@dovegreens: මගේ නමට එවා තිබූ තෑගි පෙට්ටිය ගන්න යනවා කියලා මං එදා කතාව නැවැත්තුවනෙ. ඉතින් ඉර මුදුන් වෙන්න කලින් කුඹුක් ගහපාමුල ළිඳෙන් රෙදිත් හෝදගෙන, වතුර බාල්දි විස්සක් තිහක් නාගෙන මං නගරෙට යන්නයි ලක ලැහැස්තෙ වුනේ. ඒ ගමනට ඒ හැටි වෙලාවක් ගතවෙන්නෙ නැති වුණත් බත් කටක් කාලම යන්ඩ ඕනේ කියලා මට හිතුණා. වතුර ටිකක් නා ගත්තම බඩගිනිත් වැඩි වෙනවනේ. කීරි පොන්නි හාලෙන් බතක් උයලා වට්ටක්ක ටිකක් කිරට හැදුවා . තව කතරුමුරුංග මැල්ලුමකුයි හුරුල්ලො කරෝල බැඳුමකුයි එකට ගැලපෙනවනේ. ඊයේ හවස් අතේ උයාපු මාළු ටිකකුත් මං රත් කගගත්තා. අර ලියාපු ලියුම් කඩ දහිය තැපෑලට දාලා, තෑගි පෙට්ටිය අරගන්න හිතාන නගරයට යන්න එළියට බහිද්දී හවස එකට විතර ඇති මය හිතේ. ගම්මාන දෙක තුනක් විතර පහු කරලා නගරයෙන් වමට හැරිලා සතිපොළට එහායින් ඔන්න තියෙනවා තැපැල්කන්තෝරුව! ඒ පැරණි තාලේ නාම පුවරුවට මං හරි කැමතියි. හවස් වරුව හින්දාදෝ කොහෙදෝ කන්තෝරුවෙ ඒ හැටි සෙනඟක් හිටියේ නෑ. ඊළඟට අපි ගියා මං ඔය ඊයේ ඉඳන් කියවන තෑගි පෙට්ටිය ගේන්න. ඒක මං හිතුවට වඩා ලොකු පෙට්ටියක්නේ! දැන් මට ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ. ඉතිං අපි රත්තරන් පාට වී කරල් පිරුණු ලියදු මඟ දිගට ඇති ගම්බද මාර්ගය දිගේ ආපහු ගෙදර ආවා. වෙනද වගේ තේ එකක් කාරිය බීල මහන්සිය අරින්න අද නම් මට කිසිම ඕනිකමක් නෑ. මොකද මේ තෑගි පෙට්ටිය විවෘත කරනකං මට ඉවසිල්ලක් නෑ. කතාවෙන් කතාවෙන් මට කියන්න බැරි වුණානේ මේ තෑගි එව්වේ කවුද කියල. M R Kitchen Youtube Channel එක කරන මධූ රාජපක්ෂ නංගි තමයි මේ තෑගි පෙට්ටිය එව්වේ. මතකද මේ ළඟදි දවසක මං අර කඩවත රාගම පාරේ දෙල්පේ හන්දියෙ තියෙන වෙළඳ සැලකින් ලස්සන බඩු ටිකක් ගෙනාවා. අන්න ඒ වෙළඳ සැලේනම තමයි Mr Kitchen. ධාන්‍ය වර්ග අසුරළ තියන්න පුළුවන් ලස්සන සුදු පාට ඇසුරුමක්, හොඳම තත්ත්වයේ ගල්වංගෙඩියක් එක්ක තවත් හුරුබුහුටි සුකුරුත්තමක් මට තෑගි විදිහට ලැබුණා. මධූ රාජපක්ෂ නංගිඋ ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතිං ඔය තෑගි ටිකට කුස්සිය අලුත් ඉඩ හොයලා දෙන්නත් ඕනනේ. ඒ වැඩේ අද රාත්‍රියේම කරන්නයි මං හිතාගෙන ඉන්නේ. පරිස්සමින් සතුටින් ආදරයෙන් ආරක්ෂිත වෙන්න තුෂාරි විජේරත්න 2026/02/14 #thushariwijerathne #dovegree #goodvibes #familytime
Dove Greens Miracles
Region: LK
Friday 08 May 2026 14:36:57 GMT
Music
Download
Comments
Manu :
සුරංගනා කතාවක් වගේ ගොඩාක් ලස්සනයි❤️❤️❤️
2026-05-08 18:35:19
243
hansi_664💚💫 :
මීරිගම 🥰
2026-06-21 00:10:55
1
✨️🎉️Tamaritamari :
රටවල් වල කඳුකර ගෙවල් වල වගේ ඒ ඇදුමත් ඒ වගේම ගැලපෙනවා 🥰🥰🥰🥰
2026-05-09 10:00:59
50
anurangi sulakshika :
mR kichan කියන්නෙ පට්ටම චැන්ල් එකක්.
2026-05-16 08:16:05
5
pinksh1978 :
MR kitchen youtube චැනල් එකේ වීඩියෝ බලලා තමයි මම අලුත් අලුත් කෑම හදන්නෙ♥️
2026-05-18 21:29:31
6
🇱🇰 RockeyDoo :
මාත් අවුරැදු 5ක් මීරිගම හිටියා…මගේ සතුටු නගරය❤️👌
2026-05-09 01:04:59
35
🌼🌼නිෂු නිෂු 🌼🌼 සින්ඩරෙල්ලා :
හරි ලස්සනයි.. හිත නිවේනවා ඒ කට හඩට... 🥰🥰සුරංගනා කතා වක් වගේ🙏🏻💐
2026-06-09 18:56:57
1
Lanka Handmade :
අමුතුම ලස්සනක් ඒ කතාවේ තියෙන්නේ 🥰
2026-06-07 14:10:22
3
hansani ranaweera :
ඔයාට ලියුමක් එවන්න හරි ආසයි
2026-05-13 15:38:06
1
Nelum :
හරිම ලස්සනයි ඔයාට බුදු සරනයි❤️❤️❤️
2026-05-09 13:36:22
2
Amaaa_98 :
aesthetic vibe ekk tyene.. 😍
2026-05-09 07:53:12
4
navi ✨️💐 🇦🇪 :
math mirigama 🥺
2026-05-08 15:22:09
4
LYPHRAA :
1st comment from meee ♥️♥️♥️
2026-05-08 14:41:23
0
Bipasha De Alwis :
මාත් මීරිගම ... අනේ 🥺
2026-05-09 04:57:14
4
SiLLa 🍃 :
Mage gama 💚🥰
2026-05-09 03:37:42
7
User 130882 🇱🇰 🇳🇿 :
මීරිගම අපේ ගම..❤️❤️
2026-05-09 20:05:50
1
Fernando 🪺 :
Anee ❤️
2026-06-18 09:54:47
0
kanchanasamanmali4 :
ආදරණීයයි ❤️
2026-05-08 18:41:34
1
aayumorgana :
❤️🍃 ඉස්සරකාලේ අහපු ලස්සන කතාවක් අහනවා වගේ අතීතයට ගියා 🥰
2026-05-11 06:53:00
5
ANU 🇱🇰 🇯🇵 :
ඇත්තටම හරි ලස්සනයි❤️
2026-05-27 13:29:10
0
RASHU 🧸🍒✨ :
අනේ එකේ ලස්ස්න 🥺💕
2026-06-20 14:36:50
0
seeker :
radio presenter kenekge wage lassanama katahadak sister. very nice. 💙
2026-06-23 07:41:10
0
Sadu 🇱🇰 🇯🇵 :
මමත් මීරීගම ❤️
2026-06-06 10:37:27
0
💜️නුවී❣💜️ :
lassna gamak🥰🥰
2026-06-04 09:19:59
0
Madu Madu :
කොහෙද මේ ගම
2026-05-08 22:03:37
0
To see more videos from user @dovegreens, please go to the Tikwm
homepage.