@innerglow93: #budhism #nirvana #fyp #lordbuddha අථ ඛො අස‍්සලායනො මාණවො මහතා බ්‍රාහ‍්මණගණෙන සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අස‍්සලායනො මාණවො භගවන‍්තං එතදවොච: ‘බ්‍රාහ‍්මණා භො ගොතම, එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණොව සුක‍්කො වණ‍්ණො, කණ‍්හො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්ති නො අබ්‍රාහ‍්මණා, බ්‍රාහ‍්මණාව බ්‍රහ‍්මුනො පුත‍්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ‍්මජා බ්‍රහ‍්මනිම‍්මිතා බ්‍රහ‍්මදායාදා’ති. ඉධ භවං ගොතමො කිමාහා’ති? ඉක්බිති අස්සලායන මාණවක මහත් බ්‍රාහ්මණ ගණයා හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අස්සලායන මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව බ්‍රාහ්මණයෝ මෙසේ කියත්: බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්ණ යි. අන්‍යවර්ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි. අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසුදු වෙත් තදන්‍යයෝ පිරිසුදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. භවත් ගෞතමයන් වහන්සේ මෙහි ලා කුමක් වදාරනසේක් ද? දිස‍්සන‍්තෙ3 ඛො පන අස‍්සලායන, බ්‍රාහ‍්මණානං බ්‍රාහ‍්මණියො උතුනියොපි ගබ‍්භිනියොපි විජායමානාපි පායමානාපි. තෙ ච බ්‍රාහ‍්මණා යොනිජාව සමානා, එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුක‍්කො වණ‍්ණො, කණ‍්හො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්ති නො අබ්‍රාහ‍්මණා, බ්‍රාහ‍්මණාව බ්‍රහ‍්මුනො පුත‍්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ‍්මජා බ්‍රහ‍්මනිම‍්මිතා බ්‍රහ‍්මදායාදා’ති. අස්සලායනයෙනි, බමුණන්ගේ බැමිණියෝ ඍතුනී වූවාහු ද ගැබිනි වූවාහු ද වදන්නාහු ද කිරිපොවන්නාහු ද පැනෙත්, එ බමුණෝ ද යෝනියෙන් උපන්නාහු මැ මෙසේ කීහු: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි, අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි, අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසිදු වෙත්. තදන්‍යයෝ පිරිසිදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මජ්ඣිම නිකාය-බ්‍රාහ්මණ වර්ගය - අස්සලායන සූත්‍රය

innerglow93
innerglow93
Open In TikTok:
Region: LK
Monday 04 May 2026 07:04:26 GMT
115524
14047
184
312

Music

Download

Comments

imesh2801
Imesh :
පෙර කල පිනකට මට බුද්ද දර්ශයණය ලැබී ඇත
2026-05-04 16:02:08
507
chalana.sankalpa1
𝐒𝐇𝐀𝐃𝐎𝐖🥷🤍 :
මේවා බලන කොට ඇගට අමුතු දෙයක් දැනෙන්නෙ මට විතරද....😁❤️🙏
2026-05-09 13:12:49
74
aviya6160
๑˙❥˙๑Aviya◕ᴗ◕✿ :
මේකේ මූලාශ්‍රය මොකක්ද🥰🥰🥰
2026-05-04 07:28:47
117
nisal_niluminda
ɴɪsᴀʟ ɴɪʟᴜᴍɪɴᴅᴀ :
Content මරු අලුත් පරම්පරාවට Install වෙනවා
2026-05-07 16:59:33
44
zelena0002
Sasha 🌸🌹 :
අනේ ප්ලීස් මේවට save දෙන්නකො ♥️♥️♥️♥️♥️
2026-05-04 08:05:15
32
s.k..shanuka
S.K. Shanuka :
2026-06-03 20:31:07
0
deshan_619
Tharusha Deshan :
ඇග හිරිවැටෙනවා...🤍💯
2026-05-07 04:45:25
28
chamod.dilshan18
Chamod Dilshan :
මනුස්සයෙක් පරිණත වෙද්දි තෙරෙනවා...බුදු දහම / බුද්ධ දර්ශණය තියෙන ආත්මෙක ඉපදුන එක ලොකු වාසනවක් කියලා ♥️
2026-05-12 06:38:40
10
wathsaladilhani7
wathsala dilhani :
මගේ බුදුරැදුන්ට මගේ නමස්කාරයය් 🙏🙏🙏
2026-05-07 09:56:31
11
kavingapavan
Poet💐 :
Aura ♾️
2026-05-04 16:11:34
13
mr_champa
𝐌𝐫.𝐂𝐇𝐀𝐌𝐏𝐀🤍 :
නමෝ බුද්ධාය.
2026-05-05 01:47:20
12
newsallerts
newsallerts :
බුදු හාමුදුරුවෝ නම් සුපිරි ...
2026-05-04 22:42:30
9
gihangihanaluthdu
lion bro :
දර්ශනයේ වැදගත්ම කොටසක් 🙏🙏🙏
2026-05-05 04:30:46
5
subwaygames4
subway surfers 🏄‍♀️ 🏆🪬 :
අද දවසේ දැක්ක ලස්සනම විඩියෝ එක ❤️
2026-05-06 00:32:25
6
n9879170
N 🦦🌷 :
2026-05-09 08:34:04
2
irusha.udesh5
Irusha Udesh :
මටත් දවසක සත්‍ය අවබෝද කරගෙන සසර දුකින් මිදෙන්න ලැබේවා 🙏🙏🙏
2026-05-11 15:38:47
3
nisha_official29
_Nisha_official _🫶❤️ :
B.C ... 🥺❤️🫶
2026-05-29 01:56:55
1
fly_erosh_
🥤fLy_ErOsH_✈️💙✨ :
My buddha ✨🤍🌍🥺🙏
2026-05-07 07:02:34
4
ronin_ff_514
𝕽𝖔𝖓𝖎𝖓|𝟑𝟑!> 💬 :
Damn ❤️
2026-05-07 11:51:13
1
To see more videos from user @innerglow93, please go to the Tikwm homepage.

Other Videos


About