@fb_fb6474:

✨F6474 ✨
✨F6474 ✨
Open In TikTok:
Region: KZ
Friday 15 May 2026 04:30:31 GMT
12150
359
5
39

Music

Download

Comments

ainazguka0
guljanaai1 :
😏😏😏
2026-05-16 10:06:07
1
muchpulovna
Мухпуловна 💗 :
😔😢🙏
2026-05-15 15:23:53
1
ss164651
ss :
💯💯💯
2026-05-15 05:28:15
1
mangystau666
mangystau666 :
👍👍👍
2026-05-15 10:57:55
1
To see more videos from user @fb_fb6474, please go to the Tikwm homepage.

Other Videos

මා සිටි ගිනිගත් ගුවන් යානය: මමයි කුමාරියි (wife) කොළඹ සිට සිඩ්නි එන Aircraft එක, (SriLankan Airlines - UL 606 - වර්ගය Airbus A330) ජූනි 12 වෙනිදා පාන්දර 12 පහුවෙලා takeoff කරා. පුදුම සැරට වහිනවා. විනාඩි 40 ක්‌ විතර අපි උඩු ගුවනේ ඕස්ට්‍රේලියා පැත්තට යනවා. මේ Direct flight එකේ මුළු ගමන පැය 10ක්‌ පමණ. මේ වෙනකොට මං හිතන්නෙ අපි ලංකාවේ ගොඩබිම් සීමාවත් පහුකරලා මුහුදට උඩින් යන්නේ.  අපි දෙන්නටම පොඩ් නින්දක් ගිහින් තිබුනේ. එතකොට එක පාරටම ඩෝං ගාලා විශාල ශබ්දයක් සමඟ ප්ලේන් එක ගැස්සුනා. කුමාරි හිටියේ ජනේලේ ළඟ. මම ජනේලෙන් එලිය බලනකොට දැක්කා ප්ලේන් එකේ වම් පැත්තේ එන්ජින් එක ගිනි අරන් ගින්දර එනවා. මට ක්ෂණිකව තේරුනා අපි දෙන්නට තව විනාඩි කීපයක් විතරයි ජිවත් වෙන්ට තියෙන්නේ කියලා. මේ ගුවන් යානා වල එන්ජින් දෙකයි තියෙන්නේ. ඒ දෙක සවිකරලා තියෙන්නේ තටු දෙකට යටින්. ගුවන් යානා වල තටු වල තමයි පෙට්‍රල් පුරවලා තියෙන්නේ. ඉතින් ඒ විශාල
මා සිටි ගිනිගත් ගුවන් යානය: මමයි කුමාරියි (wife) කොළඹ සිට සිඩ්නි එන Aircraft එක, (SriLankan Airlines - UL 606 - වර්ගය Airbus A330) ජූනි 12 වෙනිදා පාන්දර 12 පහුවෙලා takeoff කරා. පුදුම සැරට වහිනවා. විනාඩි 40 ක්‌ විතර අපි උඩු ගුවනේ ඕස්ට්‍රේලියා පැත්තට යනවා. මේ Direct flight එකේ මුළු ගමන පැය 10ක්‌ පමණ. මේ වෙනකොට මං හිතන්නෙ අපි ලංකාවේ ගොඩබිම් සීමාවත් පහුකරලා මුහුදට උඩින් යන්නේ. අපි දෙන්නටම පොඩ් නින්දක් ගිහින් තිබුනේ. එතකොට එක පාරටම ඩෝං ගාලා විශාල ශබ්දයක් සමඟ ප්ලේන් එක ගැස්සුනා. කුමාරි හිටියේ ජනේලේ ළඟ. මම ජනේලෙන් එලිය බලනකොට දැක්කා ප්ලේන් එකේ වම් පැත්තේ එන්ජින් එක ගිනි අරන් ගින්දර එනවා. මට ක්ෂණිකව තේරුනා අපි දෙන්නට තව විනාඩි කීපයක් විතරයි ජිවත් වෙන්ට තියෙන්නේ කියලා. මේ ගුවන් යානා වල එන්ජින් දෙකයි තියෙන්නේ. ඒ දෙක සවිකරලා තියෙන්නේ තටු දෙකට යටින්. ගුවන් යානා වල තටු වල තමයි පෙට්‍රල් පුරවලා තියෙන්නේ. ඉතින් ඒ විශාල "පෙට්‍රල් ටැංකි" (තටු වලට) යටින් තියෙන එන්ජිම ගිනිගන්නවා කියන්නේ කොයි මොහොතේ හෝ ප්ලේන් එක ගිනි බෝලයක් වගේ පුපුරන්ට පුළුවන් බව මට හැඟුනා. ඒත් කුමාරිට තේරුමක් නෑ මේ ගැන. එයා මගෙන් ඇහුවා "කොහෙන්ද ඒ ගින්දර එන්නේ?" කියලා. මම එයා බයවෙයි කියලා "Don't worry Ammi, it is OK" කියලා තව ටිකක් එයාව මං ලඟට කිට්ටු කරගෙන හෙමින් ඔලුව අත ගෑවා... එයා නිදි. එහෙනම් ඉතින් අපි දෙන්නටත් අන්තිම මොහොත ආවා නේද කියලා මට හිතුනා. මම කලබල නැතිව හෙමින් බුදු දහම මෙනෙහි කරමින් හිටියා. කුමාරිට ගානක් නෑ. එයා තාමත් මට හේත්තු වෙලා නිදාගෙන ඉන්නවා. මම මොන මොහොතේ හෝ "බිග්-බැංග්" එකක් සමඟ මේ ලෝකෙන් යන්ට ලැහැස්ති වෙලා ගිනි පිටවෙන එන්ජිම දිහා ජනේලෙන් බලන් ඉන්නවා . මට පොඩ්ඩක්වත් බයක් හෝ දුකක් හිතුනේ නෑ දැන් මේ ලෝකේ දාලා යන්ට මට වෙලාව ආවා නේද කියලා. ප්ලේන් එකේ එන්ජිම දිගටම ගිනි ගනිමින් ප්ලේන් එක පහලට වගේ එනවා. කුමාරි මට හේත්තු වෙලා නිදි. මම හිටපු තැනට ගිනි පිටවෙන එන්ජිම හොඳටම පෙනෙනවා, මම උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන හිටියා මගේ වෙලාව එනකන්. ඒත් ඔහොම විනාඩි කීපයක් ගිහින් එන්ජිමේන් එන ගින්දර නැවතුනා. එහෙම වෙන්ට පයිලට් මොකද කරේ කියලා කියන්ට මම තවමත් දන්නේ නෑ. ඊටපස්සේ ක්‍රමයෙන් ප්ලේන් එක පහලට යනවා වෙනුවට සාමාන්‍ය විදිහට යන්ට ගත්තා. ඊටත් විනාඩි කීපයකට පස්සේ පයිලට් එනවුන්ස් කරලා කිව්වා ප්ලේන් එකට‍ විදුලි කොටලා එක එන්ජිමකට හානි සිද්ද උනා. ඒ නිසා අපි ආපහු කොළඹට යනවා කියලා. දැන් ප්ලේන් එක සාමාන්‍ය විදිහට යනවා. ඔය විදිහට පැයක් විතර අපි ආපහු ඇවිත් කොළඹ smooth ලෑන්ඩ්න් එකක් කරා. ලෑන්ඩ් කරපු හැටියේ මුළු ප්ලේන් එකේම මිනිස්සු හය්යෙන් අත්පුඩි ගැහුවා පයිලට් සහ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමක් ලෙස. ✍️Parakrama bokalawala මුහුණුපොතේ තැබූ සටහනක්

About