@lasa_2.0: මං දැකලා තියෙනවා.. කියන්න දාහක් දේවල් හිතේ තිබ්බත් සියල්ල තමන්ගේ වැරදි විදිහට බාරගෙන "මට සමාවෙන්න" කියලා විතරක් කීව මිනිස්සු.. හැම වේදනාවක්ම හංගගෙන " මුකුත් නෑ,මම හොඳින් " කියලා හැමදේම හිනාවකින් හංගගත්‍ත මිනිස්සු... සියලු කැපකිරීම් කරලා අවසානයේ " ඔයා මොනාද මං වෙනුවෙන් කරේ" කියලා තමන් ආදරේ කරපු කෙනෙක්ගෙන් අහගෙන පාඩුවේ පැත්තකට වුනු මිනිස්සු... කාටවත් පේන්න අඬන්න බැරි නිසා ශවර් එක යටට වෙලා තමන්ව දිය වෙලා යනකල් අඬපු මිනිස්සු... පණ වගේ ආදරේ කරපු මනුස්සයා වෙන කාගේ හරි වෙනවා බලාගෙන ලොකු හුස්මකින් හැමදේම පිටකරපු මිනිස්සු... තමන් හොඳ හිතින් කරපු හැමදේම වැරදියට දකිද්දි ඒ වෙනුවෙන් කිසිම දෙයක් කියාගන්න බැරුව ගොළු වුණු මිනිස්සු.... සියල්ල අතෑරෙන බව දැන දැනත් ආයේ ආයේ එකම මිරිඟුව පස්සේ හති දදා දුවන මිනිස්සු... තමන්ට කතා කරන්නවත් කවුරුත් නැති නිසා හිතේ තියෙන හැමදේම අකුරු කරලා කොහේ හරි කුරුටු ගාන මිනිස්සු.. මහ රෑ එළි වෙනකල් ඇහැරගෙන "ඇයි මට මෙහෙම උනේ" කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරගන්න මිනිස්සු... ගොඩක් මිනිස්සු එහෙම කරන්නේ තව මනුස්සයෙක්ගේ හිතක් රිද්දන්න තියෙන අකමැත්ත නිසා.. තමන්ගේ පැත්තෙන් කතාව කීවොත් අනිත් මනුස්සයාට රිදෙයි කියලා දැනෙන හැඟීම නිසා.. මේ ජීවිතේ ගොඩක් දිග නෑ මිත්‍රයා.. අපිට කාත් එක්කවත් තරහා වෙලා ඉන්න තරම් කාලයක් නෑ.. හැබැයි මං ප්‍රාර්ථනා කරනවා.. කවදම හරි දවසක මේ මිනිස්සුන්ට ඇත්තටම සතුටින් හිනාවෙලා ඉන්න පුළුවන් කාලයක් ලැබෙන්න කියලා.. මොකද මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ මරණය නෙමෙයි, ජීවත් වෙලා ඉද්දිම ඇතුළාන්තය මියයාමයි ! 🙂
LASA ! ☁️
Region: LK
Sunday 10 May 2026 18:17:24 GMT
Music
Download
Comments
Minuuu 🐙💫 :
Ane me caption eka dennako
2026-05-17 04:54:08
1
Vimaya :
💗
2026-05-10 23:30:10
1
Suresh☠️🖤 :
😢😢😢
2026-05-11 00:45:45
1
Sandaru Nimshan :
🗣
2026-05-10 18:34:14
1
Nishaa :
😳😳🥺
2026-06-27 23:14:05
1
To see more videos from user @lasa_2.0, please go to the Tikwm
homepage.