@sachinthaka0419: "මිනිය වහන්න කලින්, මිසිලින් ආච්චි තෝමස් සීයගේ මිනිය දිහා බැලුවා.. බලලා මව්ශාලාවෙ මනුස්සයට මෙහෙම කිව්වා.. " පල්ලියේ පූජාව අද තියෙන්නෙ 6.30 ටනෙ. පරක්කු උනොත් ෆාදර් බනින එකක් නෑනෙ. තව පොඩි වෙලාවක් තෝමස්ව මෙහෙම තියන්න පුලුවන්ද?" කියලා.. මර්ශාලාවෙ ඇලෙක්ස් අංකල්ටත් කරකියාගන්න දෙයක් නෑ මිසිලින් ආච්චිගෙ කදුළු නැති ඇස් කතා කරනවා දැනුනා. ඇලෙක්ස් – " මිසිලින් නැන්දෙ මටත් කරන්න දෙයක් නෑනෙ මිනිය උස්සන්නවත් කෙනෙක් නෑනෙ. ෆාදර් තමා පල්ලියෙන් එන්නෙත් මිනියෙ වැඩ වලට.ෆාදර් බනින එකක් නෑ ඔයා තව විනාඩි 20 ක් විතර ඉන්න. එහෙනම් ඊටපස්සෙ මිනිය වහමු එහෙම හොදයි නේද ?" කියලා කිව්වා. "හා එහෙම හොදයි " කියපු මිසිලින් ආච්චි තෝමස් සීයගේ මිනිය ලග හිටගෙන සීයගේ ඔලුව අල්ලලා මෙහෙම කිව්වා. "ඔයා ඉස්සර බයිසිකලෙ මාව බලන්න ගෙවල් ලගට ආවා මතකද? ඒ බයිසිකලෙ පිටිපස්සෙ හේත්තු කරලා දැන් අවුරුදු 20 කට වැඩියි. ඒක හොදටම දිරලා දැන්. කන්න නැතිව දවස් ගනන් ඉන්නකොට ෆාදර් ඇවිල්ලා කෑම දීලා ගියා මතකද? "අන්තීමට හදපු පරිප්පු එකයි කරෝල ටිකයි තාම කුස්සියේ ලිප උඩ." නත්තලට අදින්න අපි දෙන්නා ගත්ත ඇඳුම් වලින් ඇන්ඳුවේ මම සූදු සරමයි කමිසෙයි, ඔයාගෙ මිනියට.. මිනියටත් සල්ලි දුන්නේ පල්ලියෙ ෆාදර්. ඒක කියන්න ඔයා නෑනෙ එතකොට. මතක් වෙන්න තිබ්බ අපේ එකම එක පොටො එකත් වේයො කාලා දැන් අවුරුදු 5 ක් විතර. ළමයෙක්වත් දෙයියො දුන්නේ නැති අපි දෙන්නට ආදරේ නැති වෙයි කියලා හිතිලා වෙන්න ඇති දෙයියොන්ට. හැමදාම හවස 6 ට ඔරසම් කියනකොට කෑස්ස ආව මතකද? ඔයා තමා වතුර දුන්නේ මට බැන බැන, අනේ ඉතිං යන්න නේද හදන්නේ.. අන්තිම පාරට මූන බලන්නේ, වෙන පොටො එකක්වත් මගෙ ලග නැති කොට.. පරිස්සමෙන් යන්න එහෙනම් මමත් එන්නම් විජහට. 🥺❤️🩹
"ֆǟƈɦɨʏǟ..🐾🌿
Region: LK
Saturday 23 May 2026 06:41:32 GMT
Music
Download
Comments
THARIDU 🌕 :
ඇත්තටම කියපල්ලා අපි මේ ඇත්තටමද ආදරේ කරන්නේ
2026-05-23 15:44:50
428
Samadhi wijenayaka Shalika :
ඒක කියවද්දී මට නම් ඇඩුනා
2026-05-23 14:36:42
389
---💚SHENU💚-- :
මේවා තමයි ඇත්තම ආදර කතා..🥺දැන් කාලෙ තියෙන්නෙම රැවටීම් විතරයි..
2026-05-23 16:50:45
87
♡☂09.02☂♡ :
අනේ මට විතරද කියවද්දී ඇඩුනේ...🥺🥀එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්න ඔනේ දෙයියනේ..🥺❤️💐
2026-05-23 17:13:37
29
Anjalika_2000 :
"ලමයෙක්වත් දෙයියො දුන්නේ නැති අපි දෙන්නට ආදරේ නැති වෙයි කියලා හිතලා වෙන්න ඇති.."අනේ ඒ වචන..🥺❤️🩹
2026-05-24 01:59:11
41
𝘁**𝗷𝗮𝗻𝘂𝘂**𝗯245💕 :
ඒක කියවද්දී මට ඇඩුණා නේ 🥺🥺
ආදරය කියන්නේ ඒකට ❤️
2026-05-23 16:54:42
36
🖇️Sandu 💐☺ :
"ලමයෙක්වත් දෙයියො දුන්නේ නැති අපි දෙන්නට ආදරේ නැති වෙයි කියලා හිතලා වෙන්න ඇති.."අනේ ඒ වචන..🥺💟🫂
2026-05-24 02:44:58
17
ShabiNmark :
මේ ලෝකෙට අපි ඉපදුනු එකත් දුකක් සමුගැනීම ඊටත් වඩා දුකක්. 😔
2026-05-23 17:10:35
18
Thara🐥🤍✨ :
අපි මොනවද බන් දන්නේ ආදරේ ගැන බලන් ගියාම.. ඇඩුනා සිරාවට මේක දැකලා..🥺 මාත් එන්නම් විජහට... ඒක සෑහෙන්න හිතට දැනුනා... 🥹❤️
2026-05-23 19:14:15
23
HS 💗✨ :
ඇත්තටම ආදරේ කියන්නේ මේකට 🥺❤️🩹 මේ වගේ ආවසානයකට කවදා හරි අපිටත් මූන දෙන්න වෙනවා කියලා හිතෙද්දි,හිතට කියාගන්න බැරි වේදනාවක් එනවා 🥺
2026-05-23 19:17:28
13
kaushalya :
ammoh🥺🥺🥺😓😓
2026-05-24 00:16:28
1
Shani 🌻 :
දෙයියනේ 🥺💔
2026-05-23 13:56:11
12
rishu😘❤️💫 :
ඒක තමා ඇත්ත ආදරෙ 🙂❤️🩹
2026-05-23 16:10:26
11
Teddy girl🧸✨ :
අවංක ආදරේ කියන්නෙ මේකට.කියවද්දි ඇඩුනා🥺❤️🩹
2026-05-23 17:08:32
7
Tharu girl 🤍🥀👀 :
අපි මොනාද ආදරේ ගැන දන්නෙ.🥺💔
2026-05-23 16:24:55
6
Milindu_Yehan_03 :
මේවා තමයි ඇත්තම ආදර කතා..🥺❤️🥰
2026-05-23 17:29:28
5
Dulakshi Vong :
තමන්ගේ කෙනෙක් නැති වෙන්නම ඕනේ මේ ලෝකේ බැදීම් කියන්නෙ මොනවාද ,අපි ඇත්තටම ආදරේ කරල තියෙන්නෙ මොනවටද කියන්න.හැමදාම ලගින් ඉන්නකම් ඒකේ වටිනාකම තේරෙන් නැ.ඒකයි හැටි.😔🥺❤️
2026-05-23 17:20:13
7
꧁࿇🇱🇰🧚♥Boͥniͣkͫki♥🧚🇲🇻࿇꧂ :
ආදරණීය මිනිස්සු🥺🥺
2026-05-23 14:34:57
6
(Gaga)Gagani Uwanthika peiris :
🥺😭🙏🌹😘aneee
2026-05-23 17:38:48
1
⋆. 𐙚𝐁⋆.ᥫ᭡🦋👠⋆. :
Aneh🥺💔
2026-05-23 17:18:15
1
❤️isha@sani❤️ :
අනේ.🥹🥹🥹🥹🥹🥹🥹
2026-05-23 16:56:47
1
Nilakshi Rebeca :
Aneee 😭
2026-05-23 17:14:42
1
𝐌𝐨𝐧𝐮🪼〽️ :
අනේ 💔🥺😭
2026-05-23 17:18:51
1
R 🐼 :
අනේ 🥺❤️❤️
2026-05-23 16:28:09
1
🙂 :
anne😔
2026-05-23 16:21:31
2
To see more videos from user @sachinthaka0419, please go to the Tikwm
homepage.