@sl.lawframe: 🏡📜 පියා හෝ ස්වාමිපුරුෂයා මියගිය පසු දේපළ යන්නේ කාටද? ⚖️ බොහෝ දෙනෙක් හිතන්නේ, දරුවන් නොමැතිව ස්වාමිපුරුෂයා මියගියොත් ඔහුගේ සියලු දේපළ බිරිඳටම හිමිවෙනවා කියලා. නමුත් ලංකාවේ සාමාන්‍ය නීතිය (Common Law) අනුව දේපළ බෙදී යන්නේ නීතියෙන් නියම කර ඇති ක්‍රමයකටයි. විශේෂයෙන්ම අන්තිම කැමති පත්‍රයක් (Last Will) නොමැතිව පුද්ගලයෙකු මියගිය විට, ඔහුගේ ඉඩම්, නිවාස, බැංකු මුදල් සහ වෙනත් දේපළ බෙදී යන්නේ පහත ආකාරයටයි. 👇 📌 1. බිරිඳ සහ දරුවන් සිටින අවස්ථාව මියගිය පුද්ගලයාට නීත්‍යානුකූල බිරිඳක් සහ දරුවන් සිටී නම්, 👩 බිරිඳට — දේපළවලින් 50%ක් හිමිවේ. 👧👦 දරුවන්ට — ඉතිරි 50% සමාන කොටස් ලෙස බෙදී යයි. මෙහිදී පිරිමි දරුවාට හෝ ගැහැණු දරුවාට වෙනම වාසියක් නැහැ. සියලු දරුවන්ට සමාන අයිතිය තිබේ. 📌 2. බිරිඳ සිටින නමුත් දරුවන් නොමැති අවස්ථාව “දරුවන් නැතිනම් සියල්ල බිරිඳට” කියන අදහස නීතියට අනුව සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ. එවැනි අවස්ථාවක, 👩 බිරිඳට — දේපළවලින් අඩක් (50%) හිමිවේ. 👨‍👩‍👦 මියගිය පුද්ගලයාගේ දෙමව්පියන්ට — ඉතිරි 50% හිමිවේ. දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්, එම කොටස සහෝදර සහෝදරියන් අතර සමානව බෙදී යයි. 📌 3. බිරිඳක් හෝ දරුවන් නොමැති අවස්ථාව විවාහ නොවූ පුද්ගලයෙකු හෝ බිරිඳ සහ දරුවන් නොමැති පුද්ගලයෙකු මියගියහොත්, 👴👵 මුළු දේපළම දෙමව්පියන්ට හිමිවේ. ඔවුන්ද මියගොස් ඇත්නම්, 👫 සහෝදර සහෝදරියන්ට එම දේපළ සමානව හිමිවේ. ⚠️ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු ✅ නීත්‍යානුකූල විවාහයක් තිබිය යුතුය දේපළ උරුම අයිතිය හිමිවන්නේ නීත්‍යානුකූලව විවාහ වී ඇති බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට පමණි. ✅ එකට ජීවත් වූ පමණින් අයිතියක් ලැබෙන්නේ නැහැ විවාහ ලියාපදිංචි නොකර එකට ජීවත් වූ අයට (Living together) සාමාන්‍යයෙන් මෙම උරුම අයිතිය හිමි නොවේ. ✅ දරුකමට හදාගත් දරුවන්ටත් අයිතිය තිබේ උසාවිය හරහා නීත්‍යානුකූලව දරුකමට ගත් දරුවන්ටත් ජාතක දරුවන්ට සමාන උරුම අයිතිය ඇත. ✅ වෙනත් නීතිවල වෙනස්කම් තිබිය හැක උඩරට නීතිය (Kandyan Law) හෝ තෙසවලාමේ නීතිය (Thesawalamai Law) යටතේ සිටින පුද්ගලයන්ට මෙම නීති වෙනස් විය හැකියි. 📝 අනාගත ආරවුල් වළක්වා ගැනීමට කළ යුතු හොඳම දේ ✔️ නිසි අන්තිම කැමති පත්‍රයක් (Last Will) සකස් කර තබා ගැනීම ✔️ විවාහ සහතික, උප්පැන්න සහතික සහ දේපළ ලේඛන නිවැරදිව තබා ගැනීම සහ විවහකබව සම්බන්ධයෙන් ගැටඵ පවතී නම් එය කල් නොයවා නිරාකරණය කර ගැනීම. ඇතැම් අය විවාහ 2 හෝ 3 සිදු කරගෙන දික්කසාද නොවී විවාහය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ යැයි සිතා සාමකාමීව ජීවත් උනත් ඔවුන් කිසි විටෙකත් නොසිතා ඇති ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දේපල හිමි වන්නේ කෙසේද යන්න. විවාහයන් කිහිපයක් සිදු කර දික්කසාද නොවී සිටි අයගේ දේපල ජීවත්ව සිටින ආදරණියන්ට අහිමිව ගිය අවස්ථා දක්නට ඇත. එම නිස් අමේ සම්බන්ධයෙන් නීතිය දැනගෙන ජීවත්වීම වඩාත් සුදුසු වේ. ✔️ පවුලේ අය අතර කලින්ම දේපළ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ඇති කරගැනීම ⚖️ දේපළ උරුම නීතිය ගැන නිවැරදි දැනුම තිබීම පවුල් ආරවුල් සහ අධිකරණ ගැටලු බොහෝ දුරට වළක්වයි. ⚖️මෙවැනි නීතිමය කරුණු පිළිබඳ හිතවතුන් දැනුවත් කිරීමට මෙම post එක share කරන්න ඒවගේම SL Lawframe ගිණුම follow කරන්න. ඔබටත් යම් නීතිමය ගැටලුවක් පවතිනවා නම් comment section එකේ දාන්න. ඒ පිළිබඳව ඉදිරි post වලින් කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. ⚖️⚖️නීතිඥ ආශා ලොකු ගමගේ⚖️⚖️

SL Lawframe
SL Lawframe
Open In TikTok:
Region: LK
Wednesday 13 May 2026 06:52:29 GMT
98257
1173
40
559

Music

Download

Comments

To see more videos from user @sl.lawframe, please go to the Tikwm homepage.

Other Videos


About