@genaiacademy: 2026 අප්‍රේල් අග සතියේදී ඉලොන් මස්ක් සහ OpenAI සමාගම (Sam Altman සහ Greg Brockman) අතර නඩු විභාගය ආරම්භ වුණා. 2015 දී OpenAI ආරම්භ කරද්දී මස්ක් එහි ප්‍රධාන කොටස්කරුවෙක්. ඔහු පවසන්නේ මේ සමාගම හැදුවේ "ලාභ නොලබන" (Non-profit) සහ "ඕනෑම කෙනෙක්ට තොරතුරු ලබාගත හැකි" (Open-source) විදිහට මනුෂ්‍ය වර්ගයාට සේවය කරන්න මිසක් සල්ලි හම්බ කරන්න නෙවෙයි කියලා. මස්ක් කියන්නේ OpenAI දැන් ලාභ ලබන සමාගමක් වෙලා Microsoft සමඟ එකතු වෙලා තමන්ගේ මුල් පොරොන්දුව කඩ කර ඇති බවයි. ඔහු මෙහිදී ඩොලර් බිලියන 130ක වන්දියක් ඉල්ලා සිටිනවා. ⚜️ "could also kill us all.": ඇයි මස්ක් මෙහෙම කියන්නේ? ⭕️ අධිකරණයේ සාක්ෂි දෙද්දී මස්ක් ඉතාමත් බරපතළ ප්‍රකාශයක් කළා. - මස්ක් කියන්නේ AI තාක්ෂණය පාලනය කළ නොහැකි මට්ටමට දියුණු වුණොත්, ඒකෙන් මනුෂ්‍ය වර්ගයා සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් බවයි. - ඔහු මෙතැනදී Terminator චිත්‍රපටය උදාහරණයට ගත්තා. ඔහුට ඕනේ වෙන්නේ AI මගින් ලෝකය විනාශ වන "Terminator" අනාගතයක් නෙවෙයි, AI උදව්වෙන් ලෝකය දියුණු වන "Star Trek" වැනි අනාගතයක් නිර්මාණය කරන්නයි. - මස්ක් දිගින් දිගටම "අපිව මැරෙයි" කියන වාක්‍යය Use කළ නිසා, විනිසුරුවරිය ඔහුට අනතුරු ඇඟවූවා මෙය AI ආරක්ෂාව පිළිබඳ පර්යේෂණයක් නොව ගිවිසුම් පිළිබඳ නඩුවක් බව මතක තබා ගන්නා ලෙස. ⚜️ Mythos සහ "ස්වයං අවබෝධය" (Self-awareness) ඇති වීමේ අවදානම ⭕️ අපි කලින් කතා කළ Claude Mythos වැනි අතිප්‍රබල AI මාදිලි ගැන හිතද්දී මස්ක්ගේ බය සාධාරණයි කියලා හිතෙනවා. 1. වැරදි අතට පත් වීම: Mythos වැනි AI එකකට පුළුවන් ලෝකයේ ඕනෑම ආරක්ෂක පද්ධතියක් විනාඩි කිහිපයකින් බිඳ දමන්න. මෙය හැකර්වරුන් හෝ ත්‍රස්තවාදීන් අතට පත් වුණොත් මුළු ලෝකයම අඳුරේ තියන්න ඔවුන්ට පුළුවන්. 2. තනියම හිතන්න පටන් ගැනීම: AI එකකට තමන් ගැනම අවබෝධයක් (Self-awareness) ලැබුණොත්, ඒක මනුෂ්‍යයන්ට වඩා තමන්ගේ පැවැත්ම ගැන හිතන්න පුළුවන්. උදාහරණයක් විදිහට, තමන්ගේ වේගය වැඩි කරගන්න AI එකට විදුලිය ඕනේ නම්, ඒක අපෙන් අහන්නේ නැතුව මුළු රටකම විදුලිය තමන්ගේ සර්වර් වලට විතරක් ලබා ගන්න පියවර ගන්න පුළුවන්. ⚜️ OpenAI සමාගම පවසන්නේ මොකක්ද? ⭕️ OpenAI සමාගමේ නීතිඥයන් මස්ක්ට එරෙහිව මෙහෙම පවසනවා: - බලතල ලබා ගැනීම: ඔවුන් කියන්නේ මස්ක්ට ඕනේ වුණේ OpenAI සමාගමේ සම්පූර්ණ බලය ලබාගෙන ඒක Tesla සමාගම සමඟ එකතු කරන්න කියලා. අනිත් අය ඒකට අකමැති වුණු නිසයි මස්ක් අයින් වුණේ. - මුදල් නොදීම: මස්ක් ඩොලර් බිලියනයක් දෙනවා කිව්වත් ඇත්තටම දුන්නේ ඉන් ඉතාමත් සුළු කොටසක් බව ඔවුන් පවසනවා. - පරස්පර විරෝධී බව: මස්ක් AI ගැන බය වෙලා ඒකට නඩු දාන ගමන්ම, තමන්ගේම xAI සමාගම හරහා "Grok" වැනි AI මාදිලි හදලා ලොකු තරගයක් දෙන එක පුදුම සහගත බව විනිසුරුවරියත් පෙන්වා දුන්නා. ⚜️ අනාගතයේදී මොකද වෙන්නේ? ⭕️ මස්ක් උත්සාහ කරන්නේ තමන්ගේ xAI සමාගම හරහා "ඇත්තම සොයන" සහ "ආරක්ෂිත" AI පද්ධතියක් හදන්නයි. මේ නඩු විභාගය සති 4ක් විතර යන අතර, මෙහි තීන්දුව අනුව ඉදිරියේදී ලෝකයේ AI සමාගම් ක්‍රියාත්මක වන විදිහ සහ ඒවායේ ආරක්ෂක නීති රීති සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. -Gen AI Academy- #ElonMuskLawsuit #GenAI #viral #srilanka #trending
GenAI
Region: LK
Sunday 03 May 2026 14:55:24 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @genaiacademy, please go to the Tikwm
homepage.