@keshaskaushi: මේ රස්සා දෙකේ තියෙන දැඩි පීඩනය දරාගන්ට බැරුව අපි බල්ලෙක් හදන්න ගත්තේය.තියෙන stress එක මදි යයි කියමින් හස්බන්ඩ් මේ හූනාද හදාගත්තේය.දැන් ටීනා මගේය.මේ හූනා වන සමන්ත හස්බන්ඩ්ගේය. සමන්ත ඌගේ වුවද දැඩි stress එකක් ඇත්තේ මටය.ඌ මගේ දරුවෙක්ද නොවේය.ඒත් වද දෙන්නේද මටය.දවල් දවසේ ගෙදර කවුරුත් නැති නිසාත්,මූට තාමත් දත් ඇත්තේ ශෝබනේට පමණක් නිසාත් අපේ මිනිහා ඌව දිනපතා රට වටේ රාජකාරී වලට ගෙනියන්නේය. මිනිහාගේ රාජකාරිය ගොඩගම නම් සමන්ත තඩි කූඩෙක නැග ඌත් සමග ගොඩගම යන්නේය.හවස ආපසු එන්නේය.මිනිහාගෙ රාජකාරිය මීගමුවේ නම් සමන්ත ඌත් සමග මීගමු යන්නේය.හවස ආපසු එන්නේය.සමන්ත හමූවූ දා පටන් ඌ අපේ මිනිහා එක්ක බස්නාහිර පලාත ආවරණ කර ගමන් ගොස් ඇත්තේය. මූ,ඌද සමග කොහේ ගියත් මටද ටීනාටද වගක් නැත්තේය.ගැටලුව වන්නේ වෙනදා උදේ නැගිට උයා පිහා මිනිහාගෙ කෑම පමණක් ඔතා දුන් මට දැන් සමන්තගේ කෑම එකද ඔතා දෙන්න වීමය.ලොකු ඇස්ට්‍රා මාගරින් පෙට්ටියකට කෙසෙල් ගෙඩියක්ද,මිදි ගෙඩියක්ද,අඹ කැබැල්ලක් හෝ වෙනත් පලතුරක්ද දැමිය යුත්තේය.බෙන්තෝ බොක්ස් එකක්වත් දරුවෙක් වෙනුවෙන් හදා නැති මට මෙය මහා යුද්දයක් වන්නේය.ඒත් සමන්ත මිනිහාගේ දරුවාය.ඌ ටීනාට දරුවෙක් මෙන් සලකන මෙන් මට සමන්තට දරුවෙක් මෙන් සලකන්නට වෙන්නේය. මේ හූනා එසේ මෙසේ එකෙක් නොවන්නේය.ගෙදර ආ විගස මූට අර ලොකු පෙට්ටිය එපාය.මැරී ගෙදර ආ මට පොඩ්ඩක් වාඩි වෙන්නට නැත්තේය.දරුවා මිනිහාගේ වුවද මූ කෆීර් එකක් මෙන් දුවන් එන්නේ මා ලගටය.ගුලි වෙන්නේ මගේ අතේය.පොඩ්ඩක් හාන්සි වන්නට නැත්තේය.දූවගෙන ඇවිත් කරේ ගුලි වන්නේය.හපා කන්නේය.මට සැනසීමක් නැත්තේය.මූ මගේ නොවේය.මිනිහාගේ දරුවාය.ඒත් මූට ඌව එපාය.ඒත් මට මූව එපාය. පිරිමින්ගෙ ඇති මායම් එකසිය විසි අටෙන් මූ මේ එකක් දමන්නේය.අත අස්සේ රිංගා ඇස් පොඩි කරමින් මූණ බලා මූ සැරසෙන්නේ මාව අන්දාගන්නටය.එව්වා හදේය.ටීනා මගේ දරුවාය.සමන්තගේ පියා මගේ මිනිහාය.මූට මාව අන්දන්න බැරි බව කියමින් තරවටු කරද්දී මේ ඇත්තේ මූගෙ බැල්මය.

Kesha
Kesha
Open In TikTok:
Region: LK
Thursday 14 May 2026 03:50:46 GMT
21677
917
63
36

