@imashhirushan2: 🚨 තිරී "සමුගත්තා" නෙවෙයි; "සමුගන්වන්න" සැලසුම් කළා! 🏏 ක්‍රිකට් පිටියේ තවත් කූට නාට්‍යයක සුලමුල මෙන්න...👇 ලහිරු තිරිමාන්න කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් මෑතකදී බිහි වුණු, තාක්ෂණයෙන් ඉදිරියෙන්ම හිටපු දක්ෂ පිතිකරුවෙක්. ඒ දවස්වල කුමාර් සංගක්කාරගේ අඩුව පුරවන්න හොඳම විකල්පය ලෙස 'Next Sanga' වැනි අනුවර්තන නාමයන් පවා තිරිමාන්නට ප්‍රේක්ෂකයන් මෙන්ම බොහෝ විචාරකයන් ලබා දුන්නා. 🌟 ඔහු තුළ ඒ හැකියාව මෙන්ම ඒ හැඩකාර පහරවල් එලෙසින්ම තැන්පත් වී තිබුණා. දුර්වල කළමනාකරණය නිසා තිරීගේ ක්‍රිකට් ජීවිතේ හිතපු තරම් මුල් භාගයේ සාර්ථක නොවුණත්, ඔහු වරින් වර සිය සාර්ථකත්වයන් වෙත ළඟා වුණා. 📈 🏏 පරිණතභාවය සහ ටෙස්ට් පිටියේ ස්ථාවරත්වය අනතුරුව අත්දැකීම් එක්ක පරිණත වූ තිරී, එවකට ටෙස්ට් පිටියේ සෑහෙන දියුණුවක් අත්කර ගත්තා. දිමුත් කරුණාරත්න සමග එක්ව ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔහු කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර දක්ෂතා ලබා දුන්නා. 🤝 📅 සමුගැනීම: 2023 ජූලි මාසයේදී. 🏏 අවසාන ටෙස්ට් තරගය: 2022 ඉන්දියාවට එරෙහිව. 📊 විශේෂ කඩඉමක්: 2021 අවුරුද්දේ ලෝකෙන්ම වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් 10 දෙනා අතරේ තිරිමාන්නත් හිටියා. ඒ අවුරුද්දේ දිමුත්ට පස්සේ ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන තිබුණේ ඔහුයි. එහෙම අවස්ථාවක තමයි තිරී සමුගන්නේ... නැහැ, ඇත්තටම සමුගන්න සැලැස්සුවා! ⚠️ 🤫 එදා මීඩියා වල ගිය කතාව සහ ඇත්ත තත්ත්වය ඒ දවස්වල මාධ්‍ය හරහා ප්‍රචාරය වුණේ වෙනස්ම කතාවක්. ඔය කාලේ තිරී තාත්තා කෙනෙක් වෙන නිසා, ඔහු ඒ සඳහා ඕස්ට්‍රේලියාවට යනවා. පිය පදවිය ලැබුණට පස්සේ දරුවා එක්ක වැඩිපුර කාලය ගත කරන්න අවශ්‍ය නිසා ක්‍රීඩාවෙන් සමුගන්නවා වගේ කතාවක් තමයි සමාජගත වුණේ. 👶✈️ හැබැයි ඔන්න තිරී මේ ළඟදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, ඔහුගේ සමුගැනීම ගැන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නවලට සෘජුවම උත්තර ලබා දුන්නා. 🎤 තිරී ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණයි. ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා අතර සිටිමින් තමන්ගේ හොඳම කාලයේයි ඔහු පසු වුණේ. ඔහු ඒ කාලයේ සමුගන්න කලින් අසාර්ථක වුණා නම්, අසාර්ථක වුණේ ඉන්දීය සංචාරය විතරයි. 