@the_darkside_theory: ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ කාලයක් ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයට මරණ බය ඇති කරපු Zodiac Killer ගැන.ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට යමූ 😉🫵 1960 දශකයේ අගභාගයේදී සහ 1970 දශකයේ මුල්භාගයේදී තමයි මේ Zodiac Killer කියන හදුනානොගත් මිනීමරුවා ගැන මුලින්ම තොරතුරු වාර්තා වෙන්නේ..ඔයාලා හිතනවා නේද ඇයි මේ මිනීමරුවා මෙච්චර භයානක සහ විශේෂ කෙනෙක් වෙන්නෙ කියලා.ඒකට හේතුව තමයි මෙයා ඒ ප්‍රදේශයේ පුවත්පත් ආයතන වලට එවපු අභිරස් ලිපි..මෙයා මේ වගේ ලිපි ගණනාවක්ම මේ පුවත්පත් ආයතන වලට එවලා තියෙනවා..මේ ලිපි මෙච්චර විශේෂ වෙන්නේ ඒවා වල තිබ්බ පණිවිඩ සහ අභිරහස් සංකේත නිසා. 😳 මේ ලිපි වල මොනවගේ දේවල්ද තිබ්බෙ කියලා මං සරලව කියන්නම්."මගේ ලිපි පුවත්පතේ මුල් පිටුවේ පල කරේ නැත්තන් මේ සතිඅන්තයේ තවත් පුද්ගලයෙක් මරා දානවා !".. තව මේ ලිපි වල තිබ්බ අභිරහස් සංකේත වල තේරුම් ගැනත් සරලව කියන්නම් "Z408 : මං මිනීමැරීමට කැමතියි , ඒක තමයි මගේ ලොකුම විනෝදය" / "Z340 : මම පොලීසියට බය නැහැ"..මේ වගේ අභිරහස් දරුණු දෙවල් තමයි ඔහු එවූ ලිපි වල තිබ්බේ..😱 තවත් විශේෂ කාරණාවක් වන්නේ මේ පුද්ගලයා එවන ලිපි පටන් ගන්නේ "This is Zodiac Speaking" කියන වාක්‍යයෙන්..අන්න එයින් තමයි මිනිස්සු මේ මිනීමරුවව Zoadic Killer නමින් හදුන්වන්න පටන්ගෙන තියෙන්නේ.මේ සිදුවීම් ඔක්කොම උතුරු කැලිෆෝනියාවේ වැසියන්ට මරණ බිය ඇතිකරා..ඔහු අවම වශයෙන් මිනිමැරුම් 5ක් කර බවට තහවුරු උනත්..එවූ ලිපි වලි ඔහු මිනිමැරුම් 37ක ප්‍රමාණයක් කල බවට තොරතුරු සදහන් වෙනවා.. මේ Zodiac Killer එවපු එක ලිපියක තමන්ට මරාදැමීමේ අශාවක් ඇතිබවත් , තමන්ට උදව් අවශ්‍ය බවත් සදහන් කරලා තියෙනවා..Zodiac ගෙන් බේරී පලා ගිය වින්දිතයින් කියන විදිහට ඔහු වයස අවුරුදු 25 ත් 30 ත් අතර මහත ශරීරයක් හිමි අයෙක්..ලිපි එවන තමන්මයි මේ මිනිමැරුම් කරන්නෙ කියලා ඔප්පු කරන්න ඔහු වින්දිතයන්ගේ ඇදුම් වල කොටස් පවා ලිපි එක්ක එවලා තියෙනවා.Zodiac කියලා පොලිසිය වැඩිපුරම සැක කරේ ආතර් ඇලන් කියන පුද්ගලයාව..ඒත් ඔහුගේ DNA සහ අත්අකුරු නොගැලපීම නිසා වැරැදිකරු කියලා ඔප්පු කරන්න බැරි වුණා..1974 වසරෙන් පසු ඔහුගේ ලිපි ඒම නැවතිලා තියෙනවා එතැන් පටන් ඔහු ගැන කිසිම ආරංචියක් නෑ..අදටත් ඔහු අභිරහස් මිනීමරුවෙක්.😨 Ashintha ✍️ Darkside Theory 🇱🇰 #theories #zodiackiller #fyppppppppppppppppppppppp
Only_Theory
Region: LK
Friday 15 May 2026 13:22:15 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @the_darkside_theory, please go to the Tikwm
homepage.