Music

Download

Comments

user25ranubaba
ranubaba :
තුනක් ඉන්න මං🐿️❤️
2026-07-09 18:58:08
1
yohanzsouhk
Yohani🌼 :
ayeth liyanna samantha gana 🥰🥰
2026-07-08 03:57:21
1
_dunindijayakody_
Dunindi Jayakody :
අනේ 😂❤️මටත් ඉන්නවා සමන්තයෙක්... 😍 ඔය හූනො සේරම හරිම අහින්සකයි... 💕
2026-05-15 02:40:54
12
layal...com
Dog lover :
අනේ හරි ලස්සන සන්කුට්ටෝ ගේ කතාව 🥰🥰🥰🥰🥰🥰🤣🤣🤣🤣 අයෙත් ලියන්න 🤗🤗🤗
2026-05-14 12:54:29
6
dpkb360
DPKB :
😍💐. Kathaawath lovely. Liyawillath lovely.
2026-05-14 15:14:06
2
sandeepani.wijaya
Sandeepani Wijayanthi :
ඔයා එයාට පණ ඇරලා ආදරේ බව තේරෙනවා....♥️♥️♥️තවත් ඒ වගේ ලස්සන දේවල් ලියන්න.. මං ආසයි කියවන්න...
2026-05-28 09:42:40
3
tharu83902
Tharu :
මරු ඔයා ලස්සනට ලියල ❤️❤️
2026-05-15 03:19:31
2
amy_12_27
Amy 🥂 :
අනේ ආදරේ හිතුන ❤️
2026-05-14 13:01:49
3
bboss_57
bboss_7 :
Ane samantha...😭❤️
2026-05-14 17:57:15
1
yesh_senarathna
yesh_Senarathna :
first video I saw this morning ❤️
2026-05-15 02:10:27
1
supuni134
🐰SHASHI 🐇 :
අනේ
2026-05-15 01:54:22
1
miracle_997
Miracle :
anee matath innawa ekkenek.eyala hari ahinsakai 😘🥰❤️
2026-05-17 07:03:53
2
mangalika.ratnaya
Mangalika Ratnayaka :
apoi
2026-05-14 13:46:11
1
ashii2023
🇱🇰🗽𝓟𝓻𝓲𝓶💗𝓡𝓸𝓼𝓮🗽🇦🇪 :
Aneee
2026-07-07 09:40:29
0
nishifernando098
NishiFernando :
ලස්සනයි අනේ ❤️❤️නමුත් කෙසෙල් , මිදී දෙකම එපා 😞 පේර, අඹ , දොඩම් ,දෙලුම්, සුදු බත් දෙන්න
2026-05-14 15:09:16
2
randy_mart
𝓡𝓪𝓷𝓭𝔂𝓜 🇱🇰 :
😂😂😂 ඒක මරු එකට ලියලා 🥰
2026-05-15 01:27:48
1
adhii21_
Adhithi 💛 :
අනේ දිගටම ලියන්න cute අනේ 🥺😘❤️හැබැයි ගෙදර හදන ලේන් බබාලට කෙසෙල් , අලිගැටපේර , ගස්ලබු , බත් ,අඹ එහෙම දෙන්න එපා හොඳ නෑ.ඉඳලා හිටලා චූට්ටක් දුන්නට කමක් නෑ..එපා කියන්නෙ එයාලට තේරෙන්නෑනෙ ගෙඩියක් දුන්නොත් ගෙඩියම කනවා හැබැයි කැලේ ඉන්න අය එහෙම නෑ එයාලට අවශ්‍ය ප්‍රමාණය විතරයි චුට්ටක් කන්නෙ.ගෙදර හදන අයට හැමවෙලේම මේවා දුන්නම ලෙඩ වැඩි...මිදි , පේර , දෙළුම් ඇට , වට්ටක්කා ඇට , කැරට් , බ්‍රොකලි , මල්ගෝවා , පළා වර්ග එහෙම දෙන්න 🥰❤️
2026-05-15 02:51:00
2
winddekar
Wind Dekar :
දිනක් මා සරසවියට යෑමට ප්‍රථම මාගේ ඇටයා අතුරුදහන් වූයේය. මිදි පමණක් කෑ ඇටයා අඹයක්වත් නැති වත්තක කුසගින්නේ මිය යන්නට ඇතිබව පහල ගෙදට නැන්දා කීවාය. මාස ගානක් තිස්සේ දකින දකින සෑම ඇටයෙක්ගේම පසුපස ඇවිදිමින් මේ මගේ ඇටයාදැයි විපරම් කලෙමි. වහලේ උඩට නැග දවස් ගානක් උළු කැට උඩින් එහෙ මෙහෙ දුවන ඇට පෑටව් දෙස බලා සිටියෙමි. මගේ ඇටයා සීරූ අතේ තිබූ කැලැල් වසරකට පසු දැන් අතේ නැත. නමුත් මතක් වන විට හිතේ ඇති කැලලෙන් සියුම් වේදනාවක් ඇතිවී නැතිවී යයි...
2026-07-14 09:58:34
0
deepthilunuwila
𝓓𝓮𝓮𝓹𝓽𝓱𝓲 💫 :
😍😍
2026-05-15 18:45:49
1
steffanianjelika
steffanianjelika :
❤️❤️❤️❤️❤️❤️😁
2026-05-15 01:49:21
1
check_mate_2525
💯🖤PG🖤💯 :
❤️❤️❤️❤️
2026-05-14 15:36:30
2
madhu.ukn
Madhu UKN :
❤️❤️❤️
2026-05-15 03:11:04
1
nishadikariyawasam
Nishadi Kariyawasam :
😂❤️
2026-05-14 16:29:21
1
darshani.frananda
Darshani Franandas :
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💋
2026-05-15 01:51:25
1
kit_cat_meows
Kit_Cat_Meows 😻 :
😁😁❤️❤️
2026-05-14 08:04:21
3
To see more videos from user @keshaskaushi, please go to the Tikwm homepage.

Other Videos


About