📧 ඊමේල්වලට රිප්ලයි නෑ, කෝල් ආන්සර් කළෙත් නෑ! ඒ මාධ්‍ය සාකච්ඡාවේදී තිරී තමන්ට සිදුවූ දේ කෙලින්ම අනාවරණය කරනවා. ඒ 2022-23 වගේ කාලවකවානුව ගැනයි. ඒ කාලේ තිරී උතුම් වූ පිය පදවිය ලබනවා. ඒ සංවේදී කාරණය නිසාම ඔහුට ඒ කාලවකවානුවේ ඔහුගේ ආදරණීය බිරිඳ ළඟින් ඉන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔහු එම කාරණය ගැන කල් තියා, මාස කිහිපයකට පෙර අදාළ පාර්ශ්වයන් වෙත ඊ-මේල් (Email) පණිවිඩ මගින් දැනුම් දී තිබෙනවා. 📨 නමුත් ඒ කිසිදු පාර්ශ්වයකින් ඊට පිළිතුරු ලැබිලා නැහැ. ඒ වගේම ඔහු දුරකථනය මගින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එයත් සාර්ථක වෙලා නැහැ. 📞❌ අවසානයේ කිසිම පිළිතුරක් නොලැබීම නිසා ඔහු තම තීරණය ක්‍රියාත්මක කරනවා. ඔහු සිය බිරිඳ ළඟට ඒ අත්‍යාවශ්‍ය මොහොතේ යනවා. 🇦🇺 ඕස්ට්‍රේලියාවට ගිය පසු ලැබුණු අමුතු ඇමතුම! තිරී ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ දවස් දෙකකින් ඔහුට ලංකාවෙන් කෝල් එකක් එනවා. 📲 "කොහෙද ඉන්නේ.. කොහොමද ගියේ.. ඇයි කියන්නේ නැතුව ඔසි ගියේ.." වගේ ප්‍රශ්න වැලක් ඔහුගෙන් අහනවා. ඒවාට තිරී තමන්ගේ සාධාරණ හේතුව පැහැදිලි කරනවා. හැබැයි තිරී කියන විදිහට, එවකට හිටපු තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය ඒවා පිළිගෙන නැහැ. ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණේ තිරී ඕස්ට්‍රේලියාවට ගිය විදිහයි. 🤔 🎬 තිරය පිටුපස ක්‍රියාත්මක වූ නාට්‍යය මේ කතාව අහද්දී එක දෙයක් පැහැදිලි වෙනවා; මේවා සේරම තිරිව රිටයර් කරවන්න කරපු සැලසුම් සහගත නාට්‍යයක් බව. 🎭 මාස ගණනක් ඊ-මේල් වලට රිප්ලයි නොකරපු, කෝල් ආන්සර් නොකරපු අය, තිරී ඕස්ට්‍රේලියාවට ගිහින් දවස් දෙකකින් කෝල් කරනවා! එතැනින්ම තේරෙනවා එවකට තේරීම් කමිටුවට සහ එවකට ක්‍රිකට් ආයතනයට වුවමනා වෙලා තිබුණේ තිරීව ක්‍රීඩාවෙන් සමුගන්වන්න (Retire කරවන්න) කියලා. 🛑 එතැනින් පස්සේ මේ ගැටලුවත් එක්ක, තමන්ට දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි කරමින් තමන්ව රිටයර් කරවන්න හදනවා කියලා තිරීට තේරුම් යනවා. ඒ නිසාම ඔහු 2023 දී නීත්‍යනුකූලව ජාත්‍යන්තර ක්‍රිකට්වලින් සමුගන්නවා.📝 🏏 වර්තමානය සහ අහිමි වීම දැන් තිරී ඕස්ට්‍රේලියාවේ තමන්ගේ පාඩුවේ පුහුණුකරුවෙක් (Coach) ලෙස අලුත් ගමනක් පටන් අරන් නිදහසේ කාලය ගත කරනවා. 🇦🇺🏏 හැබැයි එදා හිටපු තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ හිටපු පාලකයින් නිසා, අපේ රටට විශාල සේවයක් කළ, තවත් වසර කිහිපයක් ලොකු සේවයක් ගන්න තිබුණු ජේෂ්ඨ ක්‍රිකට් තරුවක් වේලාසනින්ම අපිට අහිමි වෙලා යනවා. 💔🇱🇰 ✍️ | Rishie Bro - copied #Lahiruthirimanna#imashxeditz

IMASH x EDITZ 🇱🇰
IMASH x EDITZ 🇱🇰
Open In TikTok:
Region: LK
Thursday 21 May 2026 03:15:01 GMT
54942
6488
53
81

Music

Download

Comments

__thathz__
__thathz__ :
Sanga‘s shadow 🫡
2026-05-21 11:59:53
68
ashenju_11
Ashen_Perera :
One day, ටෙස්ට් හොදට ඉද්දි t20 දැම්මා නිකං නැතිකරා නැත්තන් ලස්සන ගමනක් තිබ්බ එකා තිරි ❤️
2026-05-23 03:37:00
7
46asanka
♠️♠️🔥 Asanka🔥♠️♠️ :
අපිට නැති උන වැඩ්ඩෙක් 😞
2026-05-21 09:09:20
40
lathikairanga0
@laThi 🇱🇰 :
One day hdt play kra kiyla Ekprtm Format 3nma gassala Meyge career ekm winasa kla 🥹 Atta T20 semi ek dinewwa eth T20 ghnn gtt dwse idn thm career eke pahalat enn gttee meya 😔
2026-05-21 09:52:53
13
ushithamadushan
ushithamadushan :
පොර එක tour එකක් යන්න බෑ කියනවා ඒ tour එකේ තමයි පැතුම්වද කොහේද open එවන්නේ
2026-06-18 09:56:36
1
osanda_thakshana_
Ðêvåå 😎🖤 :
කාටත් වඩා ලස්සනටම cover drive එක ගහපු පොර😢😢
2026-05-24 13:20:18
2
ravi430hari
[RK] 430 :
චන්දි මැතිව්ස් තිරී KJP ❤️
2026-05-22 15:27:30
7
pathum5820
𝓒𝓻𝓾𝓼𝓱💐💘 :
kjp❤️🥺
2026-07-05 10:17:08
0
upul.priyantha.he
Upul Priyantha Hettiarachchi :
Me ekkenekwath Nam kiayanne nahane
2026-05-21 14:49:31
2
rifkhan667788
Rifkhan Mursi :
Under rated player
2026-05-22 10:21:02
6
tathsilu_athukorala
Tathsilu Athukorala :
one of fav batsman ✨️
2026-05-23 07:05:03
2
supun1371
SuPuN 🫀 :
කාලයක් ලංකාවේ ලස්සනම සහ තාක්ෂණය උපරිමයෙන් තිබ්බ කඩවසම්ම ක්‍රීඩකයා 😌🥰
2026-06-05 14:44:38
1
uddee_sam
Uddeepana :
Ruined by politics 💔
2026-06-09 15:56:38
0
jbsl1994
JB :
I still remember thet way you batted 2014 asia cup and 2015 world cup match against england ❤️🥰 we miss you thiri
2026-05-22 15:10:52
2
sadun.sanjaya09
ČLICK A WÖRLD 🍃 :
Nihathamani waddek 😓🥹
2026-05-21 17:22:38
0
maneeka._
manuja._ :
Proud Cambrians❤️
2026-05-21 12:05:33
8
sandeepamadusanka6
SANDEEPA 💫🖤 :
super batsman 🖤
2026-05-23 07:31:32
1
akilamadusanaka
Akila madusanaka :
hitapu supiri charithayak 🥰🙏
2026-05-22 11:11:33
1
kaveesha.shehan933
kaveesha shehan :
aparade
2026-07-01 16:18:36
0
shyahan_96
Shyahan_96 :
One of Favorite player ❤️
2026-05-23 18:48:30
0
shehaa1
shehaa 1 :
අඩෝ sangage ples eka ගගහා හිටපු වමතා,මහේලගේ ples eke hitapu දකුනා චන්දි 😥
2026-05-23 05:15:32
5
fahim26moh
The Roxy :
සංගගේ රිප්ලේස් එකට හිටපු හොදම එකා
2026-05-21 09:45:26
29
kaniii_23
Kanishka prabath 🏏 :
සංගා වෙනුවෙන් හදපු තුරුම්පුව ❤️‍🩹
2026-05-21 09:57:19
20
navidu12389
navidu :
2015 ඉදන් දැනෙන්න දෙයක් කරෙ නැ
2026-05-21 09:36:17
9
kalindu.editz_07
𝐊𝐀𝐋𝐈𝐍𝐃𝐔 𝐱 𝐀𝐌 💗 :
🥺💗
2026-05-21 03:24:47
3
To see more videos from user @imashhirushan2, please go to the Tikwm homepage.

Other Videos


About