@goodvibe.wealthynation: අපි අතර ගොඩක් දෙනා ජීවත් වෙන්නේ සැලසුමක් නැතුව,❌ අරමුණක් නැතුව ❌අපි ඒකට කියනවා“ඔහේ ජීවත් වෙනවා” කියලා. ❌උදේ නැගිටිනවා /නැගිට්ට ගමන් phone එක scroll කරනවා… ❌වැසිකිළියේදී පවා phone එක scroll කරනවා… ❌වැඩට යනවා, ඒ අතරත් phone එක scroll කරනවා…… ❌phone එක scroll කරන ගමන්ම නිදාගන්නවා… ඒත් මේකද ජීවිතය? මේකද ජීවිතයේ සැබෑ සතුට කියලා අපි හිතන්නේ? නෑ! ඔහේ ජීවත්වෙන එක හරිම සාමාන්‍ය දෙයක් වගේ පේනවා, නමුත් ඒක ඇතුළත තියෙන භයානකකම අපිට ගොඩක් වෙලාවට නොපෙනෙන එක තමයි ප්‍රශ්නය….. මනසට direction එකක් නැති වෙලාවට, එයා තමන්ටම කියලා ලෝකයක් හදන්න පටන් ගන්නවා. ඒ ලෝකය බොහෝ වෙලාවට positive එකක් නෙවෙයි. ❎පරණ වැරදි, ❎පසුතැවිලි ❎අසාර්ථකතා, ❎අන් අය සමඟ කරන comparison මේ හැමදේම එකතු වෙලා, අපිව සෘණාත්මක සිතුවිලි වලට ඇදගෙන යනවා.… එක සිතුවිල්ලක් ආවම තව එකක්, ඒකට පස්සේ තව එකක් ,අවසානයේ අපිටම නොදැනී අපි දුකෙන්, පීඩාවෙන්, අවුල් සිතුවිලි වලින් පිරුණු ලෝකයක ජීවත් වෙනවා…. 👉උදාහරණයක් විදියට, weekend එකක ඔයාට කිසිම plan එකක් නැතුව හිටියා කියලා හිතන්න. මුලින් හොඳයි වගේ දැනෙනවා. නමුත් ටික වෙලාවකින් 😮‍💨“මගේ life එක හරි යන්නේ කවදද?”, 😮‍💨“මගේ කිසි progress එකක් නෑ”, 😮‍💨“අනිත් අය නම් ඉස්සරහට යනවා” වගේ සිතුවිලි එන්න පටන් ගන්නවා. මේ විධියට ඔයා ගොඩක්ම සෘණාත්මක වෙන්නේ ඔයාගේ මනසට අර්ථවත් direction එකක් නැති නිසා. අපි අරමුණක් නැතුව, direction එකක් නැතුව ජීවත් වෙනකොට, ඒක සරල දෙයක් වගේ පේනවා. නමුත් ඇත්තටම එය මනසටත්, ජීවිතයටත් හෙමින් බලපාන භයානක තත්ත්වයක්. මනසට “කරන්න දෙයක්” නැති වෙලාවට, එය අපිව negative පැත්තට ඇදගෙන යනවා. 👇🏻ඔහේ ජීවත්වෙන එකෙන් ඇතිවන ප්‍රශ්න: 1️⃣Overthinking වැඩිවෙනවා – පොඩි දේත් ලොකු කරලා හිතන්න පටන් ගන්නවා 2️⃣පරණ දුක් ,මතක නැවත නැවත එනවා – අමතක කරන්න ඕන දේවල්ම මතක් වෙනවා 3️⃣Self-confidence අඩුවෙනවා – “මට බැහැ”, “මම හරිම පසුබටයි” කියන හැඟීම 4️⃣Comparison වැඩිවෙනවා – අනිත් අයත් එක්ක තමන්ව සසඳනවා 5️⃣Time waste වෙනවා – phone, TV, scroll වලින් දවසම ඉවර වෙනවා 6️⃣Motivation අඩුවෙනවා – කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ 7️⃣Emotional stress වැඩිවෙනවා – හේතුවක් නැතුව දුක, පීඩාව දැනෙනවා ඔහේ ජීවත්වෙන එකේ ලොකුම භයානකකම තමයි, එය අපේ ජීවිතය හෙමින් හෙමින් degrade කරන එක. දවසක් තුළ ලොකු වෙනසක් පේන්නේ නැතිවෙන්න පුළුවන්, නමුත් මාස කිහිපයකට පස්සේ බලද්දි අපි growth එකක් නැති, self-confidence අඩු, negative thinking වැඩි කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩ දෙන්න එපා! ජීවිතය වෙනස් වෙන්නේ ලොකු decisions වලින් නෙවෙයි, පොඩි direction වලින්. ✅දිනපතා කුඩා අරමුණු තියාගන්න. ✅මනසට කරන්න දෙයක් දෙන්න. ✅හොඳ දේවල් වලින් එය පුරවන්න. මනස reset කරගන්න මේ දේවල් ජීවිතයට එකතු කරගන්න 1️⃣අවදිවීමට ,නිදාගැනීමට සහ ආහාර ගැනීමට නිශ්චිත වේලාවක් තබැගැනීම . ජීවිතයේ අනිවාර්‍ය දෙයක් කරගන්න. 2️⃣Daily small goals set කරන්න දිනකට පොඩි target එකක්,20 mins exercise, pages 10ක් කියවීම වගේ … 3️⃣Move your body Walking, gym, yoga-ශරීරය move වුණාම මනසත් fresh වෙනවා 4️⃣Write your thoughts (Journaling) ඔයාගේ සිතුවිලි ලස්සන පොතක ලියන්න.. ඒක ආයෙමත් Tab, laptop ,smart phone එකක නැතුව පෑන් ,පැන්සල් භාවිතා කරලා පොතකම ලියන්න,මනස clear වෙනවා…. 5️⃣Limit social media අවශ්‍ය නැති comparison සහ negativity අඩු කරගන්න … 6️⃣Learn something new Language, skill, hobby එකක්, මනසට direction එකක් ලැබෙනවා … 7️⃣Create a simple routine උදේ සහ සවස කරන consistent habits ටිකක් හදාගන්න 8️⃣Practice awareness Negative thought එකක් ආවම, “මේක මට වැදගත්ද?” කියලා ඔබෙන්ම අහන්න අවසානයේ, මතක තියාගන්න, “ඔහේ” ජීවත්වෙන එක safe වගේ පේනවා, ❌ඔහේ පැය 10-12 …නිදාගනිද්දී…. ❌ඔහේ phone එක ඔබ ඔබ කාලය කද්දී… ❌ඔහේ අරමුණක් නැතුව ඉද්දී … අපිට හිතෙනවා මේක මරු කියලා… නමුත් ඒක තමයි හුඟාක් වෙලාවට අපේ ජීවිතය හිස් කරන මූලික ප්‍රශ්නය…. ඒ නිසා , 🙅🏽‍♂️මනස empty වෙලා තියෙන්න දෙන්න එපා! 🧠ඒකට direction එකක් දෙන්න 👍🏻හැම වෙලාවෙම මගේ මීලග සැලසුම මොකක්ද කියලා හිතන්න 👌🏻අලුත් දේවල් අත්හදා බලන්න ;රස කෑමක්,අලුත් පොතක්, ලස්සන පරිසරයක්,අලුත් සිංදුවක්, film එකක්, කවියක්, ගෙතුමක්, ලස්සන මල් පැලයක්….. එවිට ඔබ ජීවත්වෙන්නේ ඔහේ නෙවෙයි… අර්ථවත්ව, සතුටින්, control එකෙන්…. ✍🏻GoodVibe #qualitylife #perposefullife #meaningfullife #psychologyfacts #viraltiktok

GoodVibe
GoodVibe
Open In TikTok:
Region: LK
Monday 04 May 2026 05:48:39 GMT
6938
124
15
34

Music

Download

Comments

tharuka.sarojani
tharu creations💫 :
thank u😊
2026-05-08 16:01:34
0
pmj4730
wonder unicorn88 :
very valuable
2026-05-20 16:02:32
0
chamari.jayathila6
Chamari Jayathilaka :
👍👍
2026-05-04 07:47:04
1
green.vibe.by.madhu
𝙈𝙖𝙙𝙝𝙪𝟢𝟟𝟣𝟢❤️🌿 :
❤️
2026-05-04 16:54:40
1
dynjay41
Kushan Nirmaal®Tɧe' Fสce° :
😥
2026-05-06 08:01:41
1
thilini_fernando_
Thilini :
❤️❤️❤️
2026-05-04 05:51:16
1
goodvibe.stories
GoodVibe Stories :
♥️
2026-05-04 09:28:08
1
nirmala.chathuran4
Nirmala Chathuranga :
👍👍👍👍
2026-05-04 07:26:41
1
chandrika.paranag
Chandrika Paranagama :
👍
2026-05-08 14:19:01
0
To see more videos from user @goodvibe.wealthynation, please go to the Tikwm homepage.

Other Videos


About