා ධනංජය ඩිල්ෂාන්ගෙන්. එතකොට මම ඉන්නේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ event එකක් present කරන ගමන්. මම කොහොම හරි call එකට answer කරනවා. සර් මම ඩිල්ෂාන්, සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද කියලා එයා අහන කොට මම කියනවා ඔව් ඩිල්ෂාන් මම දන්නවා ඔයාගේ number එක මම save කරලා තියෙන්නේ. එත් මම දැන් මේ ඉන්නේ event එකක් announce කරන ගමන් කමක් නෑ කියන්න කියලා. එතකොට ඩිල්ෂාන් කියනවා " සර් මම මහණ වෙන්න හිතුවා" කියලා. මම එක පාරටම කම්පනය වුණා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද කියන්නේ කියලා. ඒත් මම කිව්වා ඩිල්ෂාන් කලබල වෙන්න එපා අපි මේ ගැන කතා කරමු, මම ඔයාට call එකක් ගන්නම් කියලා. එතකොට ඩිල්ෂාන් මට කියනවා හරි සර් ඒත් මම facebook , whatsapp මොනවත් දැන් නැහැ. සර් normal call විතරයි ඉන්නේ කියලා. මම කියනවා හරි මම ඔයාට කතා කරන්නම් කියලා. මම ගෙදර ඇවිත් wife ටත් මේ ගැන කියනවා. එයා මගෙන් ඩිල්ෂාන්ගේ number එක ඉල්ලා ගත්තා එයාට කතා කරන්න. ඒත් මට හිතුනා ඒ ගැන ඩිල්ෂාන් එක්ක කතා නොකරන්න. මගේ හිත කිව්වේ එයා මට කතා කරලා කිව්වත් එයා දැන් ඒක තීරණය කරලා ඉවරයි, ආයේ මම ඒ ගැන කතා කරලා ඒ තිරණයට පොඩි හරි බලපෑමක් කරන්න හොඳ නැහැ කියලා. ඊට දින කිහිපයකට පස්සේ මට එයාගේ යාළුවෙකුගෙන් ( තවත් වෛද්‍ය ශිෂ්‍යයකුගේ ) ලැබෙනවා whatsapp පණිවුඩයක්. එකේ සදහන් වෙලා තිබුණේ ඩිල්ෂාන්ගේ මහණ පිංකම ගැන විස්තරයක් සහ මට ඒ සදහා ආරාධනාවක්. දිනය 2026/01/03 පෝ දා බව සහ ලිපිනය ඇතුළු විස්තරය එහි වුනත් මට එදා සහභාගි වෙන්න බැරි වුනේ කලින්ම යොදාගෙන තිබුණ වැඩක් නිසා. ඩිල්ෂාන් කියන්නේ මගේ ජිවිතයේ මට මුණ ගැසුණු හරිම අපූරූ ආදරණීය චරිතයක්, ගෝලයෙක්. එයා මම ගාවට එන්නේ ( Global Media Academy ) ඇකඩමියට එන්නේ 10 ශ්‍රේණියේ ඉද්දි. එහෙම ආපූ ඩිල්ෂාන් වෛද්‍ය විද්‍යාලයට යන ගමන දක්වා මොරාල් එක හදාගත්තේ ඇකඩමිය නිසා. ඒක එයා ප්‍රසිද්ධියේ කියනවා. එයාගේ ගිහි ජිවිතයේ Turning Point එක ඇකඩමිය වීමේ කතාව මම මීට පෙර ලියලා තියෙන නිසා මම ඒක ආයේ කියන්න යන්නේ නැහැ. ඒ වගේම පසු කාලෙක එයාට හමු වුණ උගන්වපු විශේෂයෙන්ම A/L වලට උගන්වපු ගුරුවරු එයාට වෛද්‍ය පීඨයට යන්න රුකුලක් වුණා. මට මතකයි උසස් පෙළ ප්‍රථිපල ආපු දවසෙම හැන්දෑවේ අපේ ගෙදර ඩිල්ෂාන් ආපු හැටි. කිරි හට්ටි දෙකකුත් උස්සගෙන අපිව බලන්න ආපු ඒ කෘතගුණ සැලකීමේ ගමන. මිනිහා රත්නපුරෙන් 5 ලංකාවෙන්ම 84 . පළවෙනි ට්‍රයි එකෙන්ම එහෙම result එකක් දානවා කියන්නේම වැඩ්ඩෙක්. පස්සේ මේ ආසන්න කාලයේ මගේ wife එහෙම එකතු වෙලා සංවිධානය කරපු ජනධිපති විද්‍යාල සරසවි සමතුන් ඇගයිමේ උළෙලට ඩිල්ෂාන් ගෙන්න ගත්තෙත් අමාරුවෙන්. Wife ගේ ඉල්ලීමට එයා එදා ඉස්කෝලේදි කතාවක් කරලා තිබුණා. ඒක අහපු ගුරුවරු බොහෝ දෙනෙක් ඇඩුවා වගේම මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදි වුණා. මේ මෑතකදි මම යනවා තුංකම පන්සලට අපේ හිතවත් රතනසිරි හාමුදුරුවෝ මගේ ගෙදර සංවිධානය කරපු ධර්ම දේශණයකට වඩම්මන්න. එතකොට පන්සලේදී පුංචි හාමුදුරුවෝ නමක් මම ගාවට ඇවිත් අහනවා " සර් ට මාව අදුනන්න පුළුවන් ද කියලා. මම කිව්වා පොඩි හුරු ගතියක් තියෙනවා ඒත් හරියටම මතක නැහැ කියලා. සර් මම තමයි ධනංජය ඩිල්ෂාන්ගේ මල්ලි කියලා. ඔන්න එතකොට මට මතක් වුණා. ගිහි කාලයේ පුංචි කාලයක් ඇකඩමියටත් මෙයා ආවනේ කියලා. ඊට පස්සේ පොඩි හාමුදුරුවොත් එක්ක කතා ට වැටුණම තමයි මම දැන ගත්තේ උන්වහන්සේ ටික කාලයකට අධ්‍යාපන වැඩ වලට තුංකම පන්සලට වැඩලා කියලා. මම ඇහැව්වා එතකොට කෝ දැන් තාත්තා, අම්මා, අක්කා කියලා. අනේ එතකොට පොඩි හාමුදුරුවෝ කියනවා තාත්තයි අක්කයි මහණ වුනා කියලා. අම්මත් සමහරවිට ඉස්සරහට මහණ වෙයි කියලා. මට පුදුම යි. කොහොම වුණත් ඩිල්ෂාන් ට ජිවිතය ගැන ලොකු අවබෝධයක් තිබුණා. එයා ගිහි කාලේ අත්දැකපු දේවල් සමහර විට මේ තීරණය ගන්නත් පොඩි හරි බලපෑමක් වෙන්න ඇති. මට හිතුනේ අපිට හොඳ මනුස්සකම පිරුණු වෛද්‍යවරයෙක් අහිමි වුණා කියලා. මොකද එයා මාත් එක්ක කියලා තිබුණා සර් මම doctor කෙනෙක් වෙන්න හිතුවේ සල්ලි හම්බකරන්න නෙවෙයි. මම pp කරන්නෙත් නැහැ. මට ඕන මම වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කියලා. කොහොම වුණත් අද ඔහු වෙන මාර්ගයක් හොයා ගෙන ගිහිල්ලා. ඒ මාර්ගය ඔස්සේ උන්වහන්සේට මුළු මහත් සමාජයම සුවපත් කරන්න හැකි වෙවි... ඇඹිලිපිටියේ සුජාත අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි... Copied Ruwan Janaka Gamage 2026/ 01/ 05 Join with us :https://whatsapp.com/channel/0029Va9SyoD6xCSRPJv5M20M

About