@dilan.the.realtor: ළගදි මම බලන්න ගිය ගෙදරක තිබුණේ මෙන්න මෙහෙම දෙයක්. නිවසට ඇතුල් වෙනකොටම ඒක දැනෙනවා - • ස්වභාවික එළිය වැටෙන, හොඳට ඉඩකඩ තියෙන සාලය • ලාභය ගැන හිතලා කොටු කරපු නැති, නියම ප්‍රමාණයේ නිදන කාමර • ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගන්න වෙනම ඉඩක් (walk-in closet) තියෙන master bedroom එක • නමට විතරක් නෙවෙයි, ඇත්තටම ඉඩකඩ තියෙන බාත්රූම් • හුස්ම ගන්න පුළුවන් විදිහට හදපු ලොකු බැල්කනි ඒ හැමදේටම වඩා මම දැක්ක විශේෂම දේ තමයි… ඒ ගෙදර ප්ලෑන් එක පිටුපස තියෙන "ජීවන රටාව". පලතුරු ගස් එහෙම තියෙන ලොකු වත්තක් - මුළු පවුලටම එකතු වෙලා ඉන්න පුළුවන් තැනක්. සේවක මණ්ඩලයට වුණත් ගෞරවාන්විතව ඉන්න පුළුවන් විදිහට හදපු කාමර. අද කාලේ ගොඩක් ගෙවල්වල නැති, බඩු මුට්ටු අසුරන්න ඕනෑ තරම් ඉඩකඩ. (Big storage room) මම මේකට කියන්නේ “පදිංචියටම මුල්තැන දීපු design එකක්” කියලා. Real estate පැත්තෙන් බැලුවොත් මෙහෙම දෙයක් තියෙනවා: මේ වගේ ගෙවල් විකුණන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මොකද, ඇත්තටම ගෙයක් හොයන කෙනෙක් මේ වෙනස දැක්ක ගමන් අඳුරගන්නවා. මම නිතරම කියන කතාවක් තියෙනවා - හොඳ ගෙවල් ගැන මිනිස්සු උනන්දු වෙනවා. හැබැයි මේ වගේ හොඳට හිතලා හදපු ගෙවල්, මිනිස්සුන්ව ඒ ගෙදරට ආදරය කරන තැනට පත් කරනවා. ගනුදෙනුවක් සාර්ථක වෙන්නේ අන්න ඒ වගේ හිතට දැනෙන තීරණයක් ගත්තමයි. මෙවැනි ගෙදරක අයිතිකාරයෙක් කියන්නේ නිකම්ම දේපළක් තියෙන කෙනෙක් නෙවෙයි… එයා ළඟ තියෙන්නේ කවදාවත් වටිනාකම අඩු නොවන ආයෝජනයක්. Real estate ගැන වැදගත් දේවල් දැනගන්න page එක follow කරල තියාගන්න ✍️ #realestate #srilankanrealestate #architecture #designinspiration
Dilan the Realtor
Region: LK
Saturday 02 May 2026 14:11:10 GMT
Music
Download
Comments
user7019409707015 :
You have another property for sale
2026-06-06 08:10:45
1
Dilan the Realtor :
This house is for sale with all these features ✨
2026-05-03 02:16:35
5
𝐺𝑎𝑦𝑎𝑛𝑡ℎ𝑎 :
Location?
2026-06-06 02:19:19
1
Tani Chandrasiri :
Price?
2026-05-31 06:31:14
1
theophinecoreira :
price please
2026-05-23 16:28:29
1
Ramona Van Grenberg :
Price?
2026-05-03 06:00:03
1
theophinecoreira :
location
2026-05-23 16:28:35
1
Whisky 11:11💫 🇦🇪🇱🇰 :
kamdy wala nadd
2026-06-21 04:42:19
1
Ransara 🐾 :
😁😁😁
2026-05-05 05:36:43
1
To see more videos from user @dilan.the.realtor, please go to the Tikwm
homepage.