@nihada.arana: 🧘🏿‍♂️🔥 මාර දිව්‍ය පුත්‍රයා ගැන මම කියාගෙන ආපු කතාවේ අද අන්තිම කොටස 🔥🧘🏿‍♂️👇👇 🩸බුදුධහමේ තියෙනවා දේවාසුරසංග්‍රාමය. ඒත් මේ සිදුවීම් දෙකත් එකිනෙක සමාන වෙන්නෙ නම් නැ. මම එ සිදුවිමත් පහලින් තියන්නම්. 🧘🏿‍♂️🔥 " ශක්‍රයා මගධ රට මචල ගමේ මඝ නම් මානවකයා වී පුරුෂයන් තිස් තුන් දෙනෙකු ගෙන යහපත් වැඩ කරන්නේ සප්ත ව්‍රත පද පුරා එහි කාලක්‍රියා කළේ දෙව්ලොව උපන්නේ ය. ඒ බලවත් කර්මානුභාවයෙන් සෙසු දේවතාවෝ දස කරුණකින් විශිෂ්ටත්වයට පත් වූ පිරිස සහිත ඔහු දැක ආගන්තුක දේවපුත්‍රයෝ පැමිණියෝ යි නේවාසිකයෝ ගණ්ඩපාණය සූදානම් කළහ. ශක්‍රයා සිය පිරිසට සංඥාවක් දුන්නේ ය. “පින්වත්නි, ගණ්ඩපාණය නො බොන්න. බොන ආකාරය පමණක් දක්වන්න. ඔවුහු එසේ කළාහු ය. දේවතාවෝ රන් ඔඩම්වලින් ගෙන්වන ලද ගණ්ඩපාණය ඇති තාක් පානය කොට, මත් වූවෝ, ඒ ඒ තැන රන් පොළවෙහි වැටී නිදන්ට වූහ. ශක්‍රයා ‘පුතා විසින් නසන ලද තැනැත්තියගේ දරුවන් ගනිවු” යි ඔවුන් පාවලින් ගෙන මහාමේරු පාමුලට විසි කරවී ය. ශක්‍රයාගේ පුණ්‍ය තේජසින් ඔවුන්ගෙන් පැවතෙන සියලු දෙනා ද එහි ම වැටුනාහ. ඔවුහු මහමෙර මැද කල්හි සිහිය ලැබ, පියවරුනි, (අපි) සුරා පානය නො කළෙමු යි කීහ. එතැන් පටන් ‘අසුර’ යි නම් ලැබූහ. ඉක්බිති ඔවුනට මහමෙරෙහි පහළ ම තලයෙහි කර්ම ප්‍රත්‍යය සෘතු සමුට්ඨාන සහිත දස දහසක් යොදුනැති අසුර භවන පහළ විණි. ශක්‍රයා ඔවුන් ආපසු හරවා යවා (යළි) නො ඒම පිණිස ආරක්ෂාව තැබී ය🩸 🧘🏿‍♂️🔥 මේ දේවාසුරසංග්‍රාමයට සමාන සිදුවිම් හින්දු ධර්මයේ පුරාණ ග්‍රන්ථ වල එන සුර අසුර ගැටුම් වගේම ග්‍රීක මිත්‍යාකතාවල එන දෙවියන් සහ ටයිටන් යුද්ධයත් ටිකක් සමාන වුනත් බුද්ධ ධර්මයේ එන දේවාසුරසංග්‍රාමයට අතිශයෙන් සමානයි කියන්න බැ. මොකද බුදු ධහමේ එන සුර අසුර සංග්‍රාම කියන්නෙ ප්‍රාණඝාතය නොවන සංග්‍රාමයක්🩸 🩸ඊලගට අපි යමු ඊලගට පටලව ගන්න රීපර්ලා ගැන 👇👇 🧘🏿‍♂️🔥 බටහිර මිත්‍යා විශ්වස වලට අනුව මරණයෙන් පසු අපේ ඇගෙන් පිටවෙන ආත්මයට මග පෙන්වන්නෙ රීපර්ලා නැත්තන් සරලව මරණයේ දූතයා තමයි රීපර්. සමහර බෞද්ධයොත් මේ සංකල්පය දිව්‍ය පුත්‍ර මාරයට සහ මෘත්‍යු මාරයට පටලව ගන්නව. මෘත්‍යු මාරයා කියන්නෙම නියාමයන්ට අනුකූලව වන ස්වාභාවික මරණය🩸 🧘🏿‍♂️🔥 බුදු ධහම ශරීරය තුල පවතින ස්ථිර ආත්මයක් හෝ යම්කිසි රූපි හෝ අරූපි දෙයක් ගැන විශ්වාසය එකහෙලාම ප්‍රතික්ශේප කරනවා. ඒ වගේම මරණින් මතු ශරීරයේ සිට තවත් ස්ථානයට ගමන් කරන දෙයක් හෝ සත් දවසක් තුන් මසක් පවතිනවා කියන අන්තරාභවයත් එක හෙලාම ප්‍රතික්ශේප කරන්වා🩸 🧘🏿‍♂️🔥 එතකොට ඇත්තටම මරණින් මත්තෙ ශරිරයෙන් එලියට එන හෝ ඉවත්වෙලා ඊලහ උපතකට ගමන් කරන හෝ දෙයක් නැති නම් මරණයේ දූතයෙක් මොකටද❓ 🧘🏿‍♂️🔥 මරණාසන්නවිථියෙදි අවසාන පහලවෙන ගති නිමිති , කර්ම නිමිති ආදිය අනුව චුති සිත යම් භවයකට නැමිලා පහල වෙලා නිරුද්ධ වෙනවද ඒ නිරුද්ධ වෙන ක්ෂණයෙන් අනනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා ප්‍රතිසන්දි සිත පහල වෙනවා. මේක තත්පරයකට වඩා අඩු කාලයක් ඇතුලේ වෙන්නේ🩸 🩸ඉතින් ඕක තමයි මාර දිව්‍ය පුත්‍රයා ගැන මම කියන්න ආපු කතාව.. 👇👇 🧘🏿‍♂️🔥 මම කිව්වනෙ මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ බොහොවිට දස පාරමිතා උත්කෘෂ්ටයෙන් පුරපු කෙනෙක් කියලා. ඉතින් ඒකට හොදම උදාහරණය තමයි මේ පෘතුවියේ ප්‍රථමයෙන්ම පහල වුන භාග්‍යවතුන් වහන්සේ වන කකුසඳ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ දරමාන කාලයේ ඉදපු මාරයා ( දුසී මාරයා ) තමයි අපේ අග්‍රශ්‍රාවක මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ🩸 🧘🏿‍♂️🔥 මාර භවයෙදි පවතින අධික පංච කාමය එක්ක ඇතිවෙන මෝහය කොච්චර ප්‍රබලද කියනවනම් අපගේ මහා මොග්ගල්ලනයන් වහන්සේ දූසී මාරයාව කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක විදුර මහ රහතන් වහන්සේ සිරසට පහර දෙනවා. මේ නිසා නිරයාගාමි වෙන්නත් වෙනවා🩸 🧘🏿‍♂️🔥 පහුගිය කාලෙ සමහර කට්ටියක් මාරයට පින් අනුමෝදන් කර කර මාරයෙන් උදව් අරන් නිවන් දකින්නය වෙනම මිත්‍යාදෘෂ්ටියක ඉදපු සීන් එකකුත් තිබ්බා. ඒක නම් එක්තරා විදියක සීලබ්බත පරාමාසයක් කියලා තමයි මට නම් හිතෙන්නේ🩸 🧘🏿‍♂️🔥 මාර දිව්‍ය පුත්‍රයට පුද පූජා තිබ්බත් පින් දුන්නත් යාග හෝම කලත් මාර දිව්‍ය පුත්‍රයාගේ දිවසට අහුවෙන්නේ සාමාන්‍ය අපි වගේ පෘතග්ජන අය නෙවෙයි. මාර වසඟයෙහි ඉන්න අපි මොන ආතභූතයක් කරත් මාරයට දැනෙන්නෙ නැ. ඒත් පෘතග්ජනයෙක් මාරයාගේ බැමි කඩන් සීමාවෙන් පිට පැනලා ලෝකෝත්තර බාවයට පත් වෙන්න උත්සහ කරනවනම් අන්න එතකොට නම් මාරයාගේ දිවැසට ඔයාව අහුවෙනවා🩸 🧘🏿‍♂️🔥 ඉතින් මාර වසඟයෙන් මිදෙන්න.. පංච මාරයන් පරාජය කරන්න අදම මාරයගේ නැයෙක් නොවි අප්‍රමාදි වෙන්න 🔥🧘🏿‍♂️ 🩸[ මාරතජ්ජනීය සූත්‍රය - මජ්ඣිම නිකාය මූල ,මූලපණ්ණාසකය ]🩸 🩸[ සුවීර සූත්‍ර වර්ණණා - සංයුක්ත නිකාය අටුවාව, සක්ක සංයුක්තය ]🩸 #creatorsearchinsights #srilankan_tik_tok🇱🇰 #foryoupage❤️❤️ #foryou #mara

nihada arana🧎🏻‍♂️‍➡️🙏
nihada arana🧎🏻‍♂️‍➡️🙏
Open In TikTok:
Region: LK
Sunday 24 May 2026 16:14:58 GMT
3038
178
8
8

Music

Download

Comments

akila.r25
Akila Rupasinghe :
nice
2026-06-22 16:42:54
0
dayout_diary
Madushani :
🙏🙏
2026-05-24 17:40:11
1
ptgamage
robin :
🙏
2026-06-01 14:18:54
0
nisha.liyanage
Nisha Liyanage :
🙏🙏🙏
2026-05-27 05:46:01
0
i.d.chinthaka
I.D Chinthaka :
☸️🙏🙏🙏☸️
2026-05-25 08:39:19
0
lahirulochana7
Lahiru kuruppu ✅🇬🇧🇱🇰 :
🙏🙏🙏
2026-06-23 18:10:37
0
To see more videos from user @nihada.arana, please go to the Tikwm homepage.

Other Videos


About