@rancha.official: "මැරුණත් මං තෝරගන්නේ ඔයාවමයි.." සිනමාපටවල, ආදර කතාවල අපි ඕනෑතරම් මේ වගේ ආදරණීය පොරොන්දු අහලා ඇති. ඒත් මරණයෙන් පස්සෙත්, තමන්ගේ පපුව අස්සේ ගැහෙන හදවත තවත් කෙනෙක්ගේ සිරුරක් ඇතුළේ ජීවත් වෙද්දී, ඒ හදවත ආයෙමත් තමන් පණ වගේ ආදරය කරපු කෙනාවම සොයාගෙන ගියොත්..? ඒක අහම්බයක්ද, නැත්නම් අද්භූත සැලසුමක්ද? ⏳කතාව පටන් ගන්නේ 1995 අවුරුද්දෙන්. ඇමරිකාවේ ජීවත් වුණු සොනී ග්‍රැහැම් කියන්නේ වයස අවුරුදු 57ක පුද්ගලයෙක්. පෙනුමෙන් නිරෝගී කෙනෙක් වගේ පෙනුණත්, සොනී හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. ඔහුගේ හදවත දරුණු ලෙස අකර්මණ්‍ය වෙලයි තිබුණේ. වෛද්‍යවරු කිව්වේ එකම විසඳුම හෘද බද්ධ කිරීමක් විතරයි කියලා. සුදුසු හදවතක් ලැබෙනකල් සොනී මරණ මංචකයට වෙලා දවස් ගැන්නා. හරියටම ඒ කාලෙදීම තවත් තැනක අඳුරු ඉරණමක් ලියවෙමින් තිබුණා.. 33 හැවිරිදි තරුණයෙක් වුණු ටෙරී කොටල් තමන්ගේ ජීවිතය එපා වෙලා, තනිවම තීරණයක් අරන් මෙලොව හැරදා යනවා. ටෙරීගේ හදිසි මරණය ඔහුගේ තරුණ බිරිඳ වුණු චෙරිල් කොටල් ඇතුළු පවුලේ අයව සම්පූර්ණයෙන්ම අසරණ කළා. නමුත්, තමන්ගේ සැමියා අහිමි වීමේ දරාගත නොහැකි දුක අස්සේ වුණත්, චෙරිල් එක උතුම් තීරණයක් ගත්තා. ඒ, ටෙරීගේ අවයව පරිත්‍යාග කරන්න. ඒ තීරණය තමයි මරණ මංචකයේ හිටපු සොනී ග්‍රැහැම්ගේ ජීවිතය බේරගත්තේ ටෙරීගේ තරුණ, ශක්තිමත් හදවත සොනීගේ පපුව ඇතුළට බද්ධ කෙරුණා. සැත්කම සාර්ථකයි සොනීට අලුත් ජීවිතයක් ලැබුණා. ✉️ අලුත් හදවතක් එක්ක සොනී සුවය ලැබුවා. තමන්ට ජීවිතය දුන්නු ඒ නොදුටු දායකයා ගැන සොනීගේ හිතේ තිබුණේ අසීමිත ගෞරවයක් සහ කෘතඥතාවක්. අවයව බද්ධ කිරීම්වලදී නීතිමය වශයෙන් දායකයා කවුද කියලා කෙළින්ම හෙළි කරන්නේ නැහැ. ඒත් සොනීට ඕන වුණා තමන්ගේ පපුව ඇතුළේ ගැහෙන මේ හදවතේ අයිතිකාරයාගේ පවුලේ අයට ස්තූතියි කියන්න. සොනී චෙරිල්ට ලියුමක් ලිව්වා. "ඔබේ සැමියාගේ මරණය ගැන මම කණගාටු වෙනවා. ඒත් ඔහු නිසා මම අද ජීවත් වෙනවා. මගේ පපුව ඇතුළේ ගැහෙන්නේ ඔහුගේ හදවතයි. මම ඒක මගේ පණ වගේ බලාගන්නවා.." මේ ලියුමෙන් පස්සේ චෙරිල් සහ සොනී අතර දුරකථන ඇමතුම් හුවමාරු වෙන්න පටන් ගත්තා. එකිනෙකාගේ සුවදුක් විමසන අතරේ, ඔවුන් නොදනිම ඔවුන් අතර අමුතුම විදියේ ආත්මීය බැඳීමක් ගොඩනැඟෙන්න පටන් ගත්තා. අවසානයේදී, 1997 ජනවාරි මාසයේදී ඔවුන් තීරණය කළා මුහුණට මුහුණ හමුවෙන්න. 👁️❤️ ඒ හමුවීම සාමාන්‍ය හමුවීමක් වුණේ නැහැ. සොනී පසුව මාධ්‍යවලට පවා පවසා තිබුණේ, චෙරිල්ව තමන්ගේ ඇස් දෙකට දැකපු පළමු තත්පරයේදීම තමන් ඇය කෙරෙහි දැඩි ලෙස ආකර්ෂණය වුණු බවයි. "මම ඇය දෙස බලා සිටියා. මට මාවම පාලනය කරගන්න බැරි වුණා. මම ඇයට ආදරය කරන්න පටන් ගත්තා. මට දැනුණේ මම ඇයව අවුරුදු ගණනාවක ඉඳන් දන්නවා වගේ හැඟීමක්.." සොනී පසුව පවසා තිබුණා. හිතලා බලන්න, චෙරිල් ඉදිරියේ හිටියේ වයසින් තමන්ට වඩා සෑහෙන්න වැඩිමල් මිනිසෙක්. ඒත් ඒ මිනිසාගේ පපුව අස්සේ ගැහුණේ තමන් පණ වගේ ආදරය කරපු, තමන්ව බදාගෙන හිටපු, තමන්ගේ දරුවන්ගේ තාත්තා වුණු ටෙරීගේ හදවතමයි ඒ හෘද ස්පන්දනය චෙරිල්ට අමුත්තක් වුණේ නැහැ. කාලය ගෙවී ගියා. මේ අමුතු බැඳීම කෙතරම් ප්‍රබල වුණාද කියනවා නම්, සොනී සහ චෙරිල් දෙන්නම තමන්ගේ එවකට සිටි විවාහක සහකරුවන්ගෙන් වෙන් වෙන්න තීරණය කළා. ඔවුන්ට එකිනෙකාගෙන් ඈත් වෙලා ඉන්න බැරි තරමටම ඒ ආදරය ඔඩුදුවලා තිබුණා. අවසානයේ, සියලු බාධක මැද 2004 අවුරුද්දේදී සොනී සහ චෙරිල් විවාහ ගිවිස ගත්තා මුළු රටම මේ අමුතු ආදර කතාව ගැන කතා වුණා. මියගිය සැමියාගේ හදවතින් ජීවත් වන මිනිසා, මියගිය සැමියාගේ බිරිඳවම විවාහ කර ගැනීම ඇත්තටම ඒක හරිම හැඟීම්බර, ඒ වගේම දෛවෝපගත ආදර කතාවක් වුණා. ඔවුන් දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා වගෙයි හැමෝටම පෙනුණේ. 🖤 නමුත් සතුට කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙවෙයි. කවුරුත් බලාපොරොත්තු නොවුණු අඳුරුම දවස උදා වුණා. හරියටම 2008 අවුරුද්දේ අප්‍රේල් 1 වෙනිදා. ටෙරී කොටල් (පළමු සැමියා) මියගිහින් වසර 13ක් සපිරෙනවාත් එක්කම, සොනී ග්‍රැහැම් තමන්ගේ නිවසේදී ජීවිතක්ෂයට පත්වෙලා ඉඳලා හමුවුණා. මුළු ලෝකයම කම්පා කරපු දේ තමයි, සොනී මියගිහින් තිබුණේ ස්වභාවික හේතුවකින් නෙවෙයි. ඔහු තමන්ගේම අතින් තමන්ගේ ජීවිතය නැති කරගෙන තිබුණා.. මෙතන තියෙන බිහිසුණුම සහ අද්භූතම දේ මොකක්ද දන්නවද..? වසර 13කට කලින් චෙරිල්ගේ පළමු සැමියා වුණු ටෙරී කොටල් තමන්ගේ ජීවිතය නැති කරගන්න පාවිච්චි කරපු ඒ බිහිසුණු ක්‍රමය සහ ආයුධයමයි, වසර 13කට පස්සේ සොනී ග්‍රැහැම්ද තමන්ගේ ජීවිතය නැති කරගන්න පාවිච්චි කරලා තිබුණේ එකම ගැහැනියකට ආදරය කළ, එකම හදවතක් පපුවේ දරාගෙන හිටපු මිනිසුන් දෙන්නෙක්, වසර ගණනාවක පරතරයකින් පස්සේ, එකම විදියට තමන්ගේ ජීවිත අවසන් කරගත්තේ කොහොමද? මේක අහම්බයක්ද? නැත්නම් වෙනත් යමක්ද? ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකද්ද..?👇✨ #SonnyGraham #TerryCottle #CellularMemory #HeartTransplant #RealStory

❤️‍🔥Rancha Official 😎💢
❤️‍🔥Rancha Official 😎💢
Open In TikTok:
Region: LK
Tuesday 19 May 2026 02:38:04 GMT
151197
3407
16
188

Music

Download

Comments

chandani.kodithuwakku
MeowNChirp :
අනේ මන්ද
2026-05-20 11:57:58
12
wasanthakumari087
wasanthakumari087 :
[Sticker]
2026-05-22 19:12:15
6
unstoppable.seeker26
Don...🧘🍃🇶🇦 :
කර්මය සියල්ලටම වඩා බලවත් කියලයි මට හිතෙන්නේ පෙර අකුසල කර්මයක් වෙන්න පුලුවන් පෙර බවයක, අපේ මිනිස්සු කියන්නේ ඊලග ආත්මෙත් මට ඔයාවමයි ඕනී වගේ දේවල් සිතිවිල්ල තමයි බලවත්ම මරනාසන්න මොහොතේ පවා...
2026-05-23 11:23:49
9
rt.weer0
rt weer :
මනස .. හදවටත.. 😳 ප්‍රශ්න ගොඩයි
2026-05-22 03:54:21
10
sudu_bole_428
🕊️💕 Manu 💕🕊️ :
hitha ganna be😳
2026-05-26 05:08:35
1
nilmini.k0
Nilmini K :
🥰🥰🥰🥰🥰
2026-05-22 17:29:24
5
binuri789
binuri :
😭😭😭
2026-05-22 16:56:32
5
chinthikawijethun
chinthikawijethun :
🥰🥰🥰
2026-05-24 18:13:15
2
bhawana_fernando
𝕭αяß𝖎є 😚 :
❤️❤️❤️
2026-05-24 11:53:31
0
mila_tattoo_2024
MILA_TATTOO_🇱🇰 :
❤️❤️❤️
2026-06-07 03:06:37
0
prasa.dil0523
🎌🥰PRASA_Official 🥰🎌 :
🥺🥺🥺
2026-05-22 08:31:14
4
To see more videos from user @rancha.official, please go to the Tikwm homepage.

Other Videos